මියන්මාර පාර්ලිමේන්තුව ඊයේ (23) රැස්වූ අතර පසුගියදා පැවැති අතුරු මැතිවරණයෙන් ජය ගත් එරට විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී සහ ඇගේ ප්රජාතන්ත්රවාදී පක්ෂ මන්තී‍්‍රවරු එය වර්ජනය කළහ. සූ කී සහ ඇගේ ප්රජාතන්ත්රවාදී පක්ෂ මන්තී‍්‍රවරු පවසා ඇත්තේ හමුදා පාලකයන්ගේ රූකඩයක් වූ මියන්මාර සිවිල් රජය යටතේ කටයුතු කිරීමට තමන් කිසිසේත් සූදානම් නැති බවය. වසර 20 කට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ සිට නිදහස ලැබීමෙන් පසු සූ කී සහ මියන්මාර සිවිල් රජය අතරේ ගැටුමක් ආරම්භ වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මියන්මාරයේ හමුදා පාලනය අවසන් වූයේ 2010 වසරේ පැවැත්වුණු මහ මැතිවරණයෙන් පසුවය. එම මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ ද හමුදා පාලකයන්ට හිතවාදී දේශපාලන පක්ෂය. කෙසේ නමුත් එම පක්ෂ එක්වී පිහිටුවූ සිවිල් රජය නව දේශපාලන ප්‍රතිසංස්කරණ ද හඳුන්වා දුන් අතර ඒවා විදේසවල ප්‍රශංසාවට ද ලක් විය. අවුන් සාන් සූ කී ඉදිරිපත් වී ජයග්‍රහණය කළ අතුරු මැතිවරණය පැවැත්වුණේ ද එම දේශපාලන ප්‍රතිසංස්කරණ යටතේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සූ කී පාර්ලිමේන්තුව වර්ජනය කරයි