නිවසේ සිට රූපවාහිනියෙන් ක්‍රීඩා කරමින් සිටිය ද ක්‍රීඩාවක යෙදී සිටිය ද මිනිසකුගේ හෘද ස්ඵන්ධනය හා හුස්ම ගැනීමේ වේගය එකසේ වැඩිවන බටහිර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සරසවියේ කරන ලද පරීක්ෂණයකින් තහවුරු කැරගෙන ඇත. පසුව එම දර්ශන බැලීම නැවැත්වීමෙන් පසු යළි හෘද ස්ඵන්ධනය හා හුස්ම ගැනිමේ වේගය සාමාන්‍ය තත්ත්වයට පත්වන බව ද එම පර්යේෂණ වාර්තාව පෙන්වාදෙයි.
පර්යේෂකයන් පවසන්නේ ශාරීරික ක්‍රියාකාරකම් නරඹන අවස්ථාවේදි ඔවුන්ගේ ස්නායු ක්‍රියාකාරීත්වය ද ඉහළ යන බවයි. ක්‍රීඩා නරඹන විට ස්නායු පද්ධතිය උත්තේජනයවී එමගින් රසනහර, රුධිර වාහිනී සහ අනෙක් පටක ක්‍රියාකාරීත්වය ද ක්‍රීඩාවක යෙදෙන පුද්ගලයකුගේ මෙන් සිදුවන බව පර්යේෂණ කණ්ඩායමේ නායකත්වය දැරූ මහාචාර්ය වුනන් මෙස්පිල්ඩ් කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
'' මේ හේතුවෙන් ක්‍රීඩා තරගයක් නරඹන අවස්ථාවක දී මිනිසුන්ගේ සිරුරේ ඇති විඩාව හා මානසික ආතතිය නැතිවනවා. එය සැබැවින්ම පුදුම සහගතයි. පරිගණක තිරයේ නිශ්චල ප්‍රතිබිම්භයක් දර්ශන වීමට සළස්වා නරඹන්නාගේ ස්නායු වල ක්‍රියාකාරීත්වය මැන බැලුවා. පසුව අධික වේගයෙන් දිව යන පුද්ගලයකුගේ වීඩියෝවක් නරඹන්නට සළස්වා ඔහුගේ ස්නායුවල ක්‍රියාකාරීත්වය නැවත මැන බැලුවා. මෙහිදී අපට පැහැදිලිව පෙනී ගියා වේගයෙන් ධාවනය වන අවස්ථාවේදී නරඹන්නාගේ හෘද ස්ඵන්ධනය හා හුස්ම ගැනීමේ වේගය වැඩිවන බව. "
පර්යේෂකයන් පවසන්නේ තම පරීක්ෂණය සදහා යොදාගත් ස්වේච්ඡා සේවකයා ඉදගෙන නිශ්චලව සිටියදී මේ පරීක්ෂණය සිදුකළ බවයි. ඒ අනුව මෙය මනසින් සිදුවන උත්තේජනයක් බවත් ශරිරයෙන් එයට උත්තේජනයක් නොලැබෙන බවත් පර්යේෂකයන් තහවුරු කැරගෙන ඇත.
ආචාර්ය රිචඩ් බවුන් පවසන්නේ මෙය ශෘගාරාත්මක හැගීම් ඇතිවන විට සිදුවන උත්තේජනයක් මෙන් සිදුවන ස්නායු උත්තේජනයක් බවයි. අනුන්ගේ ක්‍රීඩා නරඹා තමන්ගේ ශාරීරික යෝග්‍යතාව ඇතිකරගත හැකි වුවත් තමන් ක්‍රීඩාගාරයට යාම අත්නොහැරිය යුතු බව ද පර්යේෂකයෝ කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සෙල්ලම් නොකළත් කළා වගේ
ගුණේ Wednesday, 27 November 2013 08:39 PM
මෙයින් සිදුවන්නේ හදවත් රෝගීන් වැඩිවීමයි. තම මාංස පේසි ක්‍රියා කාරිත්වයක් සිදු නොවී ශරීරයේ කොලස්ටරෝල් ඉහල යෑමයි.(නදී)
දයා අලහකෝන් Thursday, 28 November 2013 12:19 PM
වෙන වෙන දේවලුත් බැලුවම ඔය කියන විදිය වගේම තමයි. (ස)
නිමල් Thursday, 28 November 2013 12:46 PM
මේක පුදුම වෙන්න දෙයකුත් නෙවීයි, ටිවී එකේ රස කෑමක් දැක්කම කටට කෙල උනනවා. වෙන දෙයක් දැක්කම තව තව දේවල් වෙනවා වගේ මේකත් එහෙම වෙන දෙයක්. (ස)
පිටබැද්දර ජයා Thursday, 28 November 2013 05:01 PM
නිමල් , ඔය වෙන වෙන දේවල් බලද්දී මටත් ඔය වගේම වෙලා තියෙනවා (නදී)
චින්තක Thursday, 28 November 2013 05:55 PM
අයියෝ ඕක ඔයගොල්ල හොයා ගත්තේ දැන්ද ? අපි නම් එදා ඉඳල දන්නවා . සනත් ජයසුරිය පිටියට ඇවිල්ල බැට් එකෙන් පිච් එකට තට්ටු කරන්න පටන් ගන්නකොටම අපේ හාට් බීට් එක සීය පනිනවා. එහෙම නැත්නම් අපේ මාලිංගය කෙස් වල්ල හොල්ල හොල්ල දුවගෙන එන අඩියක් ගානේ හාට් බීට් එක නගිනවා. (නදී)