අයර්ලන්තයේ කවුන්ටිකෝර්ක් හි ජොනතන් නම් 22 හැවිරිදි තරුණයකු අවුරුදු නමයක් වයසැති තම නිවුන් සොහොයුරන් දෙදනො මරා දමා සියදිවි නසාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටොමී හා පැට්‍රික් නමැති සිය සොහොයුරන් දෙදෙනා ඝාතනය කැර ඇත්තේ පිහියකින් ඇණීමෙනි. මේ ඝාතනය සිදුවන අව්සථාවේ මවත් පියාත් සාප්පු සවාරියක් සඳහා නිවසින් බැරට ගොස් සිටියහ.
රාත්‍රී කාලයේ දරුවන් දෙදෙනාගේ විලාපය ඇසී අසල්වැසියන් පැමිණෙන විට නිවස ඉදිරිපිට තිබූ කාරයක් වේගයෙන් නික්ම ගොස් ඇත. පොලිසිය පවසා ඇත්තේ දරුවන් දෙදෙනාගේ සිරුරු වෙන වෙන ම නිදන කාමර දෙකක තිබූ බවයි. පැයකට පමණ පසු කාරය ආසන්න ප්‍රදේශයක තිබී සොයාගෙන ඇත. ජොනතන්ගේ සිරුර කාරය අසළ තිබිණි.
පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ ජොනතන් වෙනත් මා පිය යුවළකගේ දරුවකු බවයි. ඔහු දරුකමට හදාගෙන ඇති බවත් ඉන් පසු නිවුන් සොහොයුරන් දෙදෙනා උපත ලබා ඇති බවත් පොලිසිය කියයි. ජොනතන් තමා මෙතෙක් මව පියා ලෙස සැළකුවේ තමන්ගේ නියම මවට සහ පියාට නොවේ යැයි දැනගෙන ඇත්තේ ඝාතනය සිදුවූ රාත්‍රියේ ය. මේ ඝාතනයට හේතුව ඒ රහස හෙළි වීම යැයි ද පොලිසිය සැක කරයි.
වයස අවුරුදු පහක් හා තුනක් වයසැති තවත් දරුවන් දෙදෙනකු මේ ඝාතනය සිදුවන අවස්ථාවේ එළියේ සෙල්ලම් කරමින් සිට ඇත. ඔවුන් දෙදෙනා නිවසට පැමිණ බලන විට සිය සොහොයුරන්ගේ සිරුර දැක තිබේ. පරීක්ෂණ පවත්වන නිලධාරීන් පවසන්නේ මෙය තම ජීවිතයේ දුටු භයානකම සිද්ධියක් බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සොහොයුරා නිවුන් සොහොයුරෝ මරති
ගාමිණී - සිරිවර්දන Saturday, 06 September 2014 02:29 PM
මේ රහස කවදා හෝ හෙළිවෙනවා.එවිට ඔහු/ඇය හැදු මවට වඩා උනන්දු වන්නේ වැදූ මව ගැන සෙවීමයි. කීදෙනෙක් ලංකාවේ මව්වරුන් පුවත්පත් වලින් සෙව්වාද? ලේ නෑයෙකුගේ දරුවෙක් හදාගැනීම තමා හොඳම ක්‍රමය (නි)