අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ට පිං අනුමෝදන් කොට මල් පහන් පූජාවක් පැරීසියේ ඵෙතිහාසික රිපබ්ලික් නිදහස් චතුරශ්‍රයේ දි ශ්‍රීලාංකික සිංහල දෙමළ, මුස්ලිම්, ජනතාවගේ සහභාගිත්වයෙන් 11 වෙනි බදාදා සවස සිදුවුයේය.
පැරීසියේ වෙසෙන ශ්‍රීලාංකිකයෝ විශාල ප්‍රමාණයක් එක්ව සිටි මෙම පිංකමට පැරීසියේ සමාධි විහාරාධිපති පූජ්‍ය තලංගල්ලේ සුමංගල හිමි, කිරින්දේ ධම්මාලෝක හිමි, ඇමෙරිකාවේ නෙවාඩා බෞද්ධ විහාරවාසී තවලම සරණ හිමි, හිගුරක්ගොඩ අධ්‍යාපන කොට්ඨාශයේ අධ්‍යාපන අධ්‍යක්ෂක ගිරිතලේ සිරිසුජාත හිමි, උපාධ්ය නිමන්ත පීරිස් පියතුමා, මොහොමඞ් නවාස් අබ්දුල් අසීස් මුස්ලිම් පූජක තුමා, ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති තිලක් රණවිරාජා මහතා ඇතුළු තානාපති කාර්යය මණ්ඩලය සහභාගීව සිටියහ.
පැරීසියේ ඵෙතිහාසික සුප්‍රසිද්ධ ස්ථානයක භික්ෂූණ් වහන්සේ කෙනෙකු වෙනුවෙන් මෙවැනි පිංකමක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
යහපාලනය උදෙසා පෙරමුණ ගත් ප්‍රථම විදේශීය සංවිධානයවූ පැරිස් එකමුතුව මෙම පිංකම සංවිධානය කළේය.
පැරිස් සමාධි බෞද්ධ විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියයෝ පැමිණි පිරිස් පංච ශීලයේ පිහිටුවා පිංකම ආරම්භ කළහ.
මුළු මහත් ශ්‍රීලාංකේය ජාතියම සසලව සිටින මේ අතිශය අනුවේදනීය හැඟුම් බර මොහොතේ සෝභිත නාහිමියන්ගේ සියළු ශිෂ්‍ය පුත්‍රයින් වහන්සේලාටත් කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථාදායක කාරකාදී පින්වතුන්ටත්, ශ්‍රීලංකා රජයටත්, සමස්ත රටවැසි ශ්රීලාංකිකයන්ටත්, සාතිශ්‍යය සංවේගය මෙයින් ප්‍රකාශ කරන බව , ගරු මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ නිවන් දකින්නට පෙර නැවත එක් වරක් හෝ අප මාතෘ භූමියේම ඉපදේවා යනුවෙන් පිං අණුමෝදනා දේශනය ආරම්භ කරමින් ප්‍රංශයේ කිරින්දේ ධම්මාලෝක හිමියන් පැවසූහ.
දෙමළ ජනතාව හා දෙමළ සංවිධාන වෙනුවෙන් සරවනා සුබ්‍රමනියම් මහතාද මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් මොහොමඞ් නවාස් අබ්දුල් අසීස් මුස්ලිම් පූජක තුමාද ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති තිලක් රණවිරාජා මහතා හා වෙනත් ශ්රීලාංකිකයන්ද කතා පැවැත්වූහ.
සියලූ ජාතීන් එකමුතුව ශ්‍රීලාංකිකයන් ලෙස පැවැත්වූ මෙම පිංකමට සහභාගි වීමට ලැබීම ගැන සතුටු වන බව ප්‍රකාශ කළ රණවිරාජා මහතා පැරිස් එකමුතුවට ස්තුති කළේය.
මතක වස්ත්‍ර පුජා කිරීම හා පැන් වැඞීම තානාපති තුමා සහ පැරිස් එකමුතුවේ කැඳවුම්කරු පුෂ්පසිරි ද අල්විස් මහතා ඇතුළු ප්‍රධානීහු සිදුකළහ. පැමිණි පිරිස් පහන් දල්වා මලින් පුදා සෝභිත හිමිපාණන්ට උන්වහන්සේට අවසන් ගෞරවය පුද කළහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සෝභිත හිමි පැරිස් මලින් පිදේ
රාමන් Friday, 13 November 2015 05:35 PM
ඔබවහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා! (නි)
කුලරත්න Friday, 13 November 2015 06:47 PM
ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
ලක්ෂිත පැරිසිය Friday, 13 November 2015 07:16 PM
නිවන් සුව ලැබේවා! (නි)
විජිත් Saturday, 14 November 2015 12:25 PM
අපවත්වි වදාළ ගරුතර මාදුළුවාවේ සෝභිත ස්වාමින්වහන්ස, ඔබ වහන්සේ දිනු මවුබිම වෙනුවෙන් ඔබවහන්සේ ඉටුකළ අප්රමාණවත් කැපකිරීම් වල ප්‍රතිපල ටිකෙන් ටික භුක්තිවිඳිමින් සිටින මේ මොහොතේදීම ...ඔබවහන්සේ අප අතහැර නික්මයාම කෙසේවත් දරාගත නොහැකි වේදනාවකි.හිමියනි, නිම කිරීමට ඇති සද් කාර්යයන්, නිමකළ ඒවාට වඩා බොහෝය..දැන් දැන් ප්‍රශ්න පිට ප්‍රශ්න මතුපිටට පැමිණෙමින් පවතී..අපි දැන් හුදකලාව...ඒවාට කෙසේ මුහුණ දෙන්න දැයි යමෙක් පවසනු ඇසුවෙමි..ගරුතර අපේ හාමුදුරුවනේ, නිවන්දක්නා ජාතිදක්වා එකම එකවරක්වත් ඔබ වහන්සේ මතු ආත්මයක අපේ රටේම ඉපිද අප හැම පෙළනා දහසක්වූ කරදර කම්කටොලුවලින් අප රට නිදහස් කරදී,අවසානයේදී උතුම්වූ නිවන්සුවයට පත්වේවා කියා අපරමිතවූ පිවිතුරු සිතින් ප්‍රර්ථනා කරමි. (බ)
සුසන්ත වේරගම පැරිසිය Saturday, 14 November 2015 02:51 PM
ගරු ස්වාමීන්වහන්ස ඔබ වහන්සේටත් අගෞරව වන ආකාරයට පහත් වචන භාවිතා කරමින් නවීන තාක්ෂණයේ මෙවලම් ඇසුරෙන් හැසිරෙන ගැහැණු පිරිමි පිරිසක් පැරිසියේ සිටිති . ඔවුන් පන්සල් යති .මල් පුජා කරති .පහන් දල්වති .පිරිත් අසති .සමහරුන් සිලුත් ගනිති .තමන් අකමැති අයට ඉහත පිරිමි පන්සල් වලදී මිනිසුන්ට තඩි බාති .ඒ ඔවුන්ගේ දෙමාපියෝ ඔවුන්ව හදල තියෙන හැටි .ගරු සෝභිත හාමුදුරුවනේ එම මෝඩයන්ට කමා කරනු මැන (බ)
නිරෝෂනි Saturday, 14 November 2015 05:52 PM
සෝභිත ස්වාමීන් වහන්සේට නිවන් සැප ලැබේවා! (නි)
රොහාන් දයාදර Saturday, 14 November 2015 06:53 PM
සුසන්තට මමත් එකඟයි. (නි)
අල්විස් Saturday, 14 November 2015 09:05 PM
සුසන්ත, පැරිසියේත් ඔහොම වෙනවාද? වෙන්න බැහැ, වෙන්න බැහැ කොහොමටත් විශ්වාස කරන්න බැහැ.... (නි)
සරත් Sunday, 15 November 2015 08:44 AM
සෝභිත ස්වාමීන් වහන්සේට නිවන් සැප ලැබේවා! (බ)
සල්ගාදු පැරිස් Sunday, 15 November 2015 12:31 PM
සුසන්ත මහතාගේ නිර්භීත සත්‍ය කතාවට මාගේ ස්තුතිය , මෙතන පින් දෙන්න කියා එන කි දෙනෙක් තම පෞද්ගලික ජිවිතයේ කරනා දේවල් සෝබිත හිමි දනිනම් , කොහේ සිට හෝ තවත් දුක් වනවා නොඅනුමානය (බ)