අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියනට පිං අනුමෝදන් කිරීමේ පින්කම් මාලාවක් ලන්ඩන් බෞද්ධ විහාරය, ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සහ බර්මින්හැම් නුවර ජේතවන බෞද්ධ විහාරස්ථානය ඇතුළු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථානයන්හි සිදුවිණි.
මාදුළුවාවේ සෝභිත මාහිමි ජිවත්ව සිටියදී ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයන්හි ධර්ම ෙද්ශනා පැවැත්වු බව ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියෝ පැවසුහ.
උන්වහන්සේගේ අපවත්වීම ජාති හෝ ආගම් බේදයකින් තොරව ශ්‍රී ලංකාවාසී සියලුම දෙනාට මෙන්ම විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් හට පවා සිදුවූ පාඩුවක් බවද උන්වහන්සේ පැවසුහ.
සෝභිත හිමියන් කුඩා කාලයේ සිට දැන හැඳින සිටි බවත් සැම විටම උන්වහන්සේ කියන දේ කරන කරන දේ කියන නිර්භීත සංඝ පිතෘන් වහන්සේ නමක් බවත් සෝභිත හිමියන් ශ්‍රී ලංකාව පුරා පිහිටි දුෂ්කරතා බහුල විහාරස්ථානයන්හි පැවැත්ම සඳහා තමන් වහන්සේට ලැබෙන දානමාන සහ පිරිකර නිරන්තරයෙන් බෙදා දුන්,බවත් ඈත ගම් දනව්වල දුෂ්කර ජිවිත ගෙවන බොදු සැදැහැවතුන්ගේ දුක්පීඩා නිවාලීමට ශක්ති ප්‍රමාණයෙන් උදව් උපකාර කළ බවත් සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී හඳුපැල්පොල මහින්ද හිමියෝ කීහ.
බර්මින්හැම් ජේතවන විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා බ්‍රිතාන්‍යයේ සංඝ නායක කැප්පිටියාගොඩ ගුණවංශ නාහිමි පැවසුවේ අපවත්වී වදාළ සෝභිත නාහිමියන් බොහෝ වතාවක් බර්මින්හැම් පන්සලේ පින්කම් සඳහා වැඩමකළ බවයි. කිසිදු නම්බු නාමයක් හෝ නිළ තනතුරක් බාර නොගත් ඒ හිමි බුදුන් වහන්සේ වදාළ ධර්මය මුල්කරගනිමින් වැඩකටයුතු කළ අසාමාන්‍ය යතිවරයාණන් වහන්සේ නමක් බව ද ගුණවංශ හිමියෝ කීහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සෝභිත හිමි සැමරුම් පින්කම් ලන්ඩනයේ