සෝමාලියාවේ මොගඩිෂු නුවර රජයේ ගොඩනැගිල්ලකට අයත් භූමියකට පෙරේදා (04) බෝම්බයක් රැගත් මෝටර් රියක් කඩා වැදී එය පුපුරවා හැරීම නිසා පුද්ගලයන් 70 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්‍ෂයට පත්වූ බව එරට ජනාධිපති කාර්යාලය කියා සිටී, අල්-ෂෙබාබ් ත‍්‍රස්ත සංවිධානය මෙම බෝම්බය පිපිරවීමේ වගකීම බාරගෙන ඇති අතර බෝම්බය පුපුරවා ඇත්තේ සෝමාලියාවේ අධ්‍යාපන අමාත්‍යෘංශයට අයත් ගොඩනැගිලි පිහිටි භූමියක් තුළදීය. මෙම සිද්ධිය නිසා 150 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි ද පොලිසිය කියයි.එම භූමිය අසලම ඇති තවත් අමාත්‍යාංශ ගණනාවක ගොඩනැගිලිවලටද හානි සිදුවී ඇතැයි පවසන සෝමාලියා ජනාධිපති ෂරීෆ් ෂීක් අහ්මඞ්, එම ප‍්‍රහාරය හෙළා දකිමින් නිවේදනයක්ද නිකුත් කර තිබේ. ඉස්ලාමීය මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ක‍්‍රියාවක්වන මෙම පිපිරවීම සිදුවී ඇත්තේ ”කිලෝ මීටර් 4” යන ප‍්‍රදේශය තුළය. ”කිලෝ මීටර් 4” ප‍්‍රදේශයේ සිට ජනපති ෂරීෆ් ෂීක්ගේ මන්දිරයට ඇත්තේ ඉතා සුළු දුරකි. ”මෙම ප‍්‍රහාරය ගැන මම බොහෝ සෙයින් කම්පාවට පත්වී සිටිනවා. එය පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා” යැයි මොගඩිෂු ජනාධිපති ෂරීෆ් ෂීක් පැවැසීය. ”මියගිය අයගේ පවුලේ උදවිය වෙනුවෙන් මාගේ කණගාටුව ප‍්‍රකාශ කරනවා” යැයිද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.සෝමාලියාව, 1991 දී සිවිල් යුද්ධයකට පිවිසුණායින් පසු මුහුණ පෑ දරුණුම සිද්ධිය මෙය බව බෝම්බ සිද්ධිය ඇසින් දුටු අයෙක් පැවසීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සෝමාලියාවේ ජනපති මැදුර ආසන්නයේ කාර් බෝම්බයක් පුපුරයි