X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


සෞදි අරාබිය වෙසක් සිරියෙන් බැබලෙයි

සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ අවට ප්‍රදේශවාසි ශ්‍රී ලාංකික දානපතින්ගේ අනුග්‍රහයෙන් විසි වැනි වරටත් සංවිධානය කළ වෙසක් මහා පිංකම පසුගිය සතිය පුරා තුන්දහසකට නොඅඩු ශ්‍රී ලාංකික සහ විවිධ රටවලට අයත් පිරිස් හි සහභාගිත්වයෙන් ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී  පැවැත්විණි.    

පසුගිය තුන්වැනි දින සිට අට වැනි දින දක්වා පැවැති මෙම මාහැගි වෙසක් පිංකමට “සත්සතිය” තොරණක් ද කැරකෙන පහන් කුඩු, රුවන්වැලි මහා සෑයේ අනුරුවක් ද ප්‍රදර්ශනය කැරිණි. භක්ති ගීත,ජාතක කතා ඇසුරෙන් සැකසුණු බෞද්ධ නාට්‍ය,ධර්ම දේශනා, ශීල ව්‍යාපාර, ලේ දන්දීමේ ව්‍යාපාර සහ දන්සල් ද ඇතුලත්  විය. අට වැනි දින උදැසන උපාසක උපාසිකා හැත්තෑ දෙනෙක් පමණ අට සිල් සමාදන් වූහ. දහවල් දානය රියාද් අවට ප්‍රදේශවාසි සැදහවතුන් විසින් පිළිගන්වන ලදී.

මියන්මාර සහ වියට්නාමයේ තානාපතිවරු ද මේ  පිංකමට  සහභාගි  වුහ. ශ්‍රි ලංකා තානාපති කාර්යාලයයේ නිලධරයෝ  ද කිහිප දෙනෙක් ම අෂ්ඨාංග ශිලය සමාදන් වූහ. තානාපති කාර්යාලයේ සියලුම  නිලධරයෝ  මෙම පිංකමට  මනා දායකත්වය දුන්හ. අමාත්‍ය ගම්මන්පිල මහතා  ඊට  මුල් විය.

DSC04476 DSC04480 DSC04488 DSC04496 DSC04497 DSC04516

 

 



අදහස් (0)

සෞදි අරාබිය වෙසක් සිරියෙන් බැබලෙයි

විදුර Sunday, 10 May 2015 03:35 PM

ආරච්චිගේ,හොරෙන් වෙසක් සමරන එකට නිදහස කියලද ලොක්ක කියන්නේ? (නදී)

:       0       0

ප්‍රියංක Monday, 11 May 2015 01:37 PM

බහුතරයක් බෞද්ධයෝ දන්නේ නැති වුනාට බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනයක් තියෙන්නේ මක්කම.(හේ)

:       0       0

සහන් Monday, 11 May 2015 09:07 AM

හතු පිපෙනවා වගේ පල්ලි බෞද්ධ නටඹුන් උඩ සහ පෞරාණික ස්ථාන වල සෞදියෙන් ආපු අය අටවනවා ඒවා ගැන සිංහලය කතා කරනකොට ජාතිවාදිය කියල සිංහලයට ඇගිල්ල දික් කරනවා සෞදි මොළේ කියන්නේ ඕකට තමා! (බ)

:       0       0

සන්ධ්‍යා Monday, 11 May 2015 06:49 AM

පනින්න පෙර සිතා බලන්න සහෝදරයෙනි. අදහස් ප්‍රකාශ කරනකොට ජාති බේද අවශ්‍ය නැහැ. (නි)

:       0       0

සෙනරත් Monday, 11 May 2015 06:08 AM

මෙතන කිහිප දෙනෙක් කමෙන්ට්ස් කිහිපයක් දාල තියෙනවා.මාලි,මාපලගම පත්මා, ආරච්චිගේ, සහන් මේ නම්වලින් ඉන්න අයගේ ඇත්ත මුහුණ එලියට දාන්න. මෙතන කවුරුත් කියල නැහැ සෞදියේ පන්සල් හදන්න ඕනේ කියලා. තමන්ට තමන්ගේ ආගමක් අදහන්න අවස්ථාව දෙන්න කියල විතරයි කියල තියෙන්නේ. මාලි නමින් ඉන්න කෙනාටයි මාපලගම පත්මා නමින් සිටින කෙනාටයි ගොඩක් හිත රිදෙන්න ඇත්තේ අැයි කියල කියවන අයට තේරෙනවා. (නදී)

:       0       0

තිලක් Monday, 11 May 2015 03:13 AM

තානාපති කාර්යාලය කියන්නේ ජාත්‍යන්තර නීතිය අනුව කාර්යාලය අයත් රටේ කොටසක් වගේ. සෞදියේ තියෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අයිති ලංකාවට. ඉන්දියානු කාර්යාලය ඉන්දියාවට. ඒ නිසා මේක සෞදියේ ආගමික නිදහස කියල නම් කියන්න එපා.(නදී)

:       0       0

සමන්ති Monday, 11 May 2015 12:59 AM

මම මේ සම්බන්ධයෙන් කිසිවක් නොකියා සිටිමි (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 10 May 2015 11:21 PM

ආගමික නිදහස ඕනෑම රටක් පිළිඅරගෙන තියෙන්නේ රටවල් කීපයක් හැර. ඇත්තටම ලංකාවේ මුස්ලිම් මිනිස්සු හරිම වාසනාවන්තයි ආගමික නිදහස පැත්තෙන් (නි)

:       0       0

හම්බන්තොට ඩිලාන් Sunday, 10 May 2015 04:06 PM

සිංහල,දමිළ මුස්ලිම්,මැලේ,බර්ගර් යන සියලු ජාතින් ශ්‍රී ලාංකික පුරවැසියෝ වෙමු ආගම් ජාති බේද දුරලා අපි ලාංකිකයන් වශයෙන් සිතමු (බ)

:       0       0

මාලි Sunday, 10 May 2015 04:00 PM

අපෙ උන් හැම එකටම ජාති වාදය.අපෙ ඉන්නවා නේ හැම දෙයකටම වරදක් දකින කාලකණ්ණි,අකමැති එකා හිටපන්කො ලංකාවට වෙලා,සෞදි ඉදලා තමන්ගෙ ගෙවල් නඩත්තු කරන කි දෙනෙක් ඉන්නවද.ඔය කියන උන් එනවාද නැති උනාම කියක් හරි දෙන්න,ඇතුලෙ හරි ඔය දෙයක් කරන්න ලැබුණු එක ගැන සතුටු වෙයන්,ඔය කමෙන්ට් කරන අය දන්නවද සෞදි වල කම්පැනි වලින් කැම හිටන් නොමිලේ දුන්නා කියලා (බ)

:       0       0

මාපලගම පත්මා Sunday, 10 May 2015 03:56 PM

මට පුදුම සෞදියට අවලාද නගමින් එම රටවලට යන ශ්‍රමිකයන්ගේ කතා. ඔපමණ කරදර තියෙන බව දැන දැන යන්නේ මොකටද ? යන්න කලින් එම රටේ නිතිය දැනගන්න. යන රටේ නීතියට ගරු කරන්න, රටින් රටට නිතිය වෙනස් සමහර රටවල නිදහස කියන එක වල් බුරු නිදහස වගේ. නිදහස වැඩි නිසා තිරිසන් වෙලා (නදී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට​ Sunday, 10 May 2015 03:56 PM

ගොඩක් සතුටුයි.(නදී)

:       0       0

සිසිර Sunday, 10 May 2015 05:59 AM

මේ දේවල් දකින කොට ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

විමලසිරි Sunday, 10 May 2015 02:47 PM

සනත් විතරක් නොවෙයි ආරච්චිගේ කියන අයත් කාන්තාරේ අය වගෙයි (බ)

:       0       0

රනුක Sunday, 10 May 2015 02:19 PM

සනත්,නමින් ඉන්නේ කාන්තරෙන් ආපු කෙනෙක් වගෙයි (නදී)

:       0       0

සනත් Sunday, 10 May 2015 01:28 PM

සුපුන් , ඔය සේරම එ් රටේ වැඩට ගිය අය .එහි රස්සා කරලා අපේ අඹු දරුවෝ ජීවත් වෙනවා කියන එක අමතක කර ජාතිවාදය අවුස්සන ප්‍රකාශ කරන්න එපා. (බ)

:       0       0

උපුල් Sunday, 10 May 2015 01:11 PM

ආරච්චිගේ,මෝඩයෝ එහෙනම් මොන අහවල් කාරියකටද සෞදියෙන් මේ මිනිස්සු අපේ රටට ඇවිත් බින්න බැස්සේ??? (බ)

:       0       0

නුවන් Sunday, 10 May 2015 12:59 PM

ආරච්චිගේ,ගොයියෝ ඔහේ කියන විදිහට සෞදිය ඉස්ලාම් කට්ටියගේනම් පිට ජාතීන්ට තානදිපති වරප්‍රසාද මත අන් ආගම් සමරන්න පුළුවන් එක ලොකු කමක් විදිහට පේනවනම මම අහන්නේ ලංකාව කියන්නේ බෞද්ධ භක්තිකයන්ගේ ප්‍රධාන රටක් ඒ රටේ සෞදිය වගේ රට වලින් ආපු අය කැලි ඉල්ලා ඉල්ලා දගලන්නේ මොකද? සෞදියේ ඉපදුනා කියල ඒ රටවල අන්‍යාගමිකයන්ට නිදහසක් තියෙනවද හලෝ??(බ)

:       0       0

ආරච්චිගේ Sunday, 10 May 2015 11:23 AM

සුපුන් කියන මිනිහාටනම් මෙලොදෙයක් නොතේරෙනවා වගෙයි, සෞදිවල තානාපති කාර්යාල අස්සවලහරි මේවගේ දේවල් කොරන්න ඉඩ ලැබුණු එකාගෙන් සන්තෝසවෙන්නේ නැතුව,ලංකාවේ මුස්ලිම් අයට තියෙන නිදහස ගෙන කතාකොරන්නේ ඇයි?ලංකාවේ ඉන්නා මුස්ලිම් ය මෙහෙම ඉපදුන මෙහෙ පුරවැසියෝ,එයට නිදහස දෙන්නේ නෙතුව බැහැනේද?නමුත් සෞදිය කියන්නේ ඉස්ලාම් ආගමිකයන්ගේ ලෝකේ තියෙන ඇති ප්‍රධාන රට,ඉතින් මේ වගේ රටක අන්‍ය ආගමිකයන්ට මෙතරමින් හරි නිදහසක් තිබීම ගැන සුපුන් වගේ මෝඩයන්ට ඇයි නොතේරෙන්නේ?මේ අය එහෙ වැඩට ගිය අය කියන එක (බ)

:       0       0

ප්‍රියානි වීරකෝන් Sunday, 10 May 2015 10:53 AM

සතුටුදායක පණිවඩයක්. (නදී)

:       0       0

සරත් සිල්වා Sunday, 10 May 2015 10:22 AM

ඔය රටේ වෙසක් පතක්වත් තැපෑලෙන් ඒ රටට යවන්න තහනම්. ඔය වෙසක් කූඩුවයි, තොරණයි, දාගැබයි සෞදි කාරයොයි දැක්කා නම්, හදපු කට්ටීයව හිරේ දානවා. දැන් ඒ නීති ලිහිල් කරලද​? (නදී)

:       0       0

සුපුන් Sunday, 10 May 2015 09:01 AM

සෞදි අරාබියේ වගේම බොහෝ මුස්ලිම් රටවල්වල මේ කටයුතු සිද්ධ වෙන්නේ තානාපති කාර්යාලය ඇතුලතදී. අපේ රටේදී මුස්ලිම් අය නිදහස බලාපොරොත්තු වෙන්නේ මොන පදනමකින්ද? (බ)

:       0       0

බණ්ඩා Sunday, 10 May 2015 08:27 AM

මේ රටේ කිසිම ආගමික නිදහසක් නෑ. ඒ නිසා තානාපති කාර්යාලය ඇතුලේ දොරවල් වහගෙන පිටට කිසිවක් නොපෙනෙන ලෙස මෙවැනි කටයුත්තක් කිරීම ගැන අපි බොහොම සන්තෝස වෙනවා .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site