X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


හමාස් රොකට් ඊශ්‍රායලයට

වසර 20 කට පසු පලස්තීන හමාස් සටන්කාමින් ඊශ‍්‍රායෙලයේ අගනගරය වල ටෙල් අවිව් නුවර ඉලක්ක කර රොකට් ප‍්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ. මීට අමතරව ඊශ‍්‍රායෙලය හා ඊජිප්තුව වෙන්කරන ගාසා තීරයට එල්ල තවත් රොකට් ප‍්‍රහාරයකින් ඊශ‍්‍රායෙල ජාතිකයින් තිදෙනකු මියගිය බව වාර්තා වෙයි. හමාස් සංවිධානය එල්ල කරන ප‍්‍රහාර හමුවේ නිකම් නොසිටින ඊශ‍්‍රායෙලයද ගාසා තීරයේ පලස්තීන ඉලක්ක වලට ප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත.මේ වන තෙක් ඊශ‍්‍රායෙලය එල්ල කර ඇති ප‍්‍රහාර වලින් පලස්තීන ජාතිකයින් 19 දෙනෙක් මියගොස් තිබේ.තවද ඊශ‍්‍රායෙලය පවසන ආකාරයට ගාසා තීරයේ හමාස් සටන්කාමින්ට අයත් මිසයිල හා රොකට් විදින සවිකර තිබූ ස්ථාන කිහිපයක්ද විනාශ කළ බව ද කියයි. දෙපාර්ශවය අතර ගැටුම් ඇතිවීමට හේතු වී ඇත්තේ ඊශ‍්‍රායෙලය එල්ල කර රොකට් ප‍්‍රහාරයකින් හමාස් සංවිධාවනයේ යුධ විශේෂඥයෙකු වූ අහමඞ් අල් ජබාරි ඝාතනයට ලක් වීමයි.පසුගිය බදාදා ඔහු ඝාතනයට ලක්වූයේ සිය රථයෙන් ගමන් කරමින් සිටියදී එය මත පතිත වූ රොකටයකට හසුවීය.ඔහු ගමන් ගත් මෝටර් රථය මුලූමනින්ම විනාශයට පත්ව තිබුණි. අවසන් කටයුතු අහවර වන තෙක් උහුලා සිටි හමාස් සංවිධානය ඊයේ (15) සිට ඊශ‍්‍රායෙලයට ප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අතර ඊශ‍්‍රායෙලයද දැන් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරමින් සිටී.දැනට රොකට් හා ගුවන් ප‍්‍රහාර වලට සීමා වී ඇතත් ගොඩබිම් ප‍්‍රහාරයක් එල්ල කිරීමට තමන් පසුබට වන්නේ නැතැයි ඊශ‍්‍රායෙලය කර ඇති ප‍්‍රකාශය හමුවේ 2008 වසරේ පැවැතියාක් මෙන් ගාසා තීරයේ යළි ගැටුම් ඇතිවනු ඇතැයි ආරක්ෂක විශේෂඥයෝ බිය පල කරති. ගාසා තීරයේ පාලනය පවතින්නේ හමාස් සංවිධානය යටතේය.ඊජිප්තුව ඉරානය සෞද්ි අරාබිය හා ලිිබියාව වැනි අසල්වැසි රටවල් හමාස් සංවිධානයේ පාලනය පිළිගත්තද ඊශ‍්‍රායෙලය එසේ නොකරයි.මේ නිසා දෙපාර්ශවය අතර කොතෙකුත් ගැටුම් ඇතිවේ.පසුගිය 2008 වර්ෂයේ ගැටුම් උත්සන්න වූ අවස්ථාවක දින 22 ක් පුරා දෙපාර්ශවය අතර ඇතිවූ ගැටුම් වලට මැදි වීමෙන් මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 2000 කට ආසන්නය.තවද නිවාස ඇතුලූ ගොඩනැගිලි රැසක් විනාශයට පත්විය.මෙවරද එවන් තත්ත්වයක් ඇතිවීමේ පෙර ලකුණු පහළ වී තිබෙනු පෙනේ. කෝ.වී  



අදහස් (0)

හමාස් රොකට් ඊශ්‍රායලයට

දුමින්ද Sunday, 18 November 2012 10:30 PM

දෙවියන්ගේ ලෝකය අපිට අයිති නැත්නම්, මුස්ලිම් මිනිසුන්ට ඊට වැඩිය හිතන්න බැහැ කියන කාරණය තමයි අපිට පෙනෙන්න තියෙන්නේ. හේතුඵල දහමක් තියෙන අපිට මේවා අවබෝධය පිණිස කතා කළ හැකිය. (නි)

:       0       0

දිශාන් Saturday, 17 November 2012 11:06 PM

කවදද ලෝක සාමය උදාවෙන්නේ

:       0       0

හිල්මි Sunday, 18 November 2012 04:35 AM

මේකේ අදහස් දක්වා ඇති සමහරුන් ඉතිහාසය පිළිබදව නොදන්නා අඥානයින් බව පෙනේ. (නි)

:       0       0

ෂිරාශ් Sunday, 18 November 2012 10:00 AM

මාර්ක්, ඔබට මගේ ස්තූතිය. (නි)

:       0       0

ෂිරාශ් Sunday, 18 November 2012 09:43 AM

පලස්තීනයට ජය වේවා! (නි)

:       0       0

අරුණ Sunday, 18 November 2012 10:01 AM

සාමය ඇතිකරන්නේ කවදාද? (දී)

:       0       0

රොෂාන් Sunday, 18 November 2012 10:55 AM

මානව හිමිකම් අයට මේවා පේන්නේ නැද්ද (ස)

:       0       0

රොෂාන් Sunday, 18 November 2012 10:58 AM

මේවා ඒ තරම් හොද වැඩ නොවෙයි

:       0       0

රොෂාන් Sunday, 18 November 2012 11:05 AM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති

:       0       0

පහන් Sunday, 18 November 2012 10:54 AM

ඔය ඉතිහාසය දන්නවා කියන අයටයි මම මේ ලියන්නේ. ඈත ඉතිහාසය ගෙන බැලුවිට මෙම රට (ඊශ්‍රායලය)යුදෙවු දේශයක්. (නි)

:       0       0

පහන් Sunday, 18 November 2012 11:01 AM

හිල්මිගේ ඉතිහාස දැනුමට මා අභියෝග කරනවා. (නි)

:       0       0

ආරිය Sunday, 18 November 2012 12:04 PM

අපිට යූ.එන්. එකේදී කොහොමත් ඇමරිකාව, ඊශ්‍රායලය ඇතුළු බටහිර රටවල් සහය දෙයිනේ. නේද? (නි)

:       0       0

සුසිල් Sunday, 18 November 2012 12:59 PM

බලමු මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

චමින්ද වෙරෝනා Sunday, 18 November 2012 08:29 PM

ඔය කියන දෙවියන් වහන්සේ අදහන අය ඉන්න රටවල් සේරම මේ විදියට කොපමණ නම් මිනිස් ජීව්ත බිලිගන්නවාද? මුස්ලිම් සහෝදරයන් කියන විදියට මෙය දෙවියන් වහන්සේගේ ලෝකය නම් තම ජාතීන් අතර ගටුම් අති කරන තම ජාතියේ මිනිසුන් එකිනෙකා මරාගන්නේ ඔය කියන දෙවියන් වහන්සේ නිසා විය යුතුයි නේද? (අ)

:       0       0

සරත් කුමාර Sunday, 18 November 2012 08:53 PM

මොකටද ආයුධ ලෝකෙට

:       0       0

ලොකුගේ Sunday, 18 November 2012 09:15 PM

ඊශ්‍රායලය උදවු කරපු අයටම ගහන එක තමා ඔය කරන්නේ. ඇත්තටම හරිම ආත්මාර්ථකාමීයි. අපි මෙහෙ ඉන්න නිසා ඒක හොඳටම දන්නවා. (නි)

:       0       0

රුවන් Saturday, 17 November 2012 08:34 PM

ඊශ්‍රායලයට ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

ඩොන් Sunday, 18 November 2012 10:45 PM

ස්වභාව ධර්මය කියන්නේ හේතුඵල දහමට. දැන් ඊළගට අහයිද දන්නෙ නැහැ හේතුඵල දහම කියන්නේ මොකටද කියලා. (නි)

:       0       0

අකුරැස්ස Sunday, 18 November 2012 11:32 PM

අයියෝ සල්ලි

:       0       0

ෂානි Monday, 19 November 2012 12:29 AM

පලස්තීනය කියන රට ලංකාව වගේම ඉතිහාසයක් තියෙන රටක්. මෙතන ඊශ්‍රායලයට සුබ පතන කට්ටියට දිට්ට ධර්ම වේදනීය කර්මය පළදෙනවා දකින්න ආසද​? ධාර්මික රටක් වෙච්ච ලංකාවට ගිය කල​...... ජාතිවාදයෙන් මුසපත් වෙලා... (නි)

:       0       0

හිල්මි Monday, 19 November 2012 12:26 AM

මාර්ක්ට මාගේ ස්තූති ප්‍රණාමය! (නි)

:       0       0

රංජන් Monday, 19 November 2012 08:03 AM

ඇමරිකාවත් සද්ද දාන්නේ අපි වගේ පුංචි රටවලට තමයි. (නි)

:       0       0

පහන් Monday, 19 November 2012 09:55 AM

පලස්තීනය කියා රටක් නැහැ මේඩ්සින්, විදුලිය,රැකියා සියල්ල දෙන්නේ ඊශ්‍රයලයෙන් .එහෙම අරන් ඊශ්‍රයලයටම ගහනවා .දන්නේ නැති යට මේ කියන්නේ ඊශ්‍රයලය තුලත් (රටමැද )පවා පලස්තීන ප්‍රදේශ තියනවා . (අ)

:       0       0

පහන් Monday, 19 November 2012 09:57 AM

ඇයි කවුරුවත් හිට්ලර් මරාදැමූ යුදෙව්වන් 500000 ගැන නොලියන්නේ . (අ)

:       0       0

පහන් Monday, 19 November 2012 10:45 AM

ලෝකයේ පැරණිම ආගම ජුදා සහ පැරණිම භාෂාව හිබිරු නම් යුදෙව්වන්ට මේ ලෝකේ බිම් අගලක් තිබීම වැරදිද ? (නි)

:       0       0

පහන් Monday, 19 November 2012 11:05 AM

ඔය ලියන අය මරියතුමිය සහ ජුසේ තුමා යුදෙව්වන් බව දන්නවා ද ? (ස)

:       0       0

පහන් Monday, 19 November 2012 11:10 AM

හිල්මි, කෙනෙකු ඉතිහාසය නොදන්නවා කියා මෝඩයෙකු කියන්න බැහැ .ඔබගේ සොහොයුරන්, මිතුරන් ඉතිහාසය නොදන්නවා කියා මෝඩයන් ලෙස හදුන්වන්න එපා .ඔවුන් කලාවට හෝ ක්‍රීඩාවට දක්ෂ ඇති .ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත... (නි)

:       0       0

මහිමා Monday, 19 November 2012 02:23 PM

නියමයි පහන් (ස)

:       0       0

ෂෙරීෆ් Monday, 19 November 2012 09:40 PM

මුස්ලිම් අය මිය යනවට ඇයි ඔයාලා මේ තරම් සතුටු වෙන්නේ ??? (ස)

:       0       0

හනිස් Tuesday, 20 November 2012 04:17 AM

අයියෝ සල්ලි

:       0       0

සුදත් Wednesday, 21 November 2012 06:39 PM

ෂෙරීෆ්, ඒ ලංකාවේ හැටි. (නි)

:       0       0

ප්‍රියංග Saturday, 17 November 2012 04:00 AM

දෙරට අතර ඇතිවී තිබෙන තත්ත්වය ඉක්මනින් සමතයකට පත්වේවා! (නි)

:       0       0

සරත් Friday, 16 November 2012 02:33 PM

අන්තවාදී හැම සංවිධානයක්ම සමාජයට කරන අයහපත සුළුපටු නෑ (ස)

:       0       0

නසාර් Friday, 16 November 2012 02:57 PM

දෙවියන්ගේ ලෝකය අපිට අයිති නැත(ස)

:       0       0

හරිත් Friday, 16 November 2012 04:24 PM

කවද මේ යුද්දය ඉවර වෙන්නේ? (දී)

:       0       0

බමුණුසිංහ Friday, 16 November 2012 06:01 PM

කරනවා නම් ඔන්න වැඩ. (නි)

:       0       0

ඕනිස් Friday, 16 November 2012 07:12 PM

මේ ලෝක විනාශයයි, එය සිදු විය යුතුමයි. නමුත් අප මරණයට සූදානම්ද ?? (ස)

:       0       0

පහන් Friday, 16 November 2012 07:47 PM

ඇයි මේ හමාස් ,හිස්බුල්ලා ඊශ්‍රායලය නැතිකරන්න හදන්නේ? 1948 ස්ථාපිත කළ මේ රට තමන්ගේ භූමි ප්‍රමාණය වැඩිකර ගත්ත එක ඇත්ත. ඒත් ඈත ඉතිහාසය ගෙන බැලුවිට මේ බිම අයිති එයාලට නෙමෙයි. මේ රට( ඊශ්‍රායලය ) යුදෙව්වන්ට බාරදී හමාස් ඉවත්ව ගියහොත් හොදයි කියා මා සිතනවා. (නි)

:       0       0

සුප්රා Friday, 16 November 2012 09:13 PM

නසාර්, නුඹලාගේ දෙවියන් සිටිනතුරාවට මේ ලෝකය වෙනත් කිසිවෙකුට අයිති නැද්ද? (නි)

:       0       0

පාලිත Friday, 16 November 2012 09:15 PM

දෙවියො කැමති නම් අපි මොනවා කරන්නද? කැමැත්තට ඉඩදී බලාසිටිමු. (නි)

:       0       0

කල්පනී Friday, 16 November 2012 10:31 PM

ඊස්‍රායලයේ හමුදා භටයින්ට ප්‍රනාමය (ස)

:       0       0

මංගල Friday, 16 November 2012 10:50 PM

හමාස් යනු LTTE වගේ සංවිධානයක්, වහාම ලොවෙන් තුරන් කර යුතුයි (ස)

:       0       0

වෙනුර Friday, 16 November 2012 11:17 PM

බුදුනේ, ජේසුනේ, දෙවියනේ, මේ ලොව වෙත නැවත එනු මැනේ. (නි)

:       0       0

තරුෂ Friday, 16 November 2012 11:20 PM

දෙවියන් මවපු හැටි තමයි ඔය! (නි)

:       0       0

එරංග Friday, 16 November 2012 11:18 PM

නසාර් කවුද දෙවියා..? ඒක මිත්‍යාවක් නැතිනම් ප්‍රභන්ධයක් මගේ යාළුවෝ.. ‍ඒක සොබාදහමේ මැවීමක්.. (නු)

:       0       0

නිමල් Saturday, 17 November 2012 01:18 AM

නසාර්, දෙවියෝ කියල ඔයා හිතන අය කවුද? මම නම් ඊශ්‍රායල් වලට සුබ පතනවා. (නි)

:       0       0

උපාලි Saturday, 17 November 2012 01:38 AM

දැන් එතකොට ඒවා යුධ අපරාධ නෙමෙයිද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

මධූ Friday, 16 November 2012 12:43 PM

ඊශ්‍රායලයට ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

සුගන්ධී Saturday, 17 November 2012 03:52 AM

හැකි ඉක්මණින් සාමය ඇති වේවා! (නි)

:       0       0

විමල් Saturday, 17 November 2012 05:48 AM

අගය කළයුතු ඉලක්කයක්. (නි)

:       0       0

පෙරේරා Saturday, 17 November 2012 07:11 AM

නසාර්! මෙතන ප්‍රශ්නය වෙලා තියෙන්නේ දෙයියෝ ගොඩයි. එක එක්කනාට එක එක දෙයියෝ ඉන්නවා. සමහර දෙයියන්ගේ නාමයෙන් මිනී මරන්නත් පුළුවන්. (නි)

:       0       0

මාලක Saturday, 17 November 2012 09:32 AM

යුද්ධයට ඉඩක් දෙන්න එපා ලෝකේ

:       0       0

නිශාමනි Saturday, 17 November 2012 10:47 AM

මේවා නවත්තන්න බැරිද

:       0       0

උපාලි Saturday, 17 November 2012 11:14 AM

යුද්දේ නිසා මැරෙන්න මිනිස්සු නැද්ද (ස)

:       0       0

මාර්ක් Saturday, 17 November 2012 11:02 AM

නිමල්,කලපනීලා වගේ අය මුකුත් දන්නෙ නැත්නම් පාඩුවෙ හිටියා නම් නේද හොද? (නි)

:       0       0

නොවුෆෙල් Saturday, 17 November 2012 01:23 PM

පලස්තීනුවන් ඊශ්‍රායල අවතැන් වුන අයට ඉන්න ඉඩ දුන්නට දැං ඒ අයටම ගහනවා.. ලංකාවෙ කොටි ගහන්න ගියත් ඕකමයි..!(නු)

:       0       0

නිසාර් Saturday, 17 November 2012 01:26 PM

මුස්ලිම් හා මුස්ලිම් නොවන සියල්ල මැව්වෙත් මරණයට පත්කරන්නෙත් දෙවියන් විසින්. ස්වාභාව ධර්මය කියන්නේ මොකද්ද එතකොට..? (නු)

:       0       0

මුතු Saturday, 17 November 2012 02:22 PM

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මේවා නවත්තන්න ඕනේ

:       0       0

සම්පත් Saturday, 17 November 2012 03:27 PM

සියලු සත්වයෝ නිදුක් වෙත්වා !!!! (ස)

:       0       0

නසාර් Saturday, 17 November 2012 05:27 PM

දෙවියන් වහන්සේට ඕනෑ විදියට තමයි මේ සියල්ල සිදුවෙන්නේ. අපිට ඒවා වෙනස් කරන්න බැහැ. (නි)

:       0       0

ගයාන් Saturday, 17 November 2012 06:51 PM

ඊශ්‍රායලයට ජය වේවා! (නි)

:       0       0

මාර්ක් Saturday, 17 November 2012 06:55 PM

පහන්, ඔයාගේ නම පහන් වුණාට ඔයාගේ අදහස නම් අන්තිමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site