හවායි හි ගිනිකඳු නිරීක්ෂණ ආයතනය නිවේදනයකින් දන්වා ඇත්තේ කිලව්වා ගිනි කන්දෙන් පිටවන ලාවා විශාල ප්‍රදේශයක පැතිරී යා හැකි බවයි. හවායි දූපතේ වෙරළාසන්න ප්‍රදේශයේ විශාල කොටසක් අවදානමට ලක්ව ඇති බව ද මේ නිවේදනයේ දැක්වේ.
පසුගිය ජුනි 27දා විවරයකින් පිටවන්නට පටන්ගත් ලාවා පූනේ දිස්ත්‍රික්කයේ සැතපුමක් පමණ දුරට පැතිර ගියේය. හවායි ප්‍රාන්ත පුරපති බිලි කෙනෝයි හදිසි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත. නගරාධිපතිවරයා පවසන්නේ මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ප්‍රදේශවාසීන්ට ඔවුන්ගේ දරු පවුල්, සුරතල් සතුන් හා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඉවත්කරගෙන ආරක්ෂිත ස්ථාන වලට යාම සඳහා බවයි.
අංක 130 දරණ අධිවේගි මාර්ගය හේතුවෙන් පුනේ දිස්ත්‍රික්කය අනෙක් දිස්ත්‍රික්ක වලින් වෙන්ව පිහිටයි.
ඇමෙරිකා භූවිද්‍යා පර්යේෂණ ආයතනය ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි සතියේ දී ලාවා අධිවේගී මාර්ගය හරහා ද ගමන් කරනු ඇති බවයි. ගිනිකන්දට ළඟින්ම පහිටි කඕහේ වඩාත් ම අනාරක්ෂිත ප්රදේශයයි.
පසුගිය ජූලි 10 දා දක්වා ලාවා පිටවුණේ දිනකට අඩි 820ක පමණ ධාරිතාවකිනි. දැන් එය අඩි 1600 දක්වා වේගවත් වී ඇත.
අවදානම් කලාපයේ මිනිසුන් 8200 ට වැඩි පිරිසක් ජීවත් වෙති. ලෝකයේ වඩාත් ම ක්‍රියාකාරී ගිනි කඳු අතරින් එකක් ලෙස කිලව්වා ගිනිකන්ද නම් කැර ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හවායි ජීවිතයට ලාවා බලපෑමක්
මොහාන් Tuesday, 09 September 2014 03:55 PM
හවායි ලස්සන මේ ගිනි කඳු නිසයි (නි)