යුක්රේන ජාතික ඉකටෙර්නියා බිල්යික් 68 හැවිරිදිය.ඇයගේ සමකාලිනියන් ඔවුන්ගේ නිවෙස් වලට වී ජීවිතයේ සැදෑ සමය සුවසේ ගත කරද්දී බිල්යික් සිටින්නේ ඇයට වඩා දශක 4 ක් පමණ වයසින් බාල තරුණ කැඩෙට් කණ්ඩායමක් සමග යුද පුහුණුව ලබමින්ය.
යුක්රේන ආරක්ෂක අංශ ‘දඩුවම් දෙන්නිය’ යන ආදර නමින් හඳුන්වන ඇය තම කණ්ඩායමේ සිටින අනෙක් සාමාජිකයින් හා සමව දස්කම් පෙන්වීමට සමත්ය.ඉලක්කයට වෙඩි තැබීමට ඇය උපන් හපනියකි.හිම ගොඩවල් වල බඩගාගෙන යෑමට,දිවීමට,පැනීමට ආදී ඇයගේ වයසේ කිසිවෙකුත් නොසිතන,නොකරන කි‍්‍රයාකාරම් වලට ඇය එක පයින් සූදානම්ය.
දෙදරු තිදෙනෙකුගේ මවක් වන බිල්යික් මුණුබුරු මිණිබිරියන් පස් දෙනෙකුගේ ආදරණීය මිත්තණියකි.ඔවුන් හා කාලය ගත කිරීමට හැකියාව තිබියදී මෙසේ යුධ වදින්ට පැමිණියේ රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කිරීමට බව ඇය කියන්නීය.
‘නාසිවරුන් මගේ රටට ආපු කාලය ගැන අත්දැකීම් මට තියෙනවා.ඒ වගේ කාලයක් මගේ රටට ආයේ එන්න ඉඩ දෙන්න බැහැ.ලොකුම දේ තමයි මගේ රටේ ඉන්න තරුණ තරුණියෝ දැනගන්න ඕනේ ඔවුන්ට ලොකු වගකීමක් තියෙනවා මෙතැන.ඔවුන් දන්නේ නැහැ ඔවුන් එක්වුනොත් එතැන ඇතිවෙන්නේ මොන වගේ බලයක්ද කියලා.මට ඔවුන්ට ආදර්ශයක් වෙන්නට ඕනේ.මහලූ වයසෙත් මම රට වෙනුවෙන් සටන් වදිනවා දැක්කහම ඔවුනුත් ඉදිරියට ඒවි කියලා මම හිතනවා.’’ ඇය පවසන්නීය.
පුහුණු සමය කෙමෙන් අවසානය දක්වා ලඟාවෙමින් තිබෙන මේ දිනවල ඇය සූදානම් වෙමින් සිටින්නේ යුධ පෙරමුණට යෑමටය.රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකර ඇති හෙයින් තමන්ට අත්වන ඉරණම කුමක්හෝ වේවා එයට සතුටින් මුහුණදෙන බව ඇය කියන්නීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හැට අටේ කෙල්ල යුද පුහුණුවේ
තිලක් Friday, 23 January 2015 12:22 PM
වයස 68 නම් මෙයාට නාසි වරුන් ගැන මතකයක් තියෙන්න බෑ. (නදී)
තිවංක Friday, 23 January 2015 06:42 PM
අනේ ඇත්තමයි මෙහෙමත් දේවල්! (නි)
සාරා Thursday, 29 January 2015 01:17 PM
මට මේ අම්ම ගැන ආඩම්බරයි (නදී)