ඔස්ට්‍රියාවේ බ්රුනාවූ ඈම් ඉන් හි පිහිටි ඇඩොල්ෆ් හිට්ලර් ගේ නිවස නාසිවරුන්ගේ වන්දනා භූමියක් වීම වළක්වාලමින් එම ගොඩනැගිල්ල මිලට ගැනීමට ඔස්ට්‍රියා රජය තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.
දැනට විශ්‍රාමික කාන්තාවකට අයිති එම ගොඩනැගිල්ල මිලදී ගැනීමට ගත් උත්සාහයන් කිහිපයක් ව්‍යර්ථ විය. එය මිලට ගැනීමෙන් අනතුරව එම ගොඩනැගිල්ලට කුමක් කරන්නේද යන්න තවමත් තීරණය කර නොමැත.
අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාට එම ගොඩනැගිල්ල මුළුමනින්ම කඩාදැමීමට අවශ්‍ය අතර රජයේ ඉහල තනතුරු දරන අනෙක් අයට එය කෞතුකාගාරයක් හෝ සාප්පු සංකීර්ණයක් ලෙස භාවිතා කිරීමට අවශ්‍ය වී තිබීමෙන් එම තීරණය මතබේදාත්මක ස්වරුපයක් ගෙන තිබේ.
ගොඩනැගිල්ලේ පරණ නාසි වැකි ලියා තිබෙන අතර බොහෝ පිරිස් ඒ අවට රැස්ව ඒවා කියවති.එමෙන්ම මිට පෙර අවස්ථා කිහිපයක් හේතුවෙන් එම නිවස එරට රජයට හිසරදයක් වී තිබිණි. හිට්ලර්ට ආදරය කරන නාසිවරුන් තවමත් එහි පැමිණෙන අතර එම නිවස ආශ්‍රයෙන් යම් යම් ගැටළු සහගත අවස්ථා කිහිපයක් ඇති විය.
භයානක අතීතය මතක් කරන එවන් සිහිවටන තබා නොගනිමින් එම ගොඩනැගිල්ලෙන් යහපත් ආකාරයේ ප්‍රයෝජනයක් ගත යුතු බව එරට රජයේ බොහෝ අයගේ මතයයි.
එම නිවාසය මිලදී ගැනීමට අදාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එය සම්මත වූ පසු දේශපාලන,පරිපාලන,ශාස්ත්රාලීය සහ ප්‍රජා සමාජය නියෝජනය වන විද්වත් පුද්ගල කමිටුවක් මගින් එහි අනාගතය තීරණය කෙරෙනු ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හිට්ලර් සිටි නිවස රජයට ගන්න යයි
සරත් Wednesday, 13 July 2016 12:15 PM
ලංකාවේ ප්‍රභාකරන් හිටපු ගෙදරට මොනවාහරි වුණොත් තමයි මෙයාලා දුක්වෙන්නේ. (නි)