X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


හිතට ගතට සුවය සදන අපූරු පානය

උණුසුම් තේ කෝප්පයක් පානය කිරීමෙන් සිරුරට පහසුවක් මෙන්ම මොළයේ ක්‍රියාකාරිත්වය වඩාත් යහපත් වන බව පර්යේෂකයෝ කියති.

ඔවුන් පෙන්වාදෙන්නේ තේ කෝප්පයක් පානය කිරීමෙන් පැය භාගයකට පසුව පුද්ගලයන්ගේ මතක තබා ගැනීමේ හා ක්‍රියාත්මක වීමේ හැකියාව වැඩි වන බවයි. මෙයට හේතුවන්නේ තේවල අඩංගු කවර සංඝටයක්යක් ද යන්න පැහැදිලි නැතත් එයට හේතුව වන්නේ ඔක්සිහාරකයක් වූ ෆ්ලෙවොනොයිඩ්ස් යැයි පර්යේෂකයන්ගේ අදහස වී ඇත.

තේ පානය රුධිර නාලවල ක්‍රියාවන් වර්ධනය වීම හා ධමනිවල රුධිරය කැටිගැසීම පාලනයට ද මහෝපකාරී වේ.

මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ නිව්කාසල් විශ්ව විද්‍යාලීය පර්යේෂකයන් කණ්ඩායමක් විසිනි.

තවද තේ පානය මගින් ඥානාත්මකබව දියුණුවීමේ ක්‍රියාවලියටද සබඳතාවයක් ඇති බවත් පෙන්වා දෙන මෙම අධ්‍යනයේ ප්‍රධානි ආචාර්ය එඩ්වර්ඩ් ඔකෙලෝ පවසා ඇත්තේ තේ පානය මගින් තවත් මානසික ප්‍රතිලාභ එනම් අවධානය දියුණුවීම, සිතේ ඒකාග්‍රතාවය වැනි ක්‍රියාවන් ද දියුණුවන බවයි.

මීට කලින් පර්යේෂණයන් මගින් පෙන්වා දි තිබුනේ දිනකට තේ කෝප්ප තුනක් හෝ හතරක් පානය  මගින් හෘදයාබාධ ඇතිවීමට ඇති  හැකියාවද නැති කරණ බවයි.

තවද දෙවැනි පන්තියේ දියවැඩියාවෙන් වළකා ලීමට තේ පානය බලපාන අතර රෝගය වැලදී ඇති අය තේ පානය කිරීම මගින් එහි ක්‍රමික වර්ධනය හිනවන බවද පර්යේෂකයෝ පෙන්වා දෙනු ලබයි. ඊට අමතරව වියපත්වීම සහ මානසික ආතතියද අඩු කරණ අතර තරබාරුබවද තේ පානය මගින් පාලනය වන්නේ එමගින් අළුතින්  මේද සෛල වර්ධනය අඩු කරණ බැවිනි.

මීට අමතරව ඖෂධීය තේ සතියකට දෙවරක සිට හයවරක් පානය කිරීමෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ පිලිකා සියයට 70 කින් වලක්වා ගතහැකි බවද පර්යේෂකයෝ පෙන්වා දි තිබේ.

බ්‍රිතාන්‍යයෝ පමණක් දිනකට තේ කෝප්ප මිලියන 165 ක් පානය කරති.



අදහස් (0)

හිතට ගතට සුවය සදන අපූරු පානය

අනුර Sunday, 10 May 2015 07:51 AM

නමුත් අද වෙනකොට තේ පානය වැඩියෙන්ම කරන රට තුර්කිය ! අපේ තේ තුර්කි රට යවන පුලුවන්නම් ලොකු වාසියක් ගන්න පුළුවන් විශාල වෙළද පොලක් තුර්කිය කියන්නේ.(හේ)

:       0       0

උපුල් Sunday, 10 May 2015 08:34 AM

ජපානේ හුගක් අය වතුර වෙනුවට කෑමෙන් පසු බොන්නෙත් කවර හෝ තේ වර්ගයක්. කෝලා සංස්කෘතිය එහේ නැහැ. ඒ අයගේ දීර්ඝායුෂ වල සහ ලස්සන හමක් ඇතිවිමේ හේතුව මෙය විය හැකියි.(හේ).

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site