දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවමංගල්‍ය වෙනුවෙන් විලියම් සහ හැරී කුමාරවරුන් හිත්අමනාපකම් පසෙකලා යළි එකමුතු වී සිටිති.
දෙවැනි එලිසබත් මහ රැජින විලියම් සහ හැරී කුමරුන්ගේ මිත්තණිය වන අතර, එලිසබත් රැජිනගෙන් පසු රජ කිරුළ හිමි චාල්ස් කුමරු ඔවුන්ගේ පියාය. චාල්ස් කුමරුන්ගෙන් පසු කිරුළ හිමිවන්නේ වේල්සයේ කුමරු යන ගෞරව නාමයෙන් හැඳින්වෙන විලියම් කුමරුන්ටය.
එලිසබත් මහ රැජින අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙද්දී ඒ බව සැලවුණු සැණින් හැරී කුමරු මහා බ්‍රිතාන්‍යයට පැමිණියේය. රාජකීය කටයුතුවලින් ඈත් වී, රජ පවුලෙන් ද වෙන්වුණු හැරී කුමරු සහ බිරිඳ මෙගාන් මාකෙල් ජීවත් වන්නේ ඇමෙරිකාවේය. ඒ රජ පවුලේ සෙසු සාමාජිකයන් මෙගාන් ප්‍රතික්ෂේප කළ බැවිනි.
රැජිනගේ අවමංගල්‍යයේ දී තමන් සමඟ එක්වන මෙන් විලියම් කුමරු හැරී කුමරුන්ට දැනුම් දුන් බවත්, හැරී කුමරු අයියණ්ඩියගේ ඉල්ලීමට කන් දුන් බවත් බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ඒ අනුව, විලියම් කුමරු, බිරිඳ කේට් මිඩ්ල්ටන්, හැරී කුමරු සහ බිරිඳ මෙගාන් මාකෙල්, මහ රැජින වෙනුවෙන් සොව පළ කිරීමට වින්ඩ්සෝර් මාලිගය ඉදිරිපිටට රැස්වුණු පිරිස් හමුවීමට හමුවුණු අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී ඇත. ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ කේට් මිඩ්ල්ටන් සහ මෙගාන් මාකෙල් හැකිතාක් එකිනෙකා මඟ හැරීමට උත්සාහ ගත් බවය.
(රොයිටර්)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හිත්අමනාපකම් පසෙකලා විලියම්-හැරී එක්වෙති