ජපානයේ හිරෝෂිමා ප්‍රාන්තයේ සිදුවූ නායයාමකින් පුද්ගලයන් 32ක් මියගොස් පස් දෙනකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නායයාම සිදුව ඇත්තේ හිරෝෂිමා නගරය ආසන්නයේ කන්දක් පාමුල ඇති ඉතා ජනාකීර්ණ ප්‍රදේශයකය. පැය විසි හතරකට වැඩි කාලයක් එක දිගට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් මේ නායයාම සිදුවූ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හිරෝෂිමා 32ක් පණපිටින් වැළලෙති
බිමල් Wednesday, 20 August 2014 05:20 PM
පවු අහිංසක ජීවිත! (නි)
රූපවතී Wednesday, 20 August 2014 08:42 PM
පව් අසරණ ජීවිත! මියගිය සැමට නිවන් සුවය ලැබේවා ..!! (නි)
නුවන් Thursday, 21 August 2014 03:00 AM
සියළු දෙනා නිවනින් සැනසේවා! (නි)
පවනි Thursday, 21 August 2014 06:24 AM
මියගිය සැමට නිවන් සුව ලැබේවා! (නි)
පුෂ්පසිරි අල්විස් Thursday, 21 August 2014 10:22 AM
ජපානය විසින් කොපමණ අහිංසක ජිවිත ප්‍රමාණයක් නිකරුනේ විනාශ කළාද ලෝක යුද්ධය වෙලාවේ? ආසියාවේ රටවල් කීයක් ආක්‍රමණය කළාද? අද ඒවා ඔවුන්ගේ පරම්පරාවල අයට ගෙවන්න වෙලා. කෙසේවෙතත් මෙම මියගිය අයට මොක් පුර සුව අත්වේවා! තවත් අකල් මරණ නොවේවා! (නි)
පිටබැද්දර ජයා Thursday, 21 August 2014 12:28 PM
පවු මේ මිනිස්සු ! ජපානය් වගේ දියුණු රටකත් මේ වගේ අන්තරාකාරී තැන් වල ගෙවල් හදන්න දෙන එකනේ පුදුමේ! සංසාරේ උපදිනා උපදිනා භවයකවත් මෙවන් බිහිසුණු අන්තරායක් අත් නොවේවා! ඔබ සැමට නිවන් සුව! (නි)
බෙනට් Thursday, 21 August 2014 02:10 PM
පුෂ්පසිරි අලිවිස් ඔයා කියන විදියට වැඩ සිද්දවෙනවා නම් ලංකාවේ අවුරුදු 30 කට ආසන්න යුද්දයක් තිබිල අහිංසක මිනිස්සු ලක්ෂ ගානක් මැරුණේ කාට මොනවා කල හින්දද කියලත් කියනවද ? (නදී)
අතුල Thursday, 21 August 2014 02:43 PM
මගේ ආසම රට ජපානය. මේ ගැන දුකයි (නි)
පුෂ්පසිරි අල්විස් Thursday, 21 August 2014 06:24 PM
බෙනට්, අකුසල් නොකර පින්දහම් කටයුතු කරන්න (නි)
සුපුන් විමලසූරිය Friday, 22 August 2014 06:55 AM
ජපානය මාංශ පරිභෝජනය කරන රටවල් අතරින් ඉහලම ස්ථානයක සිටින රටක්. බහුතරය පිසීමෙන් තොරව පවා මාංශ පරිභෝජනය කරනවා. සතුන්ට වදහිංසා කරමින් ඝාතනය කරනු ලබනවා. මිනිසාගේ හිතවතුන් වන ඩොල්පින්ලා පවා අමානුෂික ලෙස ඝාතනය කර ආහාරයට ගනු ලබනවා. එවන් වූ රටකට මෙවැනි ස්වභාවික විපත් පැමිණීම සාමන්‍යි. පිලිපීනය,පාකිස්ථානය, සහ එවන් වූ අනිත් රටවල්වලටද ස්වභාවික විපත් හා යුද්දයෙන් පීඩා විඳින්නේ ඔවුන් කරන අකුසල් නිසාමයි.(නදී)
අතුල කටාර් Friday, 22 August 2014 01:15 PM
මෙතන දාන අදහස් වල හැටියට ලංකාවේ අය නම් සතුන් මරන්නේ නැහැ වගෙයි නේද? (නි)
පහන්දී Saturday, 23 August 2014 01:37 PM
මිය ගිය අය නිවනින් සැනසේවා..!! අපේ දුෂ්ට අදහස් සිත් ඇත්තෝ. නිවුණු සිත් ඇත්තෝ වෙත්වා...!!(අ)
රෝයි Saturday, 23 August 2014 04:24 PM
ප්‍රතිචාර දැක්කම ආශ්චර්ය ටිකක් දුරයි වගේ (අ)