සිරියා රජයට සහාය පළ කරමින් එරට කැරැුලිකරුවන්ට එරෙහිව සටන් වදින ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට සිරියාවෙන් පිටවන්නැයි ඇමෙරිකා රජය ඊයේ (29)අනතුරු ඇඟවීමක් කළේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සිරියානු අර්බුදයට මැදිහත් වීමෙන් සිදුවන්නේ එම අර්බුදය තව තවත් අවුල් වීමක් බවත් ඊට සාමකාමී විසඳුමක් සෙවීමට නොහැකි වනු ඇති බවත් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක ජෙන් සාකී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ හිස්බුල්ලා සටන්කාමීන් සටන් අත්හැර වහාම සිරියාවෙන් පිටවී යා යුතු බවය.
සිරියාවේ අසල්වැසියකු වන ලෙබනනයේ කි‍්‍රයාත්මක හිස්බුල්ලා සංවිධානය සටන්කාමී සංවිධානයක් පමණක් නොව, දේශපාලනික සංවිධානයක් ද වෙයි. ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් එම සංවිධානය ‘ත්රස්තවාදීන්’ ලෙස සළකයි.
සිරියාවේ සිවිල් යුද්ධය තමාගේ යුද්ධයක් බවත් එය අවසන් වනතුරු සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දෙන බවත් හිස්බුල්ලා නායක හසන් නසරල්ලා පවසා ඇත.
මේ වනවිට සිරියානු රජයේ හමුදාවට කැරැලිකරුවන් මර්දනය කිරීමට හැකිවී ඇත්තේ ද හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් ලැබෙන සහාය නිසාය.
සිරියාව සුන්නි මුස්ලිම්වරුන් අතට පත්වීම ලෙබනනයට තර්ජනයක් බව නසරල්ලා පවසා ඇත.
එපමණක් නොව, ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ සහාය ලැබෙන සිරියානු කැරැුලිකරුවන්ට තමන් කිසිදු සමාවක් නොදක්වන බවද ඔහු අවධාරණය කර ඇත. ඊශ්‍රායලය ද හිස්බුල්ලා සංවිධානයේ සතුරෙකි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හිස්බුල්ලා සටන්කාමීන්ට ඇමෙරිකාව අනතුරු අඟවයි...
රූපා Friday, 31 May 2013 11:54 AM
සුන්නි මුස්ලිම් කිවේ අපේ මහායාන වගේ එකක්ද? ෂියා සුන්නි ගැන දැනුමක් තියන මුස්ලිම් සහෝදරයෙක් ඉන්නවා නම් කියාදෙත්වා! (නි)
උදය Friday, 31 May 2013 12:04 PM
මෙම සිද්දීන් අප නොදැනුවත්වම ලෝක යුද්දයක් කරා ලොව රැගෙන යනවා දකින්නට පුළුවන. මොකද හිසබුල්ලා ඇමෙරිකාවට අවනත අයෙක් නොවන නිසා. (ස)
නිල්මිණි Friday, 31 May 2013 12:39 PM
මොනවා වෙන්න යනවාද මන්දා
නිටුන් Friday, 31 May 2013 12:56 PM
නැහැ උදය ,මොන ක්‍රමයකින් හරි මේ අන්තගාමී, ආගම්වාදී කොටස විනාශ කලේ නැතිනම් , ලෝකයේ යුද්ධ නැතුවම අනෙක් ජාතීන් සහ ආගම විනාශ කර දමන බව ඔයාලට පෙන්නේනේ නැද්ද? ඇමෙරිකා මොලය මගින් දැනටම වඳුරාගේ වලිගයට ගිනිතබා අවසන්. අපට සිදුවන දෙය අවබෝධ කර ගැනීමටත් මොලය මදිද? (නි)
දිසානායක Friday, 31 May 2013 02:43 PM
හිස්බුල්ල සංවිදනයට යන්න කියන්නේ සිරියාවට ගහන්න ඕනේ නිසා එකෙක් යන්න එපා ඇමෙරිකාවට බංග වෙඑවා (අ)
මධු Friday, 31 May 2013 09:45 PM
මුස්ලිම් අන්තවාදින් මේ ලෝකෙට එපා (නි)
තේෂාන් Saturday, 01 June 2013 10:34 AM
දැන් එතකොට කැරලිකරුවෝ ඔබම හම්බවෙලා සහය ගානකොට හොඳි....
උදය Sunday, 02 June 2013 01:37 PM
මුස්ලිම් කියන්නේ පිළිකාවක් කියල මම පිලිගන්නවා නිටුන්. ඒ වුනාට කියුබාව , ලංකාව වියට්නාමය මුස්ලිම් නොවෙයිනේ? අමතක කරන්න එපා ඇමෙරිකාව පාලනය කරන්නේ රතු ඉන්දියානුවන්ගේ දේශය හොරා ගත්තු හොරු රැලක් කියලා. තමුන්ට වුවමනා විදිහට තර්ක ඉදිරිපත් කරලා ශිෂ්ට ජාතියක් දීර්ග කාලීන සැලසුම් ඇතුව විනාස කරන්න මේ මිනිස්සුන්ට පුළුවන්. ලංකාව හින්දා යුරෝපා ඇමෙරික ආර්ථිකයට තර්ජනයක් එල්ල වෙලා තියෙන නිසා ලංකාවේ ආර්ථිකය විනාශ කරන්න මේ අය ඕනෑම දෙයක් කරාවී (නි)