X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


හොරේ අහුවුණොත් දඩේ ලක්ෂ දෙකයි

කාර්යබහුල එඩින්බර්ග් නගරයේදී නොසැලකිලිමත් රියැදුරෙකු විසින් පැයට සැතපුම්  35 ක වෙගයෙන් තම මෝටර් රථය පදවන අතරතුර ඔහුගේ උදේ ආහාරය වශයෙන් ධාන්‍ය වර්ගයකට කිරි දමා එය උකුල මත තබා ගෙන ආහාරයට ගෙන ඇත.

මෙහි විශේෂම සිදුවීම වන්නේ මෙම සියලුම සිදුවීම් දාමය කැමරාවක් සහිත හෙල්මටයක් පැලදගිය සය්කල්කරුවකුගේ කැමරාවේ  සටහන් වීමයි. ඔහු එම විඩියෝ දර්ශනය යූ ටියුබ්හි පලකර ඇති අතර ඉන්පසුව මෝටර් රථ රියදුරාද එය දැක පුදුමයට පත්ව ඇත.

රියැදුරාගේ වාසනාවට තවමත් පොලිසිය එම විඩීයෝව දැක නැතැයි කියති. නැතිනම් ඔහුට යූරෝ 1000 ක (රුපියල් 182920) දඩයක්  හිමිවනු  ඇත. 

(ඩේලි මේල් ඇසුරිනි)

 



අදහස් (0)

හොරේ අහුවුණොත් දඩේ ලක්ෂ දෙකයි

කැලුම් Friday, 01 November 2013 01:20 PM

ඕක මොකක්ද ලංකාවේ ජංගම දුරකථන කනේ ගහගෙන වාහන පදවන අය වැහි වැහැලා.තව හෙල්මට් එක අස්සෙන් දුරකථනය ගහගෙන යන අයත් ඕනේ තරම්. (ස)

:       0       0

දර්ශන් Friday, 01 November 2013 02:59 PM

නීතී සිය ගාණක් තිබුනත් වැඩක් නැහැ යුක්ති ගරුකව ජනතාව වැඩ කිරීමට පුරුදු වෙන්නේ නැත්නම්.හැම රටේම ඉන්නවා වගකීමකින් තරව වැඩ කර තමුන්වත් අනුන්වවත් අමාරුවේ දමන අය. (ස)

:       0       0

චමින්ද Friday, 01 November 2013 03:42 PM

මේ වේගය නම් එතරම් ගානක් නැහැ. ඕස්ට්‍රේලියාවේ මේ වගේ කෙනෙක්ව අහුවුනා ,වේගය පැයට කිලෝ මීටර් 110 යි. කකුල් දෙකම ඩෑෂ් බෝඩ් එක උඩ. ලොකු දඩයකුත් කාල, රියදුරු බලපත්‍රයත් සැහෙන කාලයකට නැති කර ගත්තා. (ස)

:       0       0

සම් Friday, 01 November 2013 03:46 PM

එතකොට බයිසිකල්කරු කරේ හරි වැඩක්ද? බයිසිකලේ පදින ගමන් ෆෝන් එකෙන් වීඩියෝ කරපු එක. (ස)

:       0       0

සහන Friday, 01 November 2013 04:27 PM

වයර් කනේ ගහ ගෙන සිංදු අහ අහ ඩ්‍රයිව් කරන අය කොළඹ පාරවල් වලත් ඉන්නවා. ගොඩක් අය ඉස් ඉසෙල්ලාම වාහනයක් ගත්ත අය කියලා පේනවා. හෝන් ගැහුවට ඇහෙන්නෙත් නෑ.පාරෙ කෙලින් යන්න තේරෙන්නෙත් නෑ. අහිංසකයො තමා අමාරුවෙ වැටෙන්නෙ. (ස)

:       0       0

ලක්ෂ්මන් Friday, 01 November 2013 06:04 PM

කැමරාවක් සහිත හෙල්මට් එකක්ලු නේද එය දාගෙන ඉඳලා තියෙන්නේ.කොහොම වුණත් පැපරාසියෙක් වගේනේ? (නි)

:       0       0

සුරංග Friday, 01 November 2013 09:03 PM

සම්, මා ළගත් තිබෙනවා ඔය කැමරාව.හෙල්මට් එකට සවි කරන්න පුළුවන්. ෆෝන් එකෙන් වීඩියෝ කරලා නැහැ. (නි)

:       0       0

චමත් [ලංකාව] Saturday, 02 November 2013 02:22 AM

ලක්ෂ්මන් ,මෙයා පැපරාසියෙක් නොවෙයි. මේ වාගේ කැමරා වලට කියනවා [ඇක්සිඩන්ට් කෑම්, වෙහිකල් රෙකෝඩර් ] කියලා. වාහන වල වින්ඩ්ස්ක්‍රීනයටත් මේවා සවි කරන්න පුළුවන්. සමහර කැමරා එනවා තනි ලෙන්ස් එක, සමහර ඒවා එනවා ලෙන්සස් දෙක. මේ ලෙන්සස් ඕනෑම අතකට හැරවිය හැකියි. යම් කිසි අනතුරක් සිදු වුවහොත් රියදුරාගේ නිර්දෝෂීභාවය ඔප්පු කීරීමට හෝ එතන සිදුවූ අනතුර සම්බන්ධයෙන් සාක්ෂියක් හැටියට මේ පටිගත කීරීම පොලිසියට හෝ උසාවියකට ඉදිරිපත් කළ හැකියි. වාහන හිමිකරුවන් මෙවැනි කැමරා සවි කීරීම අදට ඉතා කාලෝචිත දෙයක් බව මාගේ හැගීමයි. නමුත් ගණන නම් ටිකක් වැඩි ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site