ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ විනාශයත් සමග අතහැර දැමූ ප්‍රදේශ දැන් සොබාදහමේ ගොදුරක් වී ඇති ආකාරය පෙන්වන අපූරු ඡායාරූප රැසක් මේ වනවිට අන්තර්ජාලයට එක්කර තිබේ. 2011 සුනාමි තත්ත්වයක් ද ඇතිකරමින් සිදුවූ භූමිකම්පාවකින් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට හානි සිදුවිය. මේ හානියත් සමග ඒ අවට කිලෝ මීටර 12.5ක් දක්වා ජනතාව වහාම ඉවත් කැරිණි. ඔවුන් ඒ වනවිට භාවිතා කරමින් සිටි සියලු උපකරණ ඇතුළු දේපල සියල්ල දමා ආරක්ෂිත ස්ථාන වෙත යැවිණි.
එදා අතහැර දැමූ සියල්ල දැන් සොබා දහම විසින් ගිලගනිමින් පවතින බව එම ප්‍රදේශයේ ඡායාරූප රැසක් සනාථ කරයි. එමගින් මැවී ඇත්තේ අපූරු පරිසරයකි. නවීන යන්ත්‍ර සූත්‍ර ඇතුළු වාහන රැසක් ද පරිගණක සහිත කාර්යාලය, පොත්පත් සහිත පුස්තකාල පවා දැන් වනයෙන් වැසී යමින් පවතී. මහා මාර්ග ද වනාන්තර වෙමින් පවතී.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ෆුකුෂිමා බලාගාර පෙදෙස කැලේට යයි
නිලංග Friday, 09 October 2015 02:26 PM
සුචිත්ත ගේ කතාව හරි ඔය කළු පාට මලුවල දාල ගොඩ ගසා තියෙන්නේ ටොන් දහස් ගණනක ව්කිරණ අපද්‍රවය ඒ වගේම දවසකට ගන මීටර400 පමණ අපද්‍රවය සහිත ජලය මෙම බලාගාරයෙන් පිට කරනවා ඒවා විශාල ටැංකි වලට පුරවා පසුව පිරිසිදු කර මුහුදට පිට කරනවා ඒ වගේම මෙම බලාගාරය කේන්ද්‍ර කොට කිලෝමීටර් 70 ප්‍රදේශයක ජනතාව ඉවත කරනු ලදී. ඒ මිනිසුන් තවම තවකාලික නිවාස වල පදිංචි කර ඇත. තමන්ගේ සියලු දේ දමලා ජීවිතය බේරා ගැනීම සදහා එම පළාතින් ජනයා පිටවූවේය අද මේ සියලු දෙනාට වන්දි ලබා දීමට තීරණය කර ඇත. තව වසර 30 කාලයක් පසු වෙනතුරු මෙම ප්‍රදේශය මොනම දෙයකටවත් සපුරා තහනම් කලාපයකි. (ර) ර
චරිත Sunday, 25 October 2015 04:10 AM
යුක්රේනයේ චර්නොබිල් වගේමයි.....(රේ)
පුෂ්පා Tuesday, 13 October 2015 12:10 PM
ජපානේ ඇවිත් වාහන උස්සන කල්ලි ගොඩක් ඉන්නවා ...මෙතෙන්ට යන්න දෙන්නේ නැති හින්ඳ තමා මේ වාහන මෙහෙම ඉතුරුවෙලා තියන්නේ (බ)
චන්දික Tuesday, 13 October 2015 04:26 AM
විශාල අපරාධයක්... (නි)
මංගල Tuesday, 13 October 2015 04:09 AM
අනේ ෂෝක් කාර් ටික... දුකේ බැහැ. ජපන් කාර්නෙ අනේ! අයියෝ මගේ පපුව! (නි)
රොෂාන් Monday, 12 October 2015 06:10 PM
තාක්ෂණයේ වරදක් නෙමෙයි, භාවිතා කරන ක්‍රමයේයි වරද (නි)
රසිකා Monday, 12 October 2015 02:01 PM
මේවා දැක්කම බයත් හිතෙනවා. තාක්ෂනේ එපා වෙනවා. (ර)
ජයාත් Monday, 12 October 2015 01:19 AM
ගයාන්, මට නම් එකපාරටම මතක්වුණේ ජුරසික් පාර්ක් නෙමෙයි, බැද්දේගමේ සිලිඳුගේ ගෙදරට අන්තිමේදී වුණ දෙය (නි)
ඉරෝෂ් Sunday, 11 October 2015 10:53 AM
බල ශක්තිය ජන ජිවිතයට අත්‍යවශ්‍ය දෙයක් වුනත් න්‍යෂ්ටික බලාගාර රටක දියුණුවට යොදාගැනීම අනාගත පරපුරට කරන තර්ජනයකි. ස්වභාව ධර්මය අපට සියලු දේ ලබා දී තිබියදීත් අනවශ්‍ය පරිදි බල තණ්හාවට යාම නිසා මනුෂ්‍ය වර්ගයා කර ගන්නේ තමන්ගේ වල තමන් විසින්ම කැප ගැනීමය. (බ)
කිත්සිරි Sunday, 11 October 2015 02:02 AM
අපරාදේ! (නි)
ගයන් Saturday, 10 October 2015 07:29 AM
'ජුරාසික් පාක්' චිත්‍රපටය මතක් වෙනවා. (ර)
පහන් Thursday, 08 October 2015 04:05 PM
ලංකාවට යකඩ ගොඩවල් සහ ජපානයේ සියලුම කුණු පටවන අය හෝ ගල දැන් ෆුකුෂිමා යනවා ඇති (බ)
පිටබැද්දර ජයා Friday, 09 October 2015 01:12 PM
ජීව, නොදන්න දෙයක් අහල දැනගන්න එක හුඟාක් වටිනවා නොදන්නා දේ දන්නවා වගේ ඉන්නවට වඩා . (ර)
සිදත් Friday, 09 October 2015 12:51 PM
ආනන්දගේ කතාව හරියට හරි. (ර)
ආනන්ද Friday, 09 October 2015 11:49 AM
අපේ අයට අවස්ථාව ලැබුනොත් මේවා ලංකාවට පටවයි විකිරනත් සමග. (ර)
සුමුදු පෙරේරා Friday, 09 October 2015 10:31 AM
සියල්ල අනිත්‍යයි කියන බුදු වදන සනාථ කරන්න මේවා හොද උදාහරණ. (ර)
ජීව Friday, 09 October 2015 10:13 AM
ලංකාවෙ ජනතාවගෙන් වැඩියෙන් ඉන්‍නෙ නදීකලා වගේ අය තමයි. (ර)
තාරක Friday, 09 October 2015 03:42 AM
නදීකා,ඔය ප්‍රදේශයේ විකිර්ණ තත්වය ගොඩක් වැඩියි. එවාට අනාවරණය වුණොත් දිර්ඝකාලින බලපැම් ඇති කරන්න පුලුවන්. එනිසා තමයි තමන් මහන්සිවෙලා හම්බ කරගත්ත දේවල් පවා අතඇරලා ගිහින් තියෙන්නෙ (නි)
ඉමේෂ් Friday, 09 October 2015 02:32 AM
මේවා ජාතික අපරාධ (නි)
සුචිත්ත Friday, 09 October 2015 02:31 AM
මම ජපානයේ ඉන්නේ. ඔය පැත්තට කිසිම කෙනෙකුට යන්නේ දෙන්නේ නැහැ. ජපන් භාෂාව ඉගෙනගන්න කියලා ඇවිල්ලා හොරෙන් ඉන්න අය ඔය පැතිවල සුද්ධ කරන රස්සාවට යනවා. කුණු ගොඩවල්, අතහැරපු ගෙවල් වල බඩු ලංකාවට පටවන්න හදලා කට්ටියක් අල්ලලත් තිබුනා. (නි)
නදීකා Thursday, 08 October 2015 10:35 PM
ඉතින් ඇයි මේ අතහැර දැමූ වාහන එහෙම නැවත ගෙනල්ලා පාවිච්චියට ගන්න බැරි? (නි)
අතුල Thursday, 08 October 2015 09:18 PM
මිනිසා විසින් විනාශ කරනු ලබන සුන්දර පරිසරය සොබාදහම විසින් නැවතත් සෙමින් සහ ක්‍රමානුකූලව යථා තත්වයට පත්කරනු ලබන බවට හොඳ උදාහරණයකි මෙය. (නි)