සුප්‍රසිද්ධ චිත්‍රකතා සහ කාටූන් චරිතයක් වන ටින්ටින්ට ද අයි.එස්. හෙවත් ඉස්ලාමීක් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ අළුගෝසුවා වන ජිහාදි ජෝන්ගෙන් මරණ තර්ජන එල්ල වී ඇතැයි පෙන්නුම් කරමින්, කාටූන් සිතුවම් පෙළක් මේ වනවිට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.
ටින්ටින් යනු මාධ්‍යවේදියෙකි. රට රටවල සංචාරය යෙදෙමින් වීර වික්රමවල යෙදෙන ටින්ටින් චරිතය නිර්මාණය කරනු ලැබුවේ බෙල්ජියම් කාටූන් ශිල්පී ජෝර්ජ් රෙමී විසිනි. ඔහු ටින්ටින් කතා නිර්මාණය කළේ ‘හර්ජ්‘ යන අනුවර්ථ නාමයෙනි. ටින්ටින් චිත්‍රකතා පොත් පෙළට අනුව හඳට ගිය පළමු මාධ්‍යවේදියා ද ටින්ටින්ය.
අයි.එස්. ත්රස්තවාදීන් මේ වනවිට විදෙස් මාධ්‍යවේදින් රැසකගේ බෙලි කපා මරා දමමින් එම දසුන් අන්තර් ජාලයට මුදා හැර ඇත. ඊට විරෝධය දැක්වීමක් ලෙස ටින්ටින් රසිකයන් පිරිසක් මෙම නිර්මාණය කරන්න ඇතැයි පැවැසෙයි.
අන්තර් ජාලයේ පළ වී ඇත්තේ ජිහාදි ජෝන් අළුගෝසුවා ටින්ටින් මරා දැමීමට සූදානම් වන අයුරු දැක්වෙන සිතුවමකි. එය zඉරාකයට ගිය ටින්ටින්Z යනුවෙන් නම් කර ඇත.
පළමු වරට ටින්ටින් වික්‍රමයක් එළිදැක්වූයේ 1930 දීය. එය ‘සොවියට් දේශයට ගිය ටින්ටින්‘ නම් විය. දෙවැනි ටින්ටින් වික්‍රමය වන ‘කොංගෝ ගිය ටින්ටින්‘ නිර්මාණය වූයේ 1931 දීය. මෙම පොත් දෙකම දැඩි ලෙස විවේචනයට ලක් විය. මේවා වැඩි වශයෙන් ප්‍රසිද්ධියට පත් වූයේ හෝ මේවා ඇසුරින් කාටූන් නිර්මාණය වූයේ හෝ නැත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘අයි එස් අලුගෝසුවා ටිං ටිං පස්සෙත් පන්නයි‘
චන්ද්‍ර වීරසිංහ Sunday, 15 February 2015 07:44 PM
ටින්ටින් නියම උච්චාරණය ටැන් ටැන් ලෙසින් විය යුතුය. මෙම චරිත නිර්මාතෘ හර්ජ් විසින් එය පවසා ඇත.(නදී)
අනුර Monday, 16 February 2015 02:24 AM
උච්චාරණය මෙතනට අදාල වැදගත් කරුණක් නොවේ. (නදී)
හර්ෂ Monday, 16 February 2015 03:52 AM
චන්ද්‍ර ස්තුතියි, එවැනි දේත් වැදගත්. චරිතයක් වටා තිබෙන සියලු දේ වැදගත්. ටැන් ටැන් චරිතයට එහි සමාජ මෙහවර උදෙසා සම්මාන පවා ලැබිලා තියෙනවා (නදී)
දුමින්ද Monday, 16 February 2015 04:50 AM
ත්රස්තවාදයට උඩ ගෙඩි (නදී)
එරංග Monday, 16 February 2015 05:09 AM
ස්නොවී කෝ ? (නදී)
නුවන් Monday, 16 February 2015 12:57 PM
මම දැක්ක එංගලන්තේ ඉන්න කට්ටියක් පෙප්ප පිග් කියන කාටුන් එකට විරුද්දව පෙළපාලි යන්න හදනවා.මොකද ඒකෙ ඌරෙක් ඉන්න නිසා! (අ)
ශිරන්ති Tuesday, 17 February 2015 04:13 AM
ටින් ටින් වැනි අහිංසක චරිතයක් යොදාගෙන කළ මෙම කාටුනයෙන් කුරිරු ත්රස්තයන්ගේ ම්ලේජ්ජ බව වෙත සමාජ අවධානය තවත් ලැබී ඔවුන් හෙළා දැකීමට මහඟු රුකුලක් ලැබෙනවා .(දිල්)