X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


‘ඕමානයේ හිස ගසනවා‘

නුදුරු අනාගතයේ දිනයකදී ඇමරිකාවද තම අණසක යටතට පත්කරගන්නා බවත් එදිනට ප‍්‍රසිද්ධියේ ඇමරිකා ජනපති බරක් ඔබාමාගේ හිස සිඳලන බවත් සඳහන් කරමින් නව වීඩියෝවක් නිකුත් කිරීමට අයිඑස් අන්තවාදීහු කටයුතු කර තිබේ.

එම වීඩියෝවේ බිම දණගැස්වූ කුර්දි ජාතික සොල්දාදුවෙකු පසුපස සිට ඇමරිකාවට, ප‍්‍රංශයට හා බෙල්ජියමට අනතුරු අඟවන අයිඑස් අන්තවාදීන් පිරිසක් දැක්වේ.වීඩියෝව අවසාන වන්නේ එම කුර්දි ජාතික හමුදා භටයාගේ හිස ගසා දැමීමෙනි.

පසුගියදා ප‍්‍රංශයේ පුවත්පත් කාර්යාලයකට අන්තවාදී ප‍්‍රහාරයක් එල්ල වූ අතර එම කාර්යාලයේ ප‍්‍රධාන පුවත්පත් කලාවේදීන් කිහිපදෙනෙකුම එම ප‍්‍රහාරයෙන් මරු දැකීය.බෙල්ජියමේද මෙවන් ප‍්‍රහාරයක් එල්ල කිරීමට අන්තවාදීන් දියත් කර තිබුණු සැළැස්මක් අනාවරණය කර ගැනීමට එරට පොලිසිය සමත්ව ඇත.

ඇමරිකාව කෙරේ නොසිඳෙන වෛරයකින් පසුවන අයිඑස් අන්තවාදීහු සැප්තැම්බර් 11 ප‍්‍රහාරය හා සමාන මහා පරිමාන ත‍්‍රස්ත ප‍්‍රහාරයකට පිඹුරුපත් සකසමින් සිටිය හැකි හෙයින් ඒ පිළිඹදව ඇමරිකාව සෝදිසියෙන් සිටිය යුතු බවට විචාරකයින් අනතුරු අඟවයි.

අන්තවාදීන්ට එරෙහිව සටන් දිගටම කි‍්‍රයාත්මකව පවතින අතර මුහුණට මුහුණලා සිදුවන ගැටුම් වල පෙරමුණේ සිටින්නේ කුර්දි ආරක්ෂක අංශයන්ය.මාස 2 ක් පුරා දිවූ දරුණු සටන් වලින් පසු ඔවුන් පසුගියදා අයිඑස් අන්තවාදීන්ගේ ප‍්‍රධාන බලකොටුවක් වුනු සිරියාවේ කොබේන් නගරය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීමට සමත් විය.

මෙය විශාල ජයග‍්‍රහණයක් වූවත් සටන ඉදිරියටම ගෙනයෑමටනම් කුර්දි සේනාංක වහාම ප‍්‍රතිසංවිධානය විය යුතුව තිබෙන බව සටන් පෙරමුණේ සිටින මුල් පෙලේ කුර්දි ආරක්ෂක අංශ නිළධාරීන් පවසයි.



අදහස් (0)

‘ඕමානයේ හිස ගසනවා‘

ජොනී Friday, 30 January 2015 05:08 PM

වැරැද්ද ඇමරිකාව නෙමෙයි ත්‍රස්තවාදයයි (නදී)

:       0       0

අබේ-ටෝකියෝ Tuesday, 03 February 2015 03:39 PM

ඔබාමාට මේවා හොද පාඩම්. කොටි හැත්ත ලංකාවේ අපේ මිනිස්සු, දරුවෝ දහස් ගන්නන් මරනකොට උන් කිවා නිදහස් අරගලයක කොටස් කාරයෝ කියලා. (නදී)

:       0       0

චන්ද්‍ර Tuesday, 03 February 2015 10:47 AM

මෙම ලිපිය ඕමානය ට කිසිම සම්බන්ධකමක් නැහැ ." ඕමාන ,ඔබාමා වචන දෙක පැටලවිලා. ඕමානය ඉතා සාමකාමී රටක්.(හේ)

:       0       0

අසින්ත Monday, 02 February 2015 07:24 AM

මයික්, ඇමෙරිකාව නිසා තමයි මේ ලෝකයේ ගොඩක් රටවල යුද්ධ ඇතිවෙන්නේ. ඇමරිකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය අවි ආයුධ වෙළදාම කියලා ඔයා දන්නේ නැද්ද? මේ ලෝකයම සාමකාමී වුණොත් කොහේවත් යුද්ධ නැතිවුණොත් ලෝකයේ තිබෙන දුප්පත්ම රට ඇමෙරිකාව බවට පත්වෙනවා. ඒ නිසා එයාලා කරන්නේ දියුණුවෙමින් පවතින රටවල අභ්‍යන්තරයට ඇඟිලි ගහලා ඒවා අස්ථාවර කරලා ඇතුළේ ගැටුම් ඇතිකරන එක. (නි)

:       0       0

සරත් Sunday, 01 February 2015 04:21 AM

ඕමානය කියන්නේ ඉතාමත් සාමකාමී රටක්. (නදී)

:       0       0

නාලි Sunday, 01 February 2015 12:43 AM

නියමයි (නදී)

:       0       0

කසුන් ධර්මවංශ Saturday, 31 January 2015 08:22 AM

දැන් කරන්න තිබෙන හොඳම දේ අපේ සිංහලකම රැකගන්න අපි ඉස්සරහට එන එක මිසක් කාගෙන්වත් පිහිට බලාගෙන ඉන්න එක නෙමෙයි. (නි)

:       0       0

මුතුනායක Saturday, 31 January 2015 06:13 AM

සංජීව ඉතාලිය තුලත් අපට ඉතා හොඳයි. (නදී)

:       0       0

සංජීව- ඇමරිකාව Friday, 30 January 2015 11:29 PM

ටිකක් අමාරුවෙයි ඒක නම්.අපේ රටට කරන අනවශ්‍ය ඇඟිලි ගැසීම් වලට අකමැති වුවත්, කවුරු කොහොම කිවුවත් ඇමරිකාව තුළදී පිටරැටියෙකුට ලැබෙන තැන හා ගරුත්වය ලෝකයේ වෙන කිසිම රටකදී ලැබෙන්නේ නැහැ. ඒක මම අත්දැකීමෙන් කියන්නේ. එංගලන්තයේ මම අවුරුදු 2ක් ඉගෙනගත්තා. ඉතාම අප්‍රසන්න අත්දැකීම් ගොඩක් ලැබුවා. (නි)

:       0       0

තිලක් Friday, 30 January 2015 07:47 PM

ඇමරිකාව ඇතුවත් බැහැ, නැතුවත් බැහැ (නි)

:       0       0

පෙරේරා Thursday, 29 January 2015 06:59 AM

ඕමානය ගැන මොකුත් සඳහන් වෙන්නේ නැහැනේ.? (ර)

:       0       0

මයික් Friday, 30 January 2015 03:18 PM

සමන්, ඇමෙරිකාව නැත්නම් මුළු ලෝකයම අන්ත වාදීන්ට යටත් වේලා ඒක අමතක කරන්න එපා (නදී)

:       0       0

මංජු Friday, 30 January 2015 01:07 PM

නමුත් පර්සි , ඔය කියන ජාතික වීරයාගේ සහෝදරයන්, ඥාතින් හිතවතුන් විතරක් නෙවෙයි කැබිනට් මණ්ඩල සාමාජිකයන් පවා ඇමෙරිකානු පුරවැසියන්. රාජ්‍ය නායකයෙකුගේ කුමන හෝ ප්‍රතිපත්තියක් වුනත් විනිවිද භාවය තිබෙන්න ඕන නේද ? (නදී)

:       0       0

පර්සි Friday, 30 January 2015 05:16 AM

හරියට හරි සමන්.මේ ටික තේරුම් ගත්තු අපේ රටේ ජාතික වීරයා අතිගරු මහින්ද රාජපක්ෂ මහතා.වැඩි ඇතක නැහැ එතුමාගේ අගේ රටට දැනෙන කාලය ඉක්මනින්ම පැමිණෙනවා. (බ)

:       0       0

සමන් වන්නිආරච්චි Thursday, 29 January 2015 01:08 PM

ලොව සිටින අංක එකේ ත්‍රස්තවාදියා ඇමරිකා එක්සත් ජනපදය. සිරියාවේ මොහමඩ් අලි බසාර්ට එරෙහිව ඇමරිකාව නිර්මාණය කළ අයිඒස්අයිඑස් ත්‍රස්තයින් අද ඇමරිකාවටම ආපසු පහර දෙනවා. අල්කයිදාවත් බිහි කළේත් ඇමරිකාව. ඇමරිකාව අපට ලංවන්නෙත් ආදරයට හෝ හිතවත් කමට නොවන බව අනාගතයේදී ව්‍යසනයකින් පසු තේරුම් ගනීවි. (නදී)

:       0       0

උදයකුමාර Thursday, 29 January 2015 12:43 PM

ඕමානය යනු මැදපෙරදිග රටවලින් අංක 1 ට තිබෙන ඉතාම සාමකාමී රටක් බව කාරුණිකව දන්වා සිටිමු. වසර 26ක සේවා කාලයක් ගෙවන ශ්‍රී ලාංකිකයෙකු වන මා මෙම රටටත් මෙහි රටවැසියනටත් ඇත්තේ නොමද ගෞරවයකි. (නදී)

:       0       0

සුජීව Thursday, 29 January 2015 11:05 AM

මට බය මේගොල්ලෝ නිසා අපායෙත් ඉඩ නැති වෙයිද කියලා. (දිල්)

:       0       0

උයන්ගොඩ Thursday, 29 January 2015 09:45 AM

ලෝකේ කොහෝ උනත් ත්‍රස්තයන් එකයි. එහෙත් ත්‍රස්තයන්ගේ කාලය ඉතාම කෙටි බව ඔවුන් දන්නේ නැහැ.ඔය කියනා ඒවා සිහිනෙන් වගේ කියවන දේවල් (දිල්)

:       0       0

සිතු Thursday, 29 January 2015 08:20 AM

පෙරේරා ඔබ හරි. ඔබාමා සහ ඕමානය පැටලිලා වගේ. (නදී)

:       0       0

කුමාර Thursday, 29 January 2015 08:07 AM

ඒකනම් වෙන දෙයක් නෙමෙයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site