අධි තාක්ෂණික ‘ස්මාට් ෆෝන්‘ ජංගම දුරකථන භාවිතය අතහැර ක්‍රමයෙන් අතීතයේ භාවිතා කළ ‘ගඩොල් භාග‘ ජංගම දුරකථන භාවිතයට නැඹුරු වීමේ ප්‍රවණතාවක් පෙනෙන්නට තිබේයැයි අන්තර්ජාතික වෙළදපොළ නිරීක්ෂකයෝ කියති.
අන්තර්ජාලයේ මේ දිනවල පැරණි ජංගම දුරකථන අලෙවි වෙමින් තිඛෙණුයේ උණු කැවුම් මෙනි.ඇතැම් අවස්ථාවන්හි එවන් පැරණි ජංගම දුරකථනයක් ඩොලර් 1000 ක් (රුපියල් 132000) වැනි ඉහළ මිල ගණන් වලට පවා අලෙවි වී ඇති අවස්ථා වාර්තා වේ.
නොකියා,මෝටරොල්ලා හා සෝනි එරික්සන් සමාගම් එදවස නිපදවූ පැරණි ජංගම දුරකථනයන්ට ඉහළ ඉල්ලූමක් ඇති බව සදහන්ය.
මෙම ජංගම දුරකථන මිලයට ගන්නා පුද්ගලයින්ගෙන් වැඩි දෙනා වැඩිහිටියන් යැයි පැරණි ජංගම දුරකථන අලෙවියේ යෙදෙන එවන් එක් වෙබ් අඩවියක් කියයි.වත්මන් ජංගම දුරකථනයක්ගේ මෙන් නොව බැටරිය සුමාන ගණන් පැවතීමද,ෆේස්බුක්ද ට්විටර්ද යැයි හතර අතේ සම්බන්ධ නොවී ඇමතුමක් ගැනීමට හා පිළිතුරු දීමටත් අවශ්‍ය විටෙකදී කෙටි පණිවුඩයක් යැවීමටත් පමණක් පහසුකම් ජංගම දුරකථනයේ අන්තර්ගතවීමද ඔවුන් පැරණි ජංගම දුරකථනයන් මිලයට ගැනීමට බලපා ඇති හේතු වී ඇතැයි එහි සදහන්ය.
විශේෂඥයින් පවසන්නේ මේ ප්‍රවණතාවට හේතුව දැන් දැන් බොහෝ දෙනා තම ජංගම දුරකථනය සරල උපකරණයක් වනවාට කැමැති වීම බවයි.වර්තමානයේ ජංගම දුරකථන වලටම සිරවී ගෙවන ජීවිතයෙන් මිදී ජංගම දුරකථනය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇමතුම් ලබා ගැනීමේ කටයුතු සදහා පමණක්ම භාවිතා කිරීමට බොහෝ දෙනා කටයුතු කරමින් සිටින බව ඔවුන් පවසයි.
තවද අධි තාක්ෂණික ජංගම දුරකථනයන් භාවිතා කරමින් සිටින බහුතරය අතර සරල ‘සීයලාගේ කාලයේ‘ ජංගම දුරකථනයක් භාවිතා කිරීමෙන් කැපී පෙනෙන්නටත් ඇතැමුන් ආශා කිරීමත් මෙයට තවත් හේතුවක් වී ඇතැයි ඔවුන් කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘ගඩොල් බාගේ‘ යළි උපදී
පිටිගල Wednesday, 28 May 2014 10:19 PM
ඒක නියමයි. හදිසියකට සතුරෙකුට වුණත් වැටෙන්න ගහන්න පුළුවන්. (නි)
අනිල් Wednesday, 28 May 2014 10:26 PM
පැරණි දේවලට දැන් කොහොමත් ඉල්ලුම වැඩියි (නි)
සමන්ති Thursday, 29 May 2014 04:15 AM
දැන් ස්මාර්ට් දුරකතනත් ගඩොල් කැට ප්‍රමාණයම තමා . දැන් ගෑනුලමයි මුහුණ හැඩ බලන්නෙත් දුරකතනයේ කැමරාවෙන් තමයි (අ)
සමන් Thursday, 29 May 2014 08:00 AM
ටයිල් කැටේ අතහැරලා ආපහු ගඩොල් බාගෙට. මොනවා වුනත් ඒ කාලේ ආපු ඒව තමා නියම දුරකථන. කෝල් ගන්නද, අඹ කඩන්නද, ගෙදරට හොර පුසෙක් අවොත් දමල ගහන්නද ඕන වැඩකට කියාපු භාණ්ඩේ. (ස)
කුමාර Thursday, 29 May 2014 11:37 AM
එ්ක නම් ඇත්ත. මමත් පිලිගන්නවා. ෆෝන් එක තියෙන්නේ ඇමතුම් ගන්න සහ පණිවුඩ යවන්න. නමුත් මෙමගින් අන්තර්ජාලයට යාම, සමාජයේ ඉහල තැනැත්තෙක් බව මෙන්ම කාර්ය බහුල පුද්ගලයෙක් බව පෙන්වීමට බොහෝ දෙනා යොදාගනී. අන්තිමේදී මසකට රු3000 සිට 10,000 වැනි මුදල් එක පවුලකින් ෆෝන් සහ බිල් වලට යට කරයි! (ස)
අනුරශාන්ත Thursday, 29 May 2014 01:35 PM
කොහෙද පිංතූරයක්වත් නෑනේ බලන්න. (ස)
ජීවන් Friday, 30 May 2014 11:42 PM
ඒක හොදයි.ගොඩක් අපචාර අඩුවෙයි (ස)
දිනේෂ් Saturday, 31 May 2014 12:29 AM
‘ඕල්ඩ් ඉස් ගෝල්ඩ්‘ කිවුවේ කට කහනවටය.(ස)
අජිත්කරුණාරත්න ලියනගේ Saturday, 31 May 2014 10:13 AM
හරි ශෝක්, මේ මගේ ලඟත් තියෙනවා 888 එකක්. අලුත්ම වගේ. ලෙඩේ මේකනේ,එ්කෙ සිම් මාරුකරන්න බැහැ. (ස)