X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


‘පියාඹන පීරිසි ඇමෙරිකාවෙන් අන්තර් ජාලයට‘

1948 වසරේදී ඇමරිකා එක්සත් ජනපදය හදුනානොගත් පියාසර යානා සම්බන්ධයෙන් සෙවීමට ආරම්භ කළ රහසිගත මෙහෙයුමක තොරතුරු ඕනෑම අයෙකුට ලබාගත හැකි පරිදි අන්තර්ජාලයට එක් කිරීමට බළධාරීන් කටයුතු කර තිබේ.

ප්‍රොජෙක්ට් බ්ලු බුක් ලෙස හැදින්වුණු මේ මෙහෙයුමෙන් හඳුනානොගත් අභ්‍යාවකාශ යානා දර්ශනය වීම් සම්බන්ධව එවක ලැබුණු වාර්තා 12000 ක් පමණ අධ්‍යනය කිරීම හා විශ්ලේෂණය කිරීම සිදුව ඇති බව සඳහන්ය.

මෙහෙයුම් වාර්තා වල දැක්වෙන ආකාරයට ඉන් සිදුවීම් බොහෝමයක් සාවද්‍ය යැයි ඔප්පුවී තිබෙන මුත් සිදුවීම් 701 ක සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකිව තිබේ.

දැන් මෙහෙයුම් වාර්තා අන්තර්ජාලයට එක්කර තිබෙන නිසා මේ අභිරහස් සිදුවීම් 701 විසඳීමට මෙම ක්ෂේත්‍රය පිළිඹඳ උනන්දුවක් ඇති ඕනෑම අයෙකුට උත්සාහයක් දරා බැලිය හැකියැයි ඇමරිකා බළධාරීන් කියයි.

‘පියාඹන පීරිසි - (ෆ්ලයින් සෝසර්ස්)‘ ලෙස හඳුනානොගත් අභ්‍යාවකාශ යානා හැඳීන්වීමේ ආරම්භයද සනිටුහන්ව ඇත්තේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ සමයේදීය.අද්භූත යානයක් දුටු බව මුලින්ම ලොවට පැවසූ ව්‍යාපාරිකයෙකු හා ගුවන්යානා ක්ෂේත්‍රය පිළිඹද උනන්දුවක් ඇත්තෙකුවූ ඇමරිකා ජාතික කෙනත් ආර්නෝල්ඩ් ඒවා ගමන් ගත් ආකාරය ගැන පුවත්පතකට විස්තර කර තිබුණේ ‘ඔබ ජලයට ඉහළින් පීරිසියක් විසිකළහොත් එය ගමන් කරනවා වගේ‘ යැයි ලෙසය.එයින් පසුව මෙම යානා පියාඹන පීරිසි ලෙස හැඳින්වෙන්නට වුණි.

කෙනත් දුටු දේ පැහැදිලි කිරීමට එදවස ඇමරිකා විද්‍යාඥයෝ හා ආරක්ෂක බළධාරීහු නොයෙකුත් පැහැදිලි කිරීම්ද ඉදිරිපත් කළහ.නමුත් කෙනත් ඒ කිසිවක් පිළිගත්තේ නැත.

අද දිනයේ ඒ අතීත සිදුවීම් නැවත වරක් විපරම් කර බැලීමට අවස්ථාව උදාවී ඇත.

24AD5C9400000578-2908998-image-a-11_1421198873028 24AD006D00000578-2908998-image-a-67_1421189629415 24AD007100000578-2908998-image-a-68_1421189636474



අදහස් (0)

‘පියාඹන පීරිසි ඇමෙරිකාවෙන් අන්තර් ජාලයට‘

හරිත කෞෂාන් Saturday, 17 January 2015 05:05 AM

පිටසක්වල ජීවින් හා හඳුනා නොගත් පියාසර වස්තූන්. (නදී)

:       0       0

නුවන් Saturday, 17 January 2015 10:54 AM

ප්‍රොජෙක්ට් බ්ලු බුක් මේ ආකාරයට අන්තර්ජාලයට එක කරන්නට ඇමරිකානු රජයට සිදුවුයේ මෙහි ඇතැම් කොටස් මිට කලින් හොර රහසේම ලොවට හෙළි වූ නිසා. ඔවුන් සතුව අල්ලගන්නා ලද අවම වශයෙන් එක පියාඹන පිරිසියක් තිබෙන බවත් ඔවුන්ට එහි තාක්ෂනය තවමත් තේරුම් ගත නොහැකි බවත් වාර්තා වෙනවා (නදී)

:       0       0

නිමල් Sunday, 18 January 2015 07:15 AM

හා හා අපරාදේ නුවන් ඇමෙරිකාවට ගියා නම් තේරුම් ගන්න තිබුනා. (නදී)

:       0       0

දනිලා Monday, 19 January 2015 08:37 AM

ඔවුන් සතුව පියබන පිරිසි කෙහිපයක් තිබේ එක එක වර්ගයේ සහ ඔවුන් සමග නොයෙක් වයේ පරීක්ෂණ කරන බවට තොරතුරු ලැබී ඇත මෑතකදී ඇෆ්ගනිස්තනයේදී ද පියාබන පීරිසයක් සොයාගෙන එය අමෙරිකාවට රැගෙන ගොස් ඇත,පිටසක්වල ජීවින් අත්ටටම සිටි.(හේ)

:       0       0

ජයත් Monday, 19 January 2015 10:57 AM

නිමල් මේක විහිළුවකට ගත්ත එක ගැන මට කණගාටුයි. මේ ක්ෂ්ත්‍රය තවමත් විසඳාගත නොහැකි ගැටළු රාශියක් පවතින ක්ෂේත්‍රයක්. නුවන් කියන විදියේ සහ තවත් " කතා " මේ ගැන තියනවා. ඒවා ඇත්තද නැත්තද කියල හරියටම කියන්න තවම බැරිවෙලා තියනවා. එහෙම තියෙද්දී කොහොමද ඇත්තටම එයාල ඉන්නවා කියල නිගමනය කලේ (නදී)

:       0       0

ප්‍රසංග Tuesday, 20 January 2015 11:40 PM

පියාඹන පීරිසියක තාක්ෂණය මට නම් හිතාගන්න පුලුවන් (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 21 January 2015 10:33 PM

අපේ ගෙදරත් ඉඳලා හිටලා පීරිසි පියාඹනවා. (නි)

:       0       0

උක්කුන් පුතා Thursday, 22 January 2015 10:34 AM

අප්පුවා නියම කතාව. අපි දන්නේ ඒ පිරිසි පමණි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site