X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


‘පොහොසත් රටවල් ලොව කනවා‘

පොලන්තයේ වර්සව් හිදී පසුගියදා පැවැත්වූ ලෝක දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ සමුළුවේදී මෑතක සිට ඉහළ ගොස් ඇති ස්වභාවික ව්‍යසන වලට හේතුව මිනිසාගේම ක්‍රියාකාරකම් යැයි චෝදනාවක් නැගුනි.

මෙම චෝදනාව පසුපස සිටියේ චීනය ඇතුලූ සංවර්ධනය වෙමින් පවතින රටවල් 130 කි. සංවර්ධිත රටවල් එදවස සිට සංවර්ධනයේ නාමයෙන් ඉවක් බවක් නැතිව කළ දේවල ප්‍රතිඵල දැන් ලොවටම අත්විදීමට සිදුව තිබෙන්නේ යැයි ද ඒවාට වන්දි ගෙවීමට සිදුව තිබෙන්නේත් ඔවුනට නොව නැගිටීමට උත්සාහ කරන සංවර්ධනය වෙමින් පවතින තමන් වැනි රටවල ජීවත් වන්නන්ට යැයි ද එම රටවල නියෝජිතයෝ චෝදනා  කළහ.

ඔවුන් යෝජනා කළේ ස්වභාවික ව්‍යසන අවස්ථාවකදී සංවර්ධිත රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවලට ක්ෂණිකව ආධාර ලබා දීමේ වැඩ පිළිවෙලක් ඇති කළ යුතු බවයි. මෙම ආධාර ලබා දීම ඔවුනට අනුව සිදුවිය යුත්තේ කදිම කොන්දේසියක් මතය. එනම් කිසියම් රටක් සංවර්ධිත මට්ටමට ඒමට කෙතරම් කාලයක් ගතකළේ ද එම ගතකළ කාලය වැඩි වන තරමට එම රට පිරිනැමිය යුතු ආධාර ප්‍රමාණයද වැඩි විය යුතු බවයි.

මෙම යෝජනාවට සංවර්ධිත රටවල නියෝජිතයන්ගේ දැඩි විරෝධයක් එල්ල විය. එවන් වැඩ පිළිවෙලක් සකස් කිරීම කිසිසේත් සාධාරණ නොවන බව ඔවුන්ගේ අදහස විය. ස්වභාවික ව්‍යසනයකදී අවශ්‍යතාව බලා ආධාර ලබා දෙනවා මිස සෑම ස්වභාවික ව්‍යසනයකදීම ආපදාවට පත් රටට ආධාර පිරිනැමීමේ හැකියාවක් තමන්ට නැති බව ඔවුන් පැවසීය.

දෙපාර්ශ්වයේ මත ගැටුම නිසා සාමකාමීව අවසන් වේ යැයි සිතා සිටි සමුළුව ගැටුම්කාරී ස්වරූපයක් ගත්තේය. සංවර්ධනය වෙමින් පවතින රටවල් රැසක් අවසානයේ තීරණය කළේ කිසිදු පැහැදිලි අරමුණකින් තොරව ක්‍රියාත්මක වන මෙවන් සමුළුවක සාමාජිකත්වයෙන් වැඩක් නොමැති බවයි. මෙය සංවර්ධිත රටවල් තම තමන්ගේ වැරදි වසා ගැනීමේ අරමුණින් ඇති කර ගත්   සමුළුවක් බව ඔවුන්ගේ අදහස විය.



අදහස් (0)

‘පොහොසත් රටවල් ලොව කනවා‘

ජෝසප් ද Sunday, 24 November 2013 08:49 PM

ඇත්තටම මේ ලෝකයේ පදනමම වැරදියි. බලවතා දුබලයාව පෙලලා තමන්ගේ මල්ල ලොකු කරගන්න එක. අපේ පෘථිවිය විනාස වෙලා වෙනත් ලෝක වලට ගියත් මුන් ඒවත් කයි.. විශේෂයෙන් අර සිද්දවූ යුද්දෙට ළමයි හදන ත්‍රස්තවාදී ආගම් කාරයෝ ඉන්න තැන, ගිය තැන විනාසයි. (අ)

:       0       0

අජිත් Monday, 25 November 2013 09:22 AM

ඒ වුණාට අපේ රට කන්නේ අපේම අයනේ? ඒ මදිවට දැන් මේගොල්ලෝ දුප්පත් අපිවත් කනවා. (නි)

:       0       0

ෂාෆික් Monday, 25 November 2013 10:24 AM

යෝජනාව නම් හොදයි (නි)

:       0       0

ශලනී Tuesday, 26 November 2013 09:20 AM

ඒක පාර්ශවික වාර්තාවක්. චීනය තමයි අද ලෝකයේ ලොකුම පරිසර දූෂකයා. ඉන්දියාව,බංග්ලාදේශය වගේ රටවල අදූරදර්ශී වැඩ නිසා ස්වභාවික ව්‍යසන වෙන්න පුලුවන්. (නාය යෑම්).එතකොට ඒවට ආධාර දෙන්නෙ කොහොමද?අනික මේක ආධාර බලෙන් කප්පම් ගන්න විදිහට ගැනිල්ලක්.(නදී)

:       0       0

පෙටී Tuesday, 26 November 2013 10:22 AM

එදා ඉදලම කලේ ඕක තමයි. අපිව හූරන් කැවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site