බදාදා බ්‍රිතාන්‍යයේ අගමැති බවට පත්වූ තෙරේසා මේ ඉතාම සරල ජිවිතයක් ගෙවන සාමාන්‍ය පුද්ගලයෙකු වශයෙන් ප්‍රසිද්ධ චරිතයකි. පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක මෙන්ම ඇමති වරියක ලෙසද මෙතෙක් කටයුතු කර ඇති ඇය ඒවෙනුවෙන් අයකර ඇත පෞද්ගලික විහහියදම් ඉතාම අල්ප බවද වාර්තාවී ඇත. අගමැති තනතුර තමාට ලැබෙන බව ස්ථිරවූ පසුව වුවද ඇය ඒ පිළිබඳව එතරම් උද්දාමයට පත්වූ බවක් නොපෙන්වූ අතර සුපුරුදු අකාරයෙන් මෙන්ම සාමාන්‍ය ලෙසින් සිය වැඩකටයුතු කරගෙන ගියාය.
නව රජයක් පිහිටුවීම සඳහා තමන් සුදානම් බව බ්‍රිතාන්‍ය රාජ්‍ය නායක එලිසබත් මහ රැජින වෙත දන්වා සිටීම සඳහා ඇය ගමන්කළේ වාහන තුනකින් සමන්විත සරල රථ පෙළකිනි. ඉන් දෙකක්ම ඉදිරියෙන් සහ පසුපසින් ගමන්කළ ආරක්ෂක වාහන විය. පොලිස් මෝටර් බයිසිකල් කණ්ඩායමක් අවශ්‍ය අන්දමට මාර්ගයේදී ආරක්ෂාව ලබාදුන්හ.
59 හැවිරිදි තෙරේසා මේ ගේ පියා එංගලන්ත සභාවේ දේවගැති වරයෙකුව කටයුතු කළේය. ආගම දහම කෙරෙහි භක්තියක් දක්වන ඇය කෙතරම් කාර්ය බහුල ජිවිතයක් ගත කලද සෑම ඉරිදා දිනයකම දේව මෙහෙය සඳහා සහභාගිවීම අතපසු නොකරයි. ලෝ ප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා උපාධිධාරිනියක් වන ඇය බැංකු නිලධාරියෙකු වන ෆිලිප් මේ සමඟ විවාහවී සිටි. ඔවුනට දරුවන් නොමැත.
තෙරේසා බ්‍රිතාන්‍යයේ 76 වන අගමැති මෙන්ම දෙවන කාන්තා අගමැතිවරිය වෙයි. ඇයට පෙර මෙම තනතුර හෙබවූ එකම කාන්තාව වුයේ මාර්ගරට් තැචර්ය. "යකඩ ගැහැණිය" නමින් විරුදාවලියක් ලැබූ සුර දේශපාලඥයෙකුවූ තැචර් මැතිණියගේ තැන ගැනීම කාහට උවත් එතරම් පහසු කරුණක් නොවන බව බොහෝදෙනා කියති.
අගමැති තනතුරට පත්වීමත් සමඟම ඇය නව ඇමතිමන්ඩලය නම් කළාය. මෙහිදී විදේශ කටයුතු බාර ලේකම් තනතුර සඳහා දේශපාලන ක්ෂේත්රයේ මතභේදකාරී චරිතයක් වන බොරිස් ජොන්සන් තෝරාගෙන ඇත. බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත්විය යුතු බවට දැඩි ප්‍රචාරයක් ගෙනගිය අතර ජනමත විචාරණයෙන් ජයග්‍රහණය කල පසුව අගමැති තනතුර සඳහා ඉදිරි පත්වූවෙකි.
නව අගමැති ලෙස වැඩ බාරගැනීමෙන් පසු මාධ්‍ය ඇමතු තෙරේසා මේ කියා සිටියේ තමන්ගේ රජය "වරප්‍රසාද භුක්ති විදින සුළු පිරිසක නොව මුළුමහත් ජනතාවගේම සුභ සිද්ධිය සඳහාත් මහා බ්‍රිතාන්‍යයේ අභිවුර්ධිය සඳහාත්" ප්‍රමුකත්වය දෙමින් කටයුතු කරන බවය.
" බොහෝදෙනා නොදන්නා කරුණක් තමා කොන්සර්වේටිව් පක්ෂයේ සම්පුර්ණ නම " කොන්සර්වේටිව් යුනියනිස්ට් පක්ෂය" බව. මෙනිසා අපරටේ එක්සත්කම තවදුරටත් සුරක්ශාකිරිම මෙන්ම අප රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා තාවකාලික පැලැස්තර වෙනුවට ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම" ඉතාම වැදගත් බවද ඇය කීවාය.
මෙහිදී ඇය ඉඟිකර ඇත්තේ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත්විය යුතුය යනුවෙන් ජනමත විචාරණයේදී ලබාදුන් තීන්දුවෙන් පසුව ස්කොට්ලන්තය වෙන්වීමේ අවදානමක් ඇති බවට පැතිරීයන කතාබහ සැලකිල්ලට ගෙන වියයුතු බව දේශපාලන විශ්ලේෂකයින් අදහස් දක්වමින් පෙන්වාදී ඇත. ජනමත විචාරණයේදී තෙරේසා මේ කියා සිටියේ බ්‍රිතාන්‍යය තවදුරටත් යුරෝපා සංගමය සමඟ රැඳී සිටිය යුතු බවය.
නව අගමැති වරිය බ්‍රිතාන්‍යයේ වර්තමානයේ දැඩිසේ කතා බහට ලක්වී ඇති විදේශ සන්ක්රමිනකයින් පැමිණීම සිමා කිරීම පිළිබඳව දරන මතය පිළිබඳවද දැඩි විවේචන එල්ලවී ඇත. අගමැති තනතුර බාරගැනීමට පෙරාතුව ඇය පවසා තිබුනේ බ්‍රිතාන්නයේ රැකියා කරන විදේශිකයින් හට ඔවුන්ගේ පවුල්වල සමීපතම සාමාජිකයින් ගෙන්වීමට අවශ්‍ය වේනම් අවම වශයෙන් වසරකට පවුම් 19,000 ( රුපියල් 360 ලක්ෂයක්} ආදායමක් පෙන්විය යුතු බවය.
ඩේවිඩ් කැමරන් රජයේ ස්වදේශ කටයුතු ලේකම් වරිය ලෙස තෙරේසා මේ විසින් බ්‍රිතාන්‍යයේ පදිංචි අනවසර සන්ක්රමිනකයින් හට ආපසු ඔවුන්ගේ රටවල් වලට යාම සඳහා මුදල් ගෙවීමේ වැඩ සටහනක් හඳුන්වා දීම එවකට දැඩි දෝෂාරෝපණයට ලක්වූ කරුණක් විය. බ්‍රිතාන්‍යය තුල දැනට ලක්ෂ ගණනක් සන්ක්රමිනකයින් අනවසරයෙන් ජිවත් වනබව කවුරුත් දන්නා රහසක් වුවද තෙරේසා මේ ඉදිරිපත්කල " ආපසු යනවානම් සල්ලි දෙනවා " වැඩපිළිවෙල යටතේ මෙතෙක් පිටුවහල් කිරීමට හැකිවී ඇත්තේ 11 දෙනෙකු වැනි ඉතාම කුඩා පිරිසක් බවද වාර්තාවිය.
මේ අතර බ්‍රිතාන්‍ය දේශපාලන සිතියමේ තවත් වැදගත් වෙනසක පෙරනිමිති පෙනෙන්ට පටන්ගෙන ඇත. ඒඅනුව ළඟදීම බ්‍රිතාන්‍යයේ විපක්ෂය වන කම්කරු පක්ෂයේ නායකත්වය සඳහාද කාන්තාවක තේරී පත්වීමේ වැඩි අවස්ථාවක් පවතින බව පෙනීයයි. වර්තමාන විපක්ෂනායක ජෙරමි කෝර්බින් එම ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට ඇන්ජෙලා ඊගල් පත්වීමට ඇති ඉඩකඩ වැඩිවීමත් සමඟම බ්‍රිතාන්‍යයේ සිහසුන, අග්‍රාමාත්‍ය තනතුර සහ විපක්ෂ නායක තනතුර එකම විටෙක කාන්තාවන් විසින් හෙබවිමේ අතිශය දුර්ලභ අවස්ථාවක් උදාවීමට ඉඩප්‍රස්තාව ලැබී ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘බ්‍රිතාන්‍ය අගමැතිනිය ළඟ බොරු ආටෝප නෑ‘
රජිත් මංජුල Thursday, 14 July 2016 06:01 PM
අපේ රටේ ඉන්නේ දෙරියන් සහ හතර රියන් කතාවේ චරිත. දේශපාලුවෝයි ගෝල බාලයෝයි දෙරියන්ලා වගේ. නැති බැරි මිනිස්සුයි කරබාගෙන ඉන්න මිනිස්සුයි හතර රියන්ලා වගේ. එහෙ මිනිස්සු වතුර පොහොර දාලයි ගෙඩි කන්නේ. අපේ මිනිස්සු ගෙඩි ටික කඩාගන්නවා, වතුර පොහොර මොකුත් නැහැ. ඕකයි වෙනස. (නි)
ආර්. වික්‍රම Sunday, 17 July 2016 06:57 AM
මෙහෙත් ඔහොම කෙනෙක් හිටියා වගේ මතකයක් තියනවා. (නි)
විශාඛා Sunday, 17 July 2016 02:48 AM
බොරු ආටෝප නැති අය කිසි වැඩක් නැහැ. පේනවගේ අපේ රටේ බොරු ආටෝප නැති අය? (නි)
සංජීව Saturday, 16 July 2016 10:41 PM
අශිකා, ඔබ හරි. අපේ රට ගැන තවත් මොන කතාද? (නි)
රොකී Saturday, 16 July 2016 02:48 AM
රසික, ඔබ හරියටම හරි. අපි අපේ වැඩ ටික හරියට කරගන්නේ නැතුව අනුන්ගේ කෙරුවාවල් හොය හොයා ඉන්නවා. කරන්න පුළුවන් කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ. බැලු බැලු අතේ ඉන්නේ හොරු! අකාර්යෂමතාවෙන් ඉහවහා ගිය ජාතියක් අපි. ඒ ගැන හිතන්නේ නැතුව වෙනත් රට වලට චෝදනා කරනවා. (නි)
උපාලි Friday, 15 July 2016 09:18 PM
රසික, සහතික ඇත්ත. තමන්ගේ රට ගැන හිතන නායකයෝ තමන්ගේ රට දියුණු කරන්න හිතලා කරන දේවලින් අනික් රටවලට වාසිද පාඩුද කියලා හොය හොයා ඉන්නේ නැහැ. තම රටට වාසිදායක නම් ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. ලෝකේ ඕනෑම රටක් එහෙමයි. හැබැයි, අනික් රටවලට පෙනෙන්න පුළුවන් ඒවා තමන්ට අවාසිදායක බව. ඒකට බැනලා වැඩක් තියෙනවද? (නි)
අශිකා Friday, 15 July 2016 12:20 PM
අපේ රට එංගලන්තෙට වඩා ගොඩක් පස්සෙන් තියෙන්නේ. ඒකට හේතුව අපි තාමත් නොදියුණු ජාතියක් වීමයි. බලන්න අපේ දේශපාළුවෝ දිහා, කිසිම පිළිවෙලක් තියෙනවද? (නි)
රවිඳු Friday, 15 July 2016 08:25 AM
රසික ලංකාවේ එවුන් කොහොමත් එහෙම තමයි. ලංකාවේ ඉදගෙන සුද්දන්ට උඩු බිරුවාට, සුද්දෝ, නැතිව ජීවිතයක් නැහැ. (ර)
රසික Friday, 15 July 2016 07:39 AM
මේ තියෙන ප්‍රතිචාර දිහා බලපුවම පේන්නෙ, අපේ රටේ හුඟාක් මිනිස්සු හීන මානෙකින් පෙළෙන, මුළු ලෝකෙම රටවල් ඔක්කාටම තියෙන එකම රාජකාරිය මේ අපේ ලංකාව විනාශ කිරීම බව සිතන පිරිසක් බවයි. (ර)
දීපාල් නිරෝෂ් Friday, 15 July 2016 03:40 AM
මොන වගේ කෙනෙක් වූනත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වයන්නේ පරණ තැටියම නම් අපට වෙඩක් නැහැ. අපි දිනා ගත් යුධ ජයග්‍රහණය නිරපේක්ෂ දෘෂ්ටි කෝණයකින් බැලුවොත් වෙනස් චරිතයක් කියලා හඳුන්වන්න පුළුවන්. මොකද ධනවාදී රටවල රාජ්‍ය නායකයන්ට හැමදාමත් සිදුවෙන්නේ ඒ රටවල ප්‍රාග්ධන බලවේගවල අවශ්‍යතා මත රජය මෙහෙයවන්න. (ර)
බමුණුසිංහ Thursday, 14 July 2016 10:56 PM
නිරුල්, නිවටයෝ ඉන්නාතුරු එහෙම කරන්න පුළුවන් (නි)
නිරුල් Thursday, 14 July 2016 06:19 AM
ඔක්කොම ආටෝප ටික අපිට දායි....! (නි)
ජනහිත Thursday, 14 July 2016 04:20 PM
සුනිල්, පවුල් ආරවුල් ඇති කරන්නද හදන්නේ? එහෙම එකක් නැහැ. (නි)
බිනු Thursday, 14 July 2016 02:32 PM
සුද්දන්ට බැනලා වැඩක් නැහැ. මොකද දේශපාලනයේදී ඔවුන් කරන්නේ චෙස් ක්‍රීඩාවක්. එතැනදී ඔවුන්ට තම රට හැරෙන්න වෙනත් කිසිවක් අදාළ නැහැ. ඔවුන්ට හසුනොවී අපේ බුද්ධියෙන් අපේ රට අප නියෝජනය කළයුතුයි. අපි ගන්නා තීන්දු බුද්ධිමත් නම් මේ ලෝක දේශපාලන ක්‍රීඩාවේ අපේ අනාගතය සුරක්ෂිත වනු ඇත. (නි)
විකුම් රංගන Thursday, 14 July 2016 01:30 PM
හැබැයි දෙගොල්ලන්ටම එකම හැන්දෙන් බෙදපුදාට, කට්ටියට තරු විසිවෙලා දුවන්න පාරවල් එංගලන්තයේ නැතිවෙයි. (නි)
සුනිල් Thursday, 14 July 2016 10:24 AM
ලංකාවේ ඉන්න එක්කෙනාටම ගැලපෙනවා. එකම තනතුර එකම වයස එකම ආගම හැබැයි අරමුණු දෙකක් හැබැයි (ම)
ලලිත් Thursday, 14 July 2016 09:55 AM
පටන්ගන්නකොට කොහෙත් ඔහොම තමයි. ඇයි මතක නැද්ද කහ ඉරවල් වල නවත්ත නවත්තා ගියා? (නි)
සමීර Thursday, 14 July 2016 09:25 AM
මෙතුමියගේ වැඩ ටික බලමුකෝ.(හේ)
නිශාර්ඩ් Thursday, 14 July 2016 09:11 AM
ඔව්, ඉතින් රට පාලනය කරන්ටයි කියලා එන උදවියයි, ඒ අයගේ ගෝලබාලයෝයි, සමහර දුෂ්ට වැසියෝයි රටේ දේපොළ හොරකම් කරනවා, රට ස්වයන්පෝෂණය කරන්න පුළුවන් කෘෂි ක්ෂේත්රය සහ සුළු කර්මාන්ත විනාශ කරලා දානවා. (හේ)
කුමාර Thursday, 14 July 2016 08:21 AM
සරලයි කියාගෙන එන අය ගැන වැඩි විශ්වාසයක් නැහැ අපිට නම් (නි)
සම්පත් Thursday, 14 July 2016 07:09 AM
නිරුල් සමඟ මමත් එකඟයි. අපි කොයිදේටත් ඉවසලා බලමුකෝ (නි)