X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


‘මද කිපුණු ඇතා පුට්බෝල් ගසයි’

අපි‍්‍රකාවේ කෘගර් වනෝද්‍යානයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයකටය ඇතෙකු පහර දෙන දර්ශනයන් පෙළක් අන්තර්ජාලයට එක්වී තිබේ.

මෝටර් රථය පාපන්දුවක් සේ සලකා එයට පහර පිට පහර එල්ල කරනා ඇතා අවසානයේ එය අඩි ගණනක් දුරට විසිවීමට ප‍්‍රහාරයක් එල්ල කරන අයුරුත් එම දර්ශනයන්ගේ වේ.

වාර්තා වන ආකාරයට මෙම මෝටර් රථයේ ගමන් කර තිබෙන්නේ අලූත විවාපත් යුවළකි.වෙහෙසට පත් ඇතා පිටව ගිය පසු වහා වහා ඔවුන්ගේ සහයට පිටිපසින් සිටි වාහන වල ආවුන් රෝහල් ගත කළහ.

කාන්තාව ඇතාගේ දළයකට හසුවී තුවාල ලබා ඇතත් පිරිමියා කිසිදු තුවාලයක් නොලබා බේරීමට සමත්ව ඇත.කාන්තාවගේ තත්ත්වය බරපතල නොවන බව සදහන්ය.

ප‍්‍රචණ්ඩකාරී ඇතා අල්ලා ගැනීමට වනෝද්‍යාන බළධාරීන් සමත්වී ඇති අතර එහිදී අනාවරණයව වී ඇත්තේ එම සත්ත්වයා ගතකරමින් සිටින්නේ මද කිපෙන සමය බවයි.තවද තුවාලයක් නිසා පීඩා විදිමින්ද සිටි ඇතැයි හෙළිවී තිබෙන අතර ඇතා මෙසේ කලබල කරන්නට ඇත්තේ දෙකෙහිම එකතුවක් ලෙස වන්න්ට ඇතැයි බළධාරීන්ගේ අදහසයි.

සතුන් සමග ගනුදෙනු කිරීමේදී නුවණ මෙහෙයවා කටයුතු කළ යුතුයැයි බළධාරීන් කියයි.

 



අදහස් (0)

‘මද කිපුණු ඇතා පුට්බෝල් ගසයි’

හැරල්ඩ් Saturday, 18 January 2014 05:48 PM

මේක විඩියෝ කරපු කෙනාට කදරයක් නැද්ද ? (නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 16 January 2014 05:15 PM

මරුති වර්ගයේ වාහනයක් වගෙයි.(නදී)

:       0       0

ධනු Thursday, 16 January 2014 10:02 PM

ෙවැඩකට නැති දෙකට රණ්ඩු වෙන ලස්සන (අ)

:       0       0

හසරැල් Thursday, 16 January 2014 11:16 PM

නුවන්, නොදන්නා දේ කියන්න එපා. ඔයා ඔයා කියන ආගම් දෙකේම අනවශ්‍ය විදිහට (නැත්නම්, සාරංග කියන විදිහට) සත්තු මරන්න තහනම්. ඒ ආගම් වලට අයිතිය කියාගන්න සමහරු බොරුවට ආගම පිටින් දාලා තමන්ට ඕනේ දේ කළාට ඇත්තටම එහෙම සත්තු මරන්න ඒ ආගම් වල තහනම් (උදා: ඉස්ලාම් ආගමේ විනෝදෙට දඩයම් කරන්න තහනම්).(නදී)

:       0       0

ආසිරි Friday, 17 January 2014 07:08 AM

මෝඩ කතා එපා ප්‍රේමකුමාර කොහෙද ඉස්කෝලේ ගියේ.(නදී)

:       0       0

සමන් Friday, 17 January 2014 07:17 AM

ඇතින්නක් නැද්ද? (නදී)

:       0       0

චතු Friday, 17 January 2014 07:41 AM

සාරංග, ඔයා මදුරුවො මැරුවට කමක් නෑ. අලි මරන්න එපා හොදේ.(නදී)

:       0       0

ජෙනීකා Friday, 17 January 2014 04:02 PM

මේවා අපේ රටේ අයත් හොදින් මතක තබා ගත යුතුයි. කතරගම බුත්තල පාරේ ඉන්න අලියට කෑම නොදී එතනින් එන්න බැහැ. ඉස්සරහට එයාලත් මේ වගේ දරුණු වුනොත්? (අ)

:       0       0

එවන්ජන Saturday, 18 January 2014 01:45 PM

සාරංග මෝඩකම් ප්‍රදර්ශනය කරන්න එපා (අ)

:       0       0

ප්‍රේමකුමාර Thursday, 16 January 2014 05:11 PM

මද කිපිලා කිව්වා නේද? පහර දුන්නේ කොහොමද? (නදී)

:       0       0

ප්‍රේමකුමාර Saturday, 18 January 2014 11:14 PM

මගෙ කොමෙන්ටුව දැකලා ආසිරිටත් මද කිපිලා වගේ. (නදී)

:       0       0

ප්‍රේමකුමාර Saturday, 18 January 2014 11:23 PM

ආසිරි, පරිස්සමින් වචන හසුරුවමින් මට අවශ්‍ය දෙය පලකරවා ගැනීමට ඔබට නැති හැකියාවක් මට තියෙනවා. ඒ නිසා මගෙ ඉස්කෝලෙ ගැන හොයන්න වද වෙන්න එපා.(නදී)

:       0       0

රමස්‍යා Monday, 20 January 2014 10:47 PM

කසාද බැන්දනම් ගෙදර යන්නේ නැතිව කැලේ අස්සේ රිංගන්න යනවට හොද පාඩම. ෂුවර් එකටම ඔය ඇතාට එයාගේ නෝනාගෙන් අලි කරදර ඇති. ඒක නිසා අඩුගානේ අමාරුවේ වැටෙන්න යන කොල්ලව බේරගන්න ට්‍රයි එකක් දෙන්න ඇති. (අ)

:       0       0

ලංකා Monday, 20 January 2014 10:48 PM

අලියා වසයි කියලා දැනගෙනත් මොකටද ලගටම ගියේ (දී)

:       0       0

රමසි Monday, 20 January 2014 10:49 PM

එතකොට 'බෝල්' වලට මොකද උනේ කියල සදහන් වෙලා නැහැ. (දී)

:       0       0

තුෂාරි Tuesday, 21 January 2014 12:48 PM

නියමයි ඔහොම හිතුවොත් සාරංග. ලෝකය අයිති මිනිස්සුන්ට විතරද? (නදී)

:       0       0

ශාන්ත Wednesday, 22 January 2014 08:22 AM

අලින්ගේ රාජදානිය එනිසා කරන්න දෙයක් නැහැ. (නදී)

:       0       0

ඉෂාන් Wednesday, 22 January 2014 06:34 PM

මේක මේ සතා මිනිස්සු මරන්න කරපු වැඩක් නෙමේ. උගේ තරහට කේන්තියට කරපු දෙයක්.(නදී)

:       0       0

පෙරේරා Thursday, 16 January 2014 01:51 AM

අප්‍රිකාවේ අලි මිනිස්සුන්ට ෆුට් බෝල් ගහන කොට ලංකාවේ මිනිස්සු අලින්ට ෆුට් බෝල් ගහනවා. (අ)

:       0       0

සාරංග Wednesday, 15 January 2014 03:32 PM

මරල දාන්න ඕන ඇතාව මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා වෙන්න ඕනේ. මදුරුවෝ නම් මරන්න පුළුවන් ඇයි ඇතාව මරන්න බැරි (දී)

:       0       0

රජින්ද Wednesday, 15 January 2014 04:42 PM

"සාරංග" වැනි අය ලංකාවේ උන්නේ නැත්නම් අපේ රට තවත් සුන්දර වන්නට තිබුණා. (දී)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 15 January 2014 04:53 PM

අලියෙක් දැක්කාම තව තවත් ලගට යන මිනිස්සු ඉන්නවාද ලෝකේ (දී)

:       0       0

සුබේ Wednesday, 15 January 2014 06:12 PM

සාරංග. ඔහේව ගහක් කොළක්, සතෙක් නැති වෙනමම පළාතකට ගිහින් දාන්න ඕන ජීවත් වෙලා බලන්න. මිනිස්සු සත්තුන්ගේ ලෝකේ ආක්‍රමණය කරන්න යනකොට ඔහොම දේවල් වෙනවා. සොබා දහම පිළිබඳ කිසිම දැනීමක් නැද්ද?(දිල්)

:       0       0

ෂෙෆීක් Wednesday, 15 January 2014 06:19 PM

සාරංග ඔච්චර නපුරු විදිහට හිතන්න එපා. ඒ තිරිසෙනෙක් නේ (දිල්)

:       0       0

නුවන් Wednesday, 15 January 2014 06:28 PM

සාරංග නමින් ඉන්නේ පෘතුගීසි කාරයෝ බලෙන් දීපු ආගමක් අදහන කෙනෙක් හෝ අරාබියේ සිට වෙළදාමේ ඇවිත් ලංකාවේ බින්න බැහැපු අයගෙන් පැවතගෙන එන කෙනෙක් වගේ.(දිල්)

:       0       0

සමන් ධර්මප්‍රිය Wednesday, 15 January 2014 09:48 PM

විපතට පත් කෙනා බේරගන්න යමක් කරන්න තිබුනනේ.(නදී)

:       0       0

රාජා කුවෙට්. Wednesday, 15 January 2014 10:27 PM

සාරංග ඉල්ලගෙන කෑවා නේද? (අ)

:       0       0

රජින්ද Wednesday, 15 January 2014 02:32 PM

මේ සිද්ධිය ගැනනම් කණගාටුයි. නමුත් කැලේ සත්තුන්ට කැලේ ඉන්න ඉඩදෙන්න. තවදුරටත් වන සතුන් යනු මිනිසාට විනෝදය, ආශ්වාදය සපයන භාණ්ඩ නොව පණ ඇති ජීවීන් බව මිනිසාට තේරුම් කිරීමට සතෙක් හෝ පාඩමක් කියා දුන්නාට කාරී නැත. කිසිදු මිනිස් ජීවිතයක් හෝ සත්ව ජීවිතයක් හෝ අනතුරින් බරපතල තත්වයට පත් නොවීම ගැන හදවතින් සුභ පතමි.! (දී)

:       0       0

ආරියසේන Thursday, 16 January 2014 01:56 AM

තිරිසන් සතුන්ට හිරිහැර කරන්න ගියහම මෙවැනි දේවලට මුහුණ දෙන්න සිදුවෙනවා. (අ)

:       0       0

බිනර Thursday, 16 January 2014 02:23 AM

රජින්ද, සාරංග විතරක් නෙවෙයි නුවන් වගේ හිතන අයත් නැත්නම් ලංකාව මීට වඩා සාමකාමී සුන්දර රටක් වෙන්න තිබුනා. (අ)

:       0       0

ආනන්ද ආර් Thursday, 16 January 2014 07:39 AM

මේ ඇතාටත් සාරංගගේ අදහස් තිබුනා නම් අර නව යුවල ඉවරයි.(නදී)

:       0       0

කිත්සිරි Thursday, 16 January 2014 08:04 AM

මිනිසුන් ගේ සත්ව ඝාතන සංකල්පය ගැන මේ සාරංග කියන දේ තේරුම් ගන්න තරම් අනිත් ප්‍රතිචාර දාපු අයගේ ප්‍රඥාව වැඩිලා නැහැ වාගේ.(නදී)

:       0       0

උද්දාම Thursday, 16 January 2014 11:59 AM

නාගරිකව ජීවත්වෙන පුහු සෝබන අවිහිංසාවාදී සත්ව ලෝලීන් කව්රුවත් ඔයවගේ බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දීල නැහැ. අලි කරදර තියන ගමක මිනිස්සුන් ගෙන් ඇහුවා නම් දැනගන්න පුළුවන් ඒ අය මොන තරම් දුකක් විදිනවද කියල ඔය සත්තු නිසා. ආයුධ දුන්නනම් ඒ අය අලි මරාගෙන කයි. ඒ තරම් වෛරක් තියෙන්නෙ.(නදී)

:       0       0

ලංකානන්ද Thursday, 16 January 2014 12:14 PM

සාරංගත් කතා කරන්නේ වන සිව්පාවෙකුටත් වැඩිය අන්ත විදියට. තව ටික දවසකින් කියයි තමන්ගේ ලමයවත් මරල දාන්න බැරි ඇයි කියලා. සාරංග, ඔයා ඔහොම කතා කළාට, බොහොමයක් මිනිසුන් ගස් කොලන් සතා සිව්පාවන්ගේ අගය දන්නා මිනිසුන්. සතා සිව්පාවන්, ගස් කොලන් තියෙන්නේ මිනිස්සුන්ට බයිට් වෙන්න නෙමෙයි.(නදී)

:       0       0

චන්දිමා Thursday, 16 January 2014 01:17 PM

ඇති ෆුට් බෝල් ගහලා නතර උනා කොහොමද රගර් බොලේ වගේ අල්ලලා විසි කළා නම් (දී)

:       0       0

බණ්ඩාර Thursday, 16 January 2014 02:34 PM

අලියා මගහැර යාමට මාර්ගයේ හොදට ඉඩ ඇතත් ඉල්ලන් කා ඇති බවයි පේන්නෙ (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site