මෙතම්ෆැටමින් කෘතීම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 275 ක් මෙල්බර්න් නැව් සේවා බහාලුමක තිබී ඕස්ට්‍රේලියා පොලීසිය විසින් සොයාගෙන ඇති අතර එහි වටිනාකම ඩොලර් මිලියන 206 ක් පමණ බවත් මෙම මත්ද්‍රව්‍ය තොගය කන්ටේනරය පත්ලේ ලෑලි ආවරණයක් තුළ සඟවා තිබිය දී සොයාගෙන ඇති බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
මේ සම්බන්ධව ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසිය විසින් වයස අවුරුදු 24 ත් 32 ත් අතර මැලේසියා ජාතිකයෙක් හා ඕස්ට්‍රේලියා ජාතිකයන් හත් දෙනෙකුට විරුද්ධව චොදනා ගොනුකර ඇත.
චීන ඔත්තුසේවාවේ ද සහයෝගය ඇතිව ඕස්ට්‍රේලියා පොලිසිය මෙම වැටලීම කර ඇත්තේ මාස පහක පමණ කාලයක සිට කරන ලද සූක්ෂම මෙහෙයුමකින් පසුවය. වික්ටෝරියා ප්‍රාන්තයේ කරන ලද විශාලතම වැටලීම මෙය බව එරට නිල තොරතුරු කියයි.
මත් ද්‍රව්‍ය හේතුවෙන් විවිධ ප්‍රචණ්ඩ ක්‍රියාවල වර්ධනයක් ඇතිවන බවත් අපරාධ වැඩි වන බවත්, පවුල් ආරවුල් වැඩි වන බවත් වික්ටෝරියා පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් ෆොන්ටානා කියයි.
පොලිස් වාර්තාවල මෙතම්ෆැටමින් භාවිතය 2007 වසරේ සිට මේ දක්වා දෙගුණයක් වී ඇති බවත් එය 2013 වන විට ලක්ෂ 2 කට වඩා වැඩි පිරිසක් පාවිච්චි කර ඇති බවත් සඳහන් වේ. මෙතම්ෆැටමින් ‘මෙත්‘ යන කෙටි නාමයෙන් හඳුන්වන අතර අයිස්, ස්පීඩ්, චල්ක්, ක්‍රිස්ටල්, ග්ලාස්, ක්‍රාරන්ක්, යාබා යන නම් වලින්ද හඳුන්වයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
'මෙත්' කිලෝ 275 ක් වික්ටෝරියා ප්‍රාන්තයෙන්
ඇසළ Thursday, 07 July 2016 05:06 AM
ඒ රටේ නායකයා පොලිසිය අල්ලපු ඕක බලන්න අාවේ නැද්ද. (බ)
සෑම් Thursday, 07 July 2016 07:33 AM
ඇසළ, මත්කුඩු නැවක් ඇල්ලුවත් එයා මේ දවස් වල බලන්න එන්නේ නැහැ (නි)