2008 වසරේ නොවැම්බර් මාසයේ ඉන්දියාවේ මුම්බායි නුවරට කඩා වැදුණු ඉස්ලාමීය සටන්කාමීන් එල්ල කළ ප‍්‍රහාරය ඇසුරින් නිර්මාණය වූ ‘ද ඇටෑක්ස් ඔෆ් 26/11’ චිත‍්‍රපටය අද සිට (1) සිට ඉන්දියාවේ ප‍්‍රදර්ශනය ආරම්භ කෙරේ.
ඉස්ලාමීය සටන්කාමීන් 10 දෙනකු 2008 වසරේ නොවැම්බර් 26 වැනිදා ඉන්දියාවේ මුම්බායි නුවරට පැමිණ, පැය 60 කට ආසන්න කාලයක් පුරාවට එල්ල කළ ප‍්‍රහාරවලින් 166 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගිය අය අතර විදේශිකයෝ ද වෙති. ප‍්‍රහාරවලින් තුවාල ලැබූවන්ගේ ගණන 300 කට වැඩිය.
ප‍්‍රහාරය එල්ල කළේ ‘ලෂ්කාර් ඊ තයිබා’ නමැති පාකිස්තානයේ කි‍්‍රයාත්මක සටන්කාමීන් බව අනාවරණය විය. ප‍්‍රහාරයෙන් පසු ඉන්දු පාකිස්තාන ඇයිහොඳයිකම් තව තවත් පළුදු විය.
එම සටන්කාමීන් 10 දෙනාගෙන් ජීව ග‍්‍රහයෙන් අල්ලා ගැනීමට හැකි වූයේ එක් සටන්කාමියකු පමණි. කසාබ් නම් වූ ඔහු සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත් වුණු අතර ඔහුට මරණ දඬුවම නියම විය. මරණ දඬුවම ඉකුත් වසරේ නොමැම්බරයේ දී කි‍්‍රයාත්මක කෙරුණි.
නානා පටේකාර් ප‍්‍රධාන චරිත නිරූපණය කරන, සුප‍්‍රකට බොලිවුඞ් සිනමා අධ්‍යක්ෂ රාම් ගෝපල් වර්මා අධ්‍යක්ෂණයෙන් හැඬ ගැන්වූ ‘ද ඇටෑක්ස් ඔෆ් 26/11’ චිත‍්‍රපටය පේ‍්‍රක්ෂකයන්ගේත් විචාරකයන්ගේත් පැසැසුමට ලක් වනු ඇතැයි ඉන්දීය පුවත් සේවා අනුමාන කරයි.
![]() |
රාම් ගෝපාල් වර්මා (වමේ) නානා පටේකාර් සමඟ |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
2008 මුම්බායි ප‍්‍රහාරය සිනමාවට
රානි Friday, 01 March 2013 12:36 PM
හීනෙකින්වත් ආයේ දකින්න ලැබෙන්න එපා (දී)
සුධීර Friday, 01 March 2013 12:37 PM
කරුණාකර මෙය "ග්ලැඩියේටර්" වගේ චිත්‍රපටියක් ලෙස නිෂ්පාදනය කරන්න. (නි)