තමාට මුහුණ පෑමට සිදුවූ අමිහිරි අත්දැකීම් ගැන තවමත් දුක්වන බවත් එම නිසා 2012 සමාජවාදී පක්ෂයෙන් දේශපාලනයට පිවිසීමට තිබූ බලාපොරොත්තුව අත්හැර දැමී යැයි, ලිංගික අපචාර චෝදනාවන් නිසා කරදර රැුසකට මුහුණ දුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු ප්‍රධානි ඩොමිනික් (62) ට්රවුස්-ඛාන් කියා සිටියේය. ට්රවුස්-ඛාන් එසේ කියා සිටියේ ටී.එෆ්.අයි. රූපවාහිනි සේවයේ ”ප්‍රයිම් ටයිම්” වැඩසටහන සමග පෙරේදා (18) පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය. නිව්යෝර්ක්හි හෝටලයක සේවිකාවකට ලිංගික අතවරයක් කළේ යැයි චෝදනා ලැබ සිටි ට්රවුස්-ඛාන් මහතා කලක් නිවාස අඩස්සියේ රඳවා සිටි අතර පසුව, පසුගිය සැප්තැම්බර් 4 දා නිදහස ලැබීය. එම හෝටල් සේවිකාවගේ සාක්ෂිවල පරස්පර විරෝධී තත්ත්වයක් පෙනේනනට තිබූ නිසා, නඩු පැවරුම් නිලධාරීහු, ඛාන් මහතා නිදොස් කොට නිදහස් කළහ. ට්රවුස්-ඛාන් මහතා 2012 වසරේ සමාජවාදී පක්ෂයෙන් ප්‍රංශයේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටියේය. ”මා අතින් සිදුවූයේ සදාචාරාත්මක වැරැද්දක්” මා ඒ ගැන ප්‍රංශ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා. මට පසුතැවිලිවීමට ඇති කාලය තවත් ඉදිරියට තියේවි. මේ සිද්ධිය නිසා මට සියල්ල අහිමි වුණා. මැතිවරණ ව්‍යාපාරයත් කඩාකප්පල් වුණා.” යැයි ඛාන් මහතා සිය සම්මුඛ සාකච්ඡාවේ දී කියා සිටියේය. ඛාන් මහතා පිළිබඳව පැවැති මත විචාරයකදී හෙළිවූයේ ඔහු දේශපාලනයට පිවිසීම ගැන 53% ක්ම අකමැති බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
2012 ප්‍රංශ ජනාධිපතිවරණයට එන්නේ නැහැ