2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.
ඇමෙරිකන් ව්‍යවස්ථාවට අනුව, එක් ජනාධිපතිවරයකුට ධුර දෙකක් සම්පූර්ණ කළ හැකිය. ට්‍රම්ප් ජනාධිපති ධුරය හෙබවූයේ එක් ධුර කාලයක් පමණි.
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා අදාල නෛතික ලියවිලි මේ වනවිට ෆෙඩරල් මැතිවරණ කොමිසමට බාර දී අවසන් බව ද ට්‍රම්ප් පැහැදිලි කර තිබේ. 2024 මැතිවරණයට ඉදිරිපත් වන බව ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණත්, ඔහු නිල වශයෙන් එය දැනුම් දුන් අවස්ථාව ලෙස මෙය සැලකෙයි.
ට්‍රම්ප් පමණක් නොව, තවත් රිපබ්ලිකන් පක්ෂයෙන් අපේක්ෂකයන් කීප දෙනෙක් 2024 සඳහා ඉදිරිපත් වීමට නියමිතව සිටිති. එම අපේක්ෂකයන් අතරේ ද තරගයක් පවතින අතර අවසානයේ තෝරා ගැනෙන්නේ එක් අපේක්ෂකයකු පමණි.
ට්‍රම්ප්ට අමතරව, සෙසු අපේක්ෂකයන් අතරේ, රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු වීමට ෆ්ලොරීඩා ආණ්ඩුකාර රොන් ඩෙස්ටැන්ටිස්, හිටපු උප ජනාධිපති මයික් පෙන්ස්, ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට්, රිපබ්ලිකන් නියෝජිත ලිස් චෙනී සහ හිටපු එක්සත් ජාතීන්ගේ තානාපති නිකී හේලී සිටිති.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
2024 ජනපතිවරණයට ට්‍රම්ප්