X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අකීකරු පුතා පොලීසියට අල්ලා දෙයි

ධාවනය වෙමින් තිඛෙන ලොරියක් පසුපස එල්ලී සෙල්ලම් පෙන්නු තම පුත්‍රයා අල්ලා පොලිසියට භාර දීමට ගිය මව්පිය දෙපළක් ගැන වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයේ ලැන්කෂර් ප්‍රාන්තයෙනි.

ටිච්හයිකර් සොනී විල්සන් නම් මේ දොළොස් හැවිරිදි කොලූ ගැටයා පාසලෙන් පිටතට පැමිණ

මාර්ගය අයිනේ නවතා තිබී යළි ධාවනය අරඹමින් සිටි ලොරියක පසුපස යකඩ ආධාරකයක් මත එල්ලී තිබේ.ලොරි රියදුරා තමන්ගේ රථය පිටුපස සොනි එල්ලී සිටිනු නොදැක සාමාන්‍ය වේගයෙන් රථය ධාවනය කරමින් සිටියදී පසුපසින් පැමිණි මෝටර් රථ රියැදුරෙකු ලොරියේ පිටුපස එල්ලී යන සොනී දැක ලොරිය පසුපසින්ම තම මෝටර් රථය ධාවනය කරමින් අවස්ථාව වීඩියෝ ගත කළේය.

මේ වීඩීයෝව අවසානයේ නතර වී ඇත්තේ අන්තර්ජාලයේය.වීඩියෝව අවසාන වන්නේ වේගය අඩු කරන ලොරියෙන් බිමට පැනගන්නා සොනිී අවට සිටියවුන්ට අචාර කොට පිටව යන දසුනකිනි.

මෙය සොනීගේ දෙමව්පියන්ටද දැක ගැනීමට ලැබී ඇත.දැඩි ලෙස කෝපයට පත්වු ඔවුන් වහාම පොලිසිය අමතා තම පුතා නිළධාරීන් භාරයට පත්කිරීමට කටයුතු ඇතැයි සදහන්ය.

‘‘මේ මිනිස්සු ගැන මට පුදුමයි.ළමයෙක් ලොරියක එල්ලිලා යනවා...කරන්නේ ළමයා බේරගන්න උත්සාහ කරන එක නොවේ වීඩියෝ කිරීමයි.එහෙමයි කියලා මගේ දරුවා නිවැරදියි කියල මම කියන්නේ නැහැ.එයාගේ වරදට දඩුවම් ලැබේවි.‘‘යැය පවසන්නේ සොනීගේ පියා වන ඩේවිඩ්ය.

මේ සියල්ල මැද සොනීද අදහස් දැක්වීය.

‘‘මේක මෙච්චර බරපතල වෙයි කියලා මම හිතුවේ නැහැ.අනික මම මේ වගේ කීප සැරයක්ම වාහන වල එල්ලී ගිහින් තියෙනවා.විහිළුවක් හැටියටයි මම මේක කරේ.ආයේ නම් මේ වගේ වැඩක් කරන්නේ නැහැ.කවුද කැමැති පොලිසි යන්න?‘‘

සොනීගේ දෙමව්පියන් පොලිස් අමතා තම දරුවා පොලිස් භාරයට ගන්නා මෙන් සැබැවින්ම ඉල්ලා සිටි බව ලැන්කෂර් ප්‍රාන්ත පොලිසිය කියයි.



අදහස් (0)

අකීකරු පුතා පොලීසියට අල්ලා දෙයි

මදු Monday, 22 April 2013 08:31 PM

ගෙදර ඉන්න බලු කුක්කත් හරියට හදා ගන්න ඕනි ! (අ)

:       0       0

ගාමිණී Monday, 22 April 2013 09:28 PM

ඒ කොලු ගැටයා කොලුකමට සෙල්ලමක් දැම්මට අපේ ගැටවු වගේ ලොරියෙන් හොරබඩු පන්නලා නැහැනේ. පොඩි සමාවක් දෙමු. (නි)

:       0       0

හේරත් Monday, 22 April 2013 10:43 PM

ලංකාවට යමුකෝ තාත්තේ කියලා පුතා කියයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

සෙනරත්-බහරේක් Tuesday, 23 April 2013 12:02 AM

මෙන්න ලංකාවේ මිනිසුන්ගේත් සුද්දන්ගේත් වෙනස.(නදී)

:       0       0

සිරි Tuesday, 23 April 2013 07:42 AM

අන්න මිනිස්සු!!! (නි)

:       0       0

හේරත් Friday, 26 April 2013 01:11 AM

"අකීකරු පුතා පොලීසියට අල්ලා දෙයි" ඒ එහෙ. අකීකරු පොලීසිය පුතාට අල්ලා දෙයි. මෙහෙ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site