X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


අඟහරු ජීවය සොයන්න ඉඟියක්

1911 වසරේදී අඟහරු ග‍්‍රහයාගේ සිට පෘථිවියට කඩා වැටුණු බව සැළකෙන ග‍්‍රහකයක උපල (අග්නි මානික්‍යය)කොටස් ඇති බව අනාවරණයවීමත් සමග අඟහරු මත ජීවය පවතින්නේදැයි සොයා සිදුකෙරෙමින් පවතින පරීක්ෂණයන් වලට නව පණක් ලැබී ඇත.

උපල මානික්‍යය නැතහොත් අග්නි මානික්‍යය යනු ඉතාම දැඩි පාෂාණ වර්ගයක් වන අතර ඒවා සතුන්ගේ ජීවී කොටස් වසර දහස් ගණනක කාලයක් පුරාවට පොසිල ස්වරූපයෙන් රඳවා ගැනීමේ සමත්ය.

පෘථිවියට කඩා වැටුණු මෙම ග‍්‍රහකයේ තිබී උපල මානික්‍යය කොටස් හමුවීමත් සමග විද්‍යාඥයින්ගේ අවධානයද යොමුව ඇත්තේ මේ කරුණ කෙරෙහිය.අඟහරු මත ජීවය පැවතුනේනම් එහි ලකුණක් හෝ අනාවරණය කර ගැනීමට මෙම උපල මානික්‍යය කොටස් අධ්‍යනය කිරීමෙන් හැකිවනු ඇතැයි ඔවුහු විශ්වාසයෙන් සිටිති.

නක්ලා ලෙස නම් තබා තිබෙන මෙම ග‍්‍රහකය 1911 වසරේදී ඊජිප්තුවේ නක්ලා නගරයට කඩාවැටී ඇත්තකි.

ප‍්‍රබල ඉලෙක්ට්‍රෝන මයික්‍රෝස්කෝපයක් ආධාරයෙන් සිදුකෙරෙනු සියුම් පරීක්ෂාවකදී නක්ලා මත උපල මානික්‍යය කොටස් පවතින ලකුණු හදුනාගැනීමට විද්‍යාඥයින්ට හැකිව ඇත.

මෙම මානික්‍යය වර්ගය පෘථිවියේ නම් බොහෝවිට හමුවන්නේ උණුදිය උල්පත් පවතින ස්ථානයන් වලය.උණුදිය උල්පත් යනු බැක්ටීරියා හා තවත් ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්මට ඉතාම සුදුසු පරිසරයක් සපයන්නක් වන අතර එනිසාවෙන්ම එවන් ස්ථාන වල තිබී හමුවන උපල මානික්‍යයන්ගේ බැක්ටීරියා හා ක්ෂුද්‍ර ජීවි පොසිලයන් බහුලව තැන්පත්ව තිබෙනු හඳුනාගැනීමට පිළිවන.

නක්ලා මත තිබෙන බවට පැවසෙන උපල මානික්‍යය කොටස් වලද ක්ෂුද්‍ර ජීවී පොසිලයන් තැන්පත්ව තිබීමට අවස්ථාව ඇතැයි විද්‍යාඥයින් පවසන්නේ මෙම කරුණ මත පිහිටාය.

2A4FFE6C00000578-0-image-a-18_1436293359179 2A4FFE5200000578-0-image-a-19_1436293399591 2A4FFE6400000578-0-image-m-17_1436293344551



අදහස් (0)

අඟහරු ජීවය සොයන්න ඉඟියක්

අතුල Friday, 10 July 2015 07:33 AM

එතකොට අගහරු වල ජීවය මැව්වෙත් දෙවියෝද? (ස)

:       0       0

රුපාවති Friday, 10 July 2015 07:35 AM

1911 වසරේ මෙය අඟහරු ග්‍රහයගෙන්ම වැටුණයි කියලා කොහොමද විනිශ්චය කරන්නේ, ඒක වෙනත් ග්‍රහයකුගෙන් හෝ උල්කාපාතයකින් කොටසක් වැටුණා වෙන්නට බැරිද ? (ම)

:       0       0

සපුමල් Friday, 10 July 2015 08:17 AM

මේකේ අඟහරුගේ කෙසේ වෙතත් 1911 සිට මේ දක්වා පෘතුවියේ බැක්ටීරියා හා ක්ෂුද්‍ර ජීවි පොසිලයන් බහුලව මෙහි තැන්පත්ව තියෙන්න පුළුවන්. (ස)

:       0       0

රූපවතී Friday, 10 July 2015 06:55 PM

සුද්දෝ තමයි ඉතින් හැමදාම මේවා හොයාගන්නේ (නි)

:       0       0

ලලිත් Friday, 10 July 2015 08:39 PM

දැන් කට්ටිය නිධන් හාරන එක අතහැරලා යයිද දන්නෙ නැහැ මේ ගල් එකතු කරන්න. (නි)

:       0       0

කුමාර Friday, 10 July 2015 09:44 PM

මුළු විශ්වයම නිර්මාණය කළේ දෙවියන් තමා (නි)

:       0       0

සිසිර Friday, 10 July 2015 10:58 PM

මෙහෙම දෙයක් ආවාට, ගියාට කියන්නට තරම් මෝඩ මිනිසුන් නොවෙයි එම උදවිය.රූපවති හිතලා තියෙන්නේ ලංකාවේ ඉන්න බක පණ්ඩිතයෝ වගේ හිතලා වෙන්න ඇති. (නි)

:       0       0

හේවා Saturday, 11 July 2015 01:32 AM

මේ ආකාරයෙන් බලනවිට සිත මිස කය නැති බ්‍රහ්ම ලෝක වලින් එකක් අඟහරු ලොව වියහැකිය (නි)

:       0       0

ටෙරන්ස් Saturday, 11 July 2015 01:36 AM

තාක්ෂණය දිනෙන් දිනම දියුණුවෙනවා (නි)

:       0       0

ශ්‍රීනාත් Saturday, 11 July 2015 08:21 AM

රුපවතී මේවා හොයන්නේ සුද්දෝ, නැත්නම් ඔයාගේ ගෙදර ඉන්න කට්ටියද?කට ඇරියොත් මොකක් හරි මෝඩ කතාවක් තමයි කියන්නේ.ඔයාට ගෙදර වෙන වැඩක් පෙළක් නැද්ද මන් අහන්නේ? (අ)

:       0       0

පියලාල් Saturday, 11 July 2015 01:13 PM

රූපවතී සුද්දෝ කියන්නෙ හම සුදු අයටද? (අ)

:       0       0

නාලනී Saturday, 11 July 2015 05:51 PM

බලන්න ලෝකය දිනෙන් දිනම දියුණු වන හැටි (නි)

:       0       0

හේවාවිතාරණ Sunday, 12 July 2015 02:32 AM

රූපවති, සුද්දෝ ගැනම වර්ණනා කරන්නේ සුද්දන්ට වැඩිය මිනිස්සු මේ ලෝකේ නැද්ද? ළිඳේ ඉන්න ගෙම්බන්ට මේවා ගැන අවබෝධයක් නැහැ (නි)

:       0       0

භක්ති Sunday, 12 July 2015 01:26 PM

හෙමින් නමුත් මිනිසා මේවා සොයාගෙන යනවා.සතුටුයි.නමුත් කවදා මේවා හොයාගෙන ඉවර කරන්න පුළුවන් වේවිද?මේ විශ්වයේ විශාලත්වය ගැන බුදුන් වහන්සේගේ දේශනා වල සඳහන් වෙනවා.මේවා සොයලා ඉවරයක් කරන්න බැහැ කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා.එතරම් මේ මහා විශ්වය කෙළවරක් නැහැ.තවම මිනිසුන් යථාර්ථය තේරුම් අරගෙන නැහැ.අඳුරේ අත ගානවා වගේ ගමන් කරන්නේ.එන්න නියම මාර්ගයට.එවිට තේරුම් යාවි සියලුම දේවල් අද නැතත් සංසාරයේ කවදාක හෝ.එය සහතිකයි.ඔබට තෙරුවන් සරණ පතමි (නි)

:       0       0

නිහාල් Sunday, 12 July 2015 06:21 PM

රුපවති සයිප්‍රස් ගිහින් ඔහොම නම් ඇමරිකාවට ගියානම් ග්‍රීන් කාර්ඩ් ඇදිල අම්ම තාත්තටත් දොස් කියාවි (නදී)

:       0       0

සුනෙත් Monday, 13 July 2015 09:46 PM

භක්ති අද ප්‍රතිචාර දාන්නෙත් මේ මිනිසුන් යමක් විද්‍යාවෙන් කරන නිසා. අඳුරේ අත පත ගාන්නේ ඔය වගේ වැදි යුගේ අය තමා. මීට වඩා දනාත්මකව හිතන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site