අඟහරු මතට මිනිසකු යැවීමට කරන ලද සැළසුම් සාර්ථක වූ බව නාසා ආයතනය පවසයි. මිනිසකු අඟහරු මතට යැවීමට ඔරියන් නමැති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතී. එහිදී සිදුකරන්නේ ඔරියන් නමින් හඳුන්වා ඇති කුටීරයක මිනිසකු රඳවා එය අඟහරුමත ගොඩබැස්සවීමයි.
ඔරියන් කුටීරයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් අත්හදා බැලීමක් පසුගිය දා සිදුකැරිණි. එහි දී සී-17 ගුවන් යානයකින් එම කුටීරය මිනිසකු අඩි 35,000 ක් ඉහළ අහසට ගෙන ගොස් ඇරිසෝනා කාන්තාරය මතට පැරෂුට් ආධාරයෙන් මුදා හරින ලදී. එය පොළොවට පතිත වූයේ ඇමෙරිකා යුද හමදාවට අයත් යූමා නම් තැනිතලාවයට. ඊ.එෆ්.ටී.1 ලෙස නම් කැර තිබූ මේ අත්හදා බැලීම සාර්ථකව අවසන් විය. නාසා ආයතනය පවසන්නේ මේ අත්හදා බැලීම සඳහා මිනිසකු යොදා නොගත්තේ එය පුපුරායාමට ඉඩ තිබීම හේතුවෙන් බවයි.
ඔරියන් ව්‍යාපෘතියේ වැඩසටහන් කළමණාකරු මාර්ක් ගේයර් මෙසේ පැවසුවේය, '‘අපි පැරෂුට් මගින් මෙය අඩි 35,000ක් උඩ සිට බිමට ඇද වැටීමට සැලැස්වූයේ මෙහි යම් කාර්මික දෝශයක් තිබී පිපිරීමකට ලක් වේ දැයි බැලීමටයි. සාමාන්‍යෙයන් අපි මෙවැනි අත්හදා බැලීම් කිරිමෙන් දෝෂ නිවැරදි කරගන්නවා. ඒ අතින් මේ පීම්ම අතිශයින්ම සාර්ථකයි.‘'
මේ කුටීරය සම්බන්ධ තවත් අත්හදා බැලිමක් දෙසැම්බර් මාසයේ සිදු කිරීමට නියමිතය. නාසා ආයතනය පවසන්නේ ඔරියන් ව්‍යාපෘතියේ මෙතෙක් ලැබූ ප්‍රගතිය අනුව 2018 දී මිනිසකු අඟහරු වෙත යැවීමට හැකිවනු ඇති බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අඟහරු මතට මිනිසකු යැවීම 2018 දී
සනා Friday, 27 June 2014 11:49 PM
යවන්න කෙනෙක් නැතිනම් මට කෝල් කරන්න කියන්න. මමත් මේ යන්න තැනක් නැතුව වේලෙනවා අනේ. එහෙ සීතලද දන්නේ නැහැ (දී)
පෙරේරා Sunday, 29 June 2014 05:41 PM
කොයි තරම් වියදමක් දරන්න වෙනවද (දී)
අසිත Sunday, 29 June 2014 05:18 PM
ලංකාවේ විද්‍යා අධ්‍යාපනය දියුණු කරන්න ඕන. සමහරු ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ. නූගත්කම නිසා හඳට ගිය එක නොපිළිගෙන ඒ ගැන උජාරුවෙන් කතාත් කරනවා. (දී)
නුවන් Sunday, 29 June 2014 01:35 AM
අන්තිමට ජෝන් තමයි හරිම උත්තරේ දුන්නේ (දී)
ජොනතන් Saturday, 28 June 2014 04:35 PM
ඕක මහලොකු දෙයක් නෙවි ලංකාවේ ඇමති මණ්ඩලේට කිව්වනං. සුටුස් ගාල පෘතුවියයි අඟහරුයි මාරු කරලා දෙයි. නැත්තන් ඕන කෙනෙක්ව පැයෙන් දෙකෙන් අඟහරුට යවල දෙයි. (දී)
ජයත් Saturday, 28 June 2014 04:02 PM
ඔව් මේකත් අර 69 දී හඳට ඇරිය වගේම තියේවි නමුත් දැන් මිනිස්සුන්ට බොරු කරන්න ටිකක් අමාරුය බලමු (දී)
මිගිද Saturday, 28 June 2014 02:37 PM
බන්දුල පෙරේරා මහත්තයාට නුවන පහල වෙලා. බොහොම සතුටයි (දී)
වසීම් Saturday, 28 June 2014 11:20 AM
ප්‍රථමයෙන් හදට මිනිහෙක් යවන්න, ඇමෙරිකාව කරන බොරු පිළිගන්න අපි මෝඩයෝ නෙවේ (දී)
සීල Saturday, 28 June 2014 01:45 AM
එක වරක් හදට ගියාලු. ඒ උනාට හදේ හුළගට කොඩි පවා ලේලදුනා .මේපාර අගහරු ලෝකෙට යන ගමන ඇරිසෝන කාන්තාරේ කොහෙද දන්නේ නැහැ ෆිල්ම් කරන්නේ.? (දී)
නිමල් Friday, 27 June 2014 03:17 PM
මෙහෙම අගහරු මතට ගියාට ආයෙත් එන්න විදිහක් තාම හොයාගන්න බැරිවුනානේ.(නදී)
මහී Friday, 27 June 2014 09:01 PM
මානව සංහතිය වෙනුවෙන් දරන කැපවීමට නසා ආයතනයට ස්තුතියි (දී)
වසන්ත Friday, 27 June 2014 05:42 PM
අඟහරු මතට මිනිහෙක් පතිත කලා කියමු.එත් ආපහු එන්නේ කොහොමද? (දී)
චානක Friday, 27 June 2014 05:29 PM
කවුද ඉස්සෙල්ලාම යන්නේ (දී)
තරිඳු Friday, 27 June 2014 03:54 PM
ඉතාම කටුක අත්දැකීමක් වෙයි.(දී)
රාජා Friday, 27 June 2014 03:53 PM
සියලු ජාතින් එකමුතු වෙලා මෙවැනි දෙයක් කලයුතුයි. (දී)
හර්ෂ Friday, 27 June 2014 03:49 PM
මිනිස්සුන්ට මාස 6 ක ගමනක් මානසිකවත්, ශාරීරිකවත් ගැලපෙන්නේ නැහැ. ශාරීරක දුබලතා කෘතීම ගුරුත්වකශ්නයක්, බ්‍රමණය තුලින් ලබාගත්තත්, මානසික ව මෙවැනි ගමනක් ඉතාම අමාරු දෙයක්....(දී)
ගයන් Friday, 27 June 2014 03:44 PM
මම නම් කියන්නේ අඟහරු මතට මිනිසකු යැවීම 2025 වනතුරුත් කල් යයි කියලා. අගහරු ග්‍රහලොවට මිනිසෙකු යවන්න හොදම කාලය වන්නේ අගහරු හා පෘතුවිය අතර අඩුම පරතරය ඇති කාල පරාසයයි, මේ කාලය උදා වෙන්නේ අවුරුදු දෙකකට වරක්. එහෙම වෙලත් සාමානයෙන් මාස 6 ක් වත් ගතවෙනවා අගහරු වෙතට යන්න. ඒ කියන්නේ මේ යන මිනිසා / මිනිස්සුන්ට බොහෝ දුරට නැවත පෘතුවියට එන්න හැකියාව ලැබෙන්නේ නැහැ. (දී)
බන්දුල.පෙරේරා Friday, 27 June 2014 03:41 PM
ලොව පුරා හරියට ආහාරයක් නැති මිනිස්සු කොච්චර ඉන්නවද. මේවට සල්ලි වියදම් කරන්න කලින් ඒ මිනිස්සු ගෙන හිතනවානම් කොච්චර හොදද ?(දී)