මැලේසියාවේ අතුරුදන්වූ එම් එච් 370 යානය එහි ගුවන් නියමුවා විසින් සිතා මතා මුහුදට පැදවූ බවට සාධක ඇති බවට අනතුර සම්බන්ධ විමර්ශන කමිටුවේ විශේෂඥයකු හෙළිකර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
200 දෙනකුගෙන් යුත් විශේෂ විමර්ශන කණ්ඩායමේ නායක ලැරී වෑන්ස් එසේ ප්‍රකාශ කර ඇති අතර දැනට හමුවී ඇති යානයේ සුන්බුන් කොටස් පරීක්ෂා කිරීමෙන් පසු එම නිගමනයට එළැඹ ඇතැයි ඔහු කියා ඇත.
2014 මාර්තු මාසයේ දී ක්වාලාලාම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා එම යානය මගීන් 239 දෙනකු සමග පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ අතර එහි සුන්බුන් බවට සැක කරන කොටස් පසුගිය මාස කිහිපයක දී සාගරයේ තිබී සොයා ගැනිණි.
මෙම කරුණු මෙතෙක් තහවුරු කරගෙන නැති බවත් යානය අතුරුදන්වන මොහොත දක්වා එහි පාලනය ගුවන් නියමුවා අත පැවතියේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවද විශේෂ විමර්ශන කමිටුව කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අතුරුදන් මැලේසියා යානය ගැන විශේෂ හෙළිදරව්වක්
අශිකා Tuesday, 02 August 2016 11:39 PM
මේ කාරණය මත ඉදිරියේදී කිසිම දෙයක් තනි කෙනෙකුගේ පාලනයට නොදිය යුතුයි. තමන්ගේ තීරණයට වැඩ කරන්න ගියාම වෙන්නේ මහා විනාශයක්. මේකත් හරියට ලංකාවේ දේශපාලනය වගේ. දේශපාලුවොත් අනුන්ගේ ඡන්දෙන් බලයට විත් තමන්ගේ තනි මතයට වැඩකරලා මුළු රටම විනාශ කරනවා (නි)
රූපවතී Wednesday, 03 August 2016 06:17 AM
අශිකා ඔබේ කියමන නම් 100%ක් ඇත්ත මහජන කතිරෙන් පත්වෙන ජනාධිපති ඇතුළු අගමැතිට නොතෙරෙනු තැන අපිවත් මතක් කරලා දෙමු. අපේ කතිරෙන් එයාල රජකරන්නේ අඩු තරමේ අපේ වචනයකටවත් ඇහුම් කන් නොදී ? මේ සියලුම පාලකයෝ දැනගත යුතුයි රටේ සියලුම නව තීරණ යෝජනා ගන්නා විට . දියුණු රටවල මෙන් ඒ රටේ ජනතාවගේ කැමැත්තට වැඩි තැනක් දියයුතු බව...? (බ)
ජනහිත Thursday, 04 August 2016 02:40 AM
ඇත්තම ඇත්ත තමා. ඇමෙරිකාවේ නම් තනි මතයට මොන පාලකයාවත් කටයුතු කරන්නේ නැහැ. බද්ද දානකොට වුණත් කල්ඇතුව මහජන අනුමැතියට දානවා ඡන්දෙ වෙලාවට. ණයක් ගන්නකොට හරි රජයේ වෙනත් කටයුත්තකට වුණත් පුරවැසි අනුමැතිය ගන්නවා. මේගැන කියන්න ගොඩක් දේවල් තියනවා. එ්ත් මේ වෙලාවේ අවශ්‍ය නැහැ. හැබැයි එහි ඉන්න දේශපාලකයෝ උගත් හා කිසියම් පරිණතභාවයක් තියන අය. ආවට ගියාට මුඛය පාවිච්චි කරන්නේ නැහැ (නි)
අජිත් කරුණාරත්න Thursday, 04 August 2016 04:02 AM
ජනහිත කියපු කතාව ගැන මමත් පිලි ගන්නවා. ධනවාදී කියා කියා වැදී බණ කියන්නේ නැතුව ඇමෙරිකාවේ තිබෙන අපට සුදුසු යයි සිතෙන ප්‍රතිපත්ති ආදර්ශයට ගන්නවා නම් අපේ රටට මෙහෙම නොවෙන බව විශ්වාසයි.(ම)