X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


අනවසරයෙන් ආ ඇමෙරිකන් ආයුධ නැව ඉන්දීය අත්අඩංගුවට

පෙර දැනුම් දීමකින් හෝ අවසර ගැනීමකින් තොරව, අවි ආයුධ තොගයක් ද සමඟ තම මුහුදු සීමාවට ඇතුළු වූ ඇමෙරිකානු සමාගමකට අයත් නැවක්, අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ සේවා ඊයේ (16) උදෑසන නිවේදනය කළේය.
 

ඉන්දීය අත්අඩංගුවට පත්වූ ඇමෙරිකන් නෞකාව.

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්, ඊයේ පාන්දර 6 ට පමණ එම නැව අත්අඩංගුවට ගෙන ඇත්තේ එය චෙන්නායි සිට කිලෝ මීටර් 600 ක් දකුණු දෙසින් පිහිටි ටුටිකොරින් වෙරළ තීරයට ඔබ්බෙන් මුහුදේදීය.

ඇමෙරිකාවේ ලියාපදිංචි ‘එම් ඇස් සීමන් ගාඞ් ඔහියෝ’ නමැති එම නැව, ඉන්දීය මුහුදු සීමාවට සේන්දු වී ඇත්තේ අවසර ගැනීමකින් තොරව බවත්, නැව අත්අඩංගුවට ගෙන සෝදිසි කළ අවස්ථායේදී එහි තිබී ස්වංකී‍්‍රය ගිනි අවි 31 ක් සහ ජීව උණ්ඩ පෙට්ටි 5,000 ක් සොයා ගැනීමට හැකි වුණු බව වෙරළාරක්ෂක නිලධාරීහු කියාසිටියහ.

නැවේ 35 දෙනකු සිටි අතර ඔවුහු අත්අඩංගුවට ගනු ලැබූහ. නැවේ කපිතාන්වරයා ඉන්දීය වෙරළාරක්ෂක සහ බුද්ධි අංශ නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීම්වලට ලක් විය.

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් නැව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කියා සිටියේ, එය අනවසර ආයුධ ප‍්‍රවාහන නැවක් යැයි සැක කරන බවය.

මෙම නැව සියෙරා ලියොන් රාජ්‍යයේ ලියාපදිංචි නැවක් බවත් එය ඇමෙරිකානු සමාගමකට අයත් බවත් පසුව අනාවරණය විය. එම සමාගම සෝමාලි මූදු කොල්ලකරුවන්ට එරෙහිව සාගරයේ ආරක්ෂක කටයුතු සිදු කරන ආරක්ෂක සමාගමක් යැයි ද ඉන්දීය බුද්ධි අංශ වැඩි දුරටත් කියා සිටී.

එම සමාගමේ නිලධාරීන් කිහිප දෙනකු ඊයේ උදෑසන වෙද්දී ඉන්දීය බලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත් වූ බව ද වාර්තා විය.

ගිනිඅවිවලට අමතරව, නැවේ අනවසරයෙන් රැගෙන යන ඞීසල් බැරල් තොගයක් ද තිබුණු බව බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් එන්.ඞී.ටීවී පුවත් සේවය වාර්තා කළේය. නැවේ තිබී හමුවූ ඞීසල් ප‍්‍රමාණය ලීටර් 1,500 කි. නැවට එම ඞීසල් බැරල් පටවා ඇත්තේ ඉන්දියානුවන් පිරිසක් යැයි මේ වන විට හෙළි වී ඇති අතර ඒ ගැන ද විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙයි.
 

 



අදහස් (0)

අනවසරයෙන් ආ ඇමෙරිකන් ආයුධ නැව ඉන්දීය අත්අඩංගුවට

චින්තක පෙරේරා Thursday, 17 October 2013 12:54 PM

ඇමරිකාවේ කිව්වට ඕකේ අයිතිකාරයෝ සුද්දෝම වෙන්න ඕනේ නැහැ. ලංකාවට හතුරුකම් කරන, ලංකාවේ කොටසක් අයිති කරගන්න හදන අයත් ඇමෙරිකාවේ නැව් සමාගම් පවත්වා ගෙන යනවා. ටූටිකොරින් කියන්නේ ඉන්දියාවේ ඉඳලා යාපනයට කිට්ටුම වරායක්. ඔය හරියේ ඉඳන් තමයි වැඩි දෙනෙක් අපේ මුහුදේ මාළු අල්ලන්න එන්නේ. මේක අපිට විරුද්ධ වැඩපිළිවෙලක කොටසක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ගිනි අවි 31ක් විකුනන්න නැවක් එන්නේ නැහැ. මේ කියන දේවල් වලට වැඩි යමක් ඔතන තියෙන්න ඕනේ......! (ස)

:       0       0

රත්නායක ආරච්චිගේ Friday, 18 October 2013 10:13 AM

එල්.ටී.ටී.ඊ. එක නැතිකරලා ඉන්දියන් සාගරය පිරිසිදු කළාට ඇමෙරිකාව ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ.අපිත් ප්‍රවේශම් විය යුතුයි.එල්.ටී.ටී.ඊ.

:       0       0

ගුණරත්න Friday, 18 October 2013 03:41 AM

චින්තක පෙරේරා තමයි නියම අදහස දාලා තියෙන්නේ. අපේ රටේ සමුළුව කඩකප්පල් කරන්න කාගේ හරි වැඩක් වෙන්නත් පුළුවන්.අවදියෙන් හිටියොත් අපේ නාවික හමුදාවෙන් බේරිලා යනවා කියන්නේ බොරු. (නි)

:       0       0

ලලිත් Thursday, 17 October 2013 10:07 PM

ඇමෙරිකානු සමාගමක් කිවුව පලියට තීරණ ගන්නේ නැතිව සමාගමේ අයිතිකාරයෝ කවුද කියලත් සොයල බැලුවනම් හොඳයි. (දී)

:       0       0

චින්තක Thursday, 17 October 2013 09:53 PM

අපේ රටේ ඉදගෙන මේවට මෝඩ කතා කියල පලක් නොවේ ...ඔවුන් අවේ අපේරටට සම්බන්ද දෙයකට නම් ,,,,නියම තමා.......ඉන්දියාව හොදටම කෙන්තිගිහින් ඉන්නේ ....... (දී)

:       0       0

ස්කාස් Thursday, 17 October 2013 07:58 PM

මේක අධිරජ්‍යවාදී කුමන්ත්‍රණයක්. වහාම අපි උද්ගෝෂණයක් කරමු. කට්ටිය මොකද කියන්නේ? (නි)

:       0       0

තිසල් Thursday, 17 October 2013 05:52 PM

සත්‍යපාල කියලා තිබෙන දේ හරි. (නි)

:       0       0

කාපෝ Thursday, 17 October 2013 04:22 PM

මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්(නදී)

:       0       0

අමිත Thursday, 17 October 2013 03:16 PM

පේනවා නේද මානව හිමිකම් රකින්නන්ගේ වැඩ? සෝමාලියවට ආපු ගමන් මම හිතන්නෙ නෑදෑයො බලන්න එන්න ඇති. (ස)

:       0       0

කාලිංග ද සිල්වා Thursday, 17 October 2013 02:42 PM

මම හිතන විදිහට මේක " ෆ්ලොටින්ග් ආමෙර් " එකක් .. ඒ කියන්නේ වෙළෙඳ නැවක් , මුහුදු කොල්ලකරුවන් සිටින පැත්තට ගමන් කරද්දී ගිනි අවි සපයන නැවක් . මේ වගේ සමාගම් වලින් ආරක්ෂක බටයන් වත් සපයනවා . එම ආරක්ෂක බටයන්ට කියන්නේ සී මාර්ෂල් කියලා . හැබැයි අපේ පුංචි රටේ තිබුන ප්‍රශ්න අවුලන්න ගෙනාපු තුවක්කු වෙන්නත් බැරි නැහැ. (ස)

:       0       0

මර්වින් Thursday, 17 October 2013 02:27 PM

දැන් බලමු ඉන්දියාවේ වැඩ කොහොමද කියලා, අනේ ඇමරිකාවේ එකක් නම් අගේට නිදහස් කරයි. (ස)

:       0       0

කුමාරන Thursday, 17 October 2013 02:18 PM

අධික පිපාසෙට මුව පොව්වා මිරිඟුව පස්සෙත් දුවනවාලු.දැවැන්ත ආර්ථික පරිහානියෙන් බැට කන අයට මොන නීතිද?අනික නීතිය ඒ අයගෙනේ. අනේ කාලේ වනේ වාසේ.... (ස)

:       0       0

සිරිදාස Thursday, 17 October 2013 01:49 PM

ආරියසේන, යුද නැවේ තිබිලා තියෙන්නේ ස්වයංක්‍රීය ගිනි අවි 32 ද?ඇයි ඉඩ මදි වෙලාද? (ස)

:       0       0

පෙත්තා Thursday, 17 October 2013 02:41 AM

මේවා අපට ගෙනා සෙල්ලම් බඩුද දන්නෙ නැහැ. පළාත් සභා වලට සෙල්ලමට ගෙනා ඒවා නම් නියමයි. (නි)

:       0       0

මන්සිල් නෙදර්ලන්තය Thursday, 17 October 2013 12:45 PM

ශලිනි මේක වෙළඳ නැවක් . මේ තුවක්කු සහ පතුරන් ගෙනවිත් තියෙන්නේ කිසියම් රටක ජනතාවට කවන්න. ශාලිනිගේ මොලේ පිහිටා තිබෙන්නේ කොහෙද??. (ස)

:       0       0

සේරම් පැරිස් Thursday, 17 October 2013 12:42 PM

මේවා ඉස්සර ආපු කොටි නැව් වාගේ අලුත් ක්‍රමයකට . උතුරු පළාත් හමුදාවක් හදන්න ගෙන්නන ආයුධ නැවක් ද දන්නතේ නැහැ . කෙසේ වෙතත් අපි අවදියෙන් සිටිය යුතු කාලයක් රට පවා නොදී . මුදල් වලට ගැති නොවී . ඒ අමිහිරි අතීතය නැවත ගෙනාවා ගන්නට එපෝ (ස)

:       0       0

සත්‍යපාල Thursday, 17 October 2013 10:58 AM

ඇතමුන්ගේ හඩ එන්නේ කොතන මෙහෙයවිමෙන්ද දන්නවද ? බලන්නකෝ තව කීදෙනෙක් පෙනී හිටිනවද කියල ඉදිරි දිනවල. එයාලට පුරුදු කරලා තියෙන්නේ එහෙමයි. ගෙවන්නේ කෑලි ගණනට.ලංකාවෙ නම් අන්තිම පහතට දාන්න සහ අරගොල්ලන්ගේ රටවල දෙයක්නම් අසුචි උනත් හරිම සුවදයි, ගුණයි, රසයි කියලා මතය පැතිරවිය යුතුයි. (ස)

:       0       0

ආරියසේන Thursday, 17 October 2013 10:10 AM

ශලිනි, එතකොට මේකේ වෙඩි උන්ඩ පෙට්ටි 5000, ස්වයංක්‍රීය අවි 32, ඩිසල් ලීටර් 1500, ගේන්න ඇත්තේ වෙළඳාමට වෙන්න ඇති. (ස)

:       0       0

ශලිනි Thursday, 17 October 2013 09:27 AM

මේක වෙළෙඳ නැවක්.අනවසර ඇතුලුවීමක් පමණයි වෙලා තියෙන්නේ. (නි)

:       0       0

සම්පත් Thursday, 17 October 2013 08:53 AM

දෙමළ චිත්‍රපටියකට ආවද දන්නේ නැහැ. (නි)

:       0       0

බමුණු Thursday, 17 October 2013 08:28 AM

ඔන්න දෙගොල්ලෝ පටලවන්න වෙලාව... පුලුවන් නම් සහ දක්ෂ නම් මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න. (නි)

:       0       0

කැපේන් Thursday, 17 October 2013 07:35 AM

මුහුදු කොල්ලකාරයන්ගෙන් නැව් බේරගන්න වැඩ පිළිවෙළවල් ලෝකයේ හැමතැනම තිබෙනවා.හැබැයි ඒවට අය කරනවා නැව් සමාගමෙන්. මේකත් එහෙම එකක්. තෙල් අවසන් වෙලා තෙල් ගන්න ඉන්දියාව කිට්ටුවට යන්න ඇති. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 17 October 2013 06:55 AM

ඉන්දියාව කරන්නෙම මේ වගේ වැඩ තමයි. (නි)

:       0       0

උපාලි Thursday, 17 October 2013 05:25 AM

ඉන්දියාව බලන්න ක්ලින්ටන් නෝනා ආවා, ඔබාමා ආවා. දැන් ඒ අය ගජ මිතුරෝ නිසා බයවෙන්න දෙයක් නැහැ. දැන් නැව එන්න හේතුවකුත් ඉන්දියාව විසින්ම හොයා ගත්තනේ. ඔන්න අපි ඉන්න හරියට ආවා නම් තමයි අපට බැණුම් අහන්න වෙන්නේ (නි)

:       0       0

ආරියසේන Thursday, 17 October 2013 03:05 AM

ලංකාවේ උතුරු නැගෙනහිරට පැත්තට එන නැවක් ද දන්නේ නැහැ. ඉන්දියාව අත්අඩංගුවට ගත් එක හොඳයි.ලංකාව අත්අඩංගුවට ගත්තා නම් ඇමරිකාවෙන් බලපෑම් කරාවි ලංකාවට ආයුධ නැව නිදහස් කරන්න කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site