X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


අන්තර්ජාතික අපරාධ අධිකරණයේ නීතීඥවරියක ලිබියාවේදී අත්අඩංගුවට

රටේ ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමේ ලියකියවිලි ගඩාෆි පුතු සෙයිෆ් අල් ඉස්ලාම්ට දීමට උත්සාහ ගත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නීතීඥවරියක අත්අඩංගුවට ගැනීමට ලිබියා නව රජය ඊයේ (10) කටයුතු කළේය. අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙලින්ඩා ටේලර් නමැති  ඕස්ටේ‍්‍රලියා ජාතික නීතීඥවරියයි. ඇය සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ තවත් නීතීඥයන් පිරිසක් මීට දින කීපයකට පෙර ලිබියාවට පැමිණ ඇත්තේ ලිබියා රජයේ අත්අඩංගුවේ පසුවන ගඩාෆි පුතු සෙයිෆ් අල් ඉස්ලාම් හමුවීමේ අරමුණින්ය. නීතීඥ කණ්ඩායම ඊයේ ලිබියාවේ බටහිරින් පිහිටි සින්ටානා නගරයට ගොස් ඇත. ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ ලිබියාවෙන් පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේදී අල්ලා ගැනීමෙන් පසු සෙයිෆ් අල් ඉස්ලාම් රඳවා තැබෙන්නේ සින්ටානා නගරයේය. ”ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නීතීඥ කණ්ඩාම සින්ටානා බන්ධනාගාරයේ දී සෙයිෆ් අල් ඉස්ලාම් හමුවුණා. එම අවස්ථාවේදී මෙලින්ඩා ටේලර් නමැති නීතීඥවරිය ලිබියා රජයේ අනුදැනුමකින් තොරව අල් ඉස්ලාම්ට කිසියම් ලියකියවිලි වගයක් දීමට උත්සාහ කළා. ආරක්ෂක අංශ ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා” යැයි ලිබියා රජය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ අහ්මඞ් අල් ජෙහායි පවසයි. ලිබියා රජයත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයත් අතර සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබන්නේ අහ්මඞ් අල් ජෙහායි විසිනි. වසර 42 ක් තිස්සේ ලිබියාව පාලනය කළ ගඩාෆිගෙන් පසු රටේ බලය හිමිවීමට නියමිතව තිබුණේ සෙයිෆ් අල් ඉස්ලාම්ටය. ගඩාෆිගේ දු දරුවන් අතරින් දේශපාලනයට පිවිස සිටින්නේ ද ඔහුය. ඉකත් වසරේ ගඩාෆිගේ පාලනයට එරෙහි විරෝධතා ආරම්භ වූ අවස්ථාවේදී විරෝධතාකරුවන් නිර්දය ලෙස ඝාතනය කිරීමට අණ දීමෙන් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කළේ යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණයද සෙයිෆ් අල් ඉස්ලාම්ට චෝදනා එල්ල කර තිබේ. ලිබියා කැරැුලිකරුවන් අල් ඉස්ලාම් අල්ලා ගත් අවස්ථාවේදී ජාත්‍යන්තර අපරාධ අධිකරණ ලිබියා නව රජයෙන් ඉල්ලා සිටියේ සෙයිෆ් අල් ඉස්ලාම් තමන්ට බාර දෙන ලෙසටය. ඊට විරෝධය පළකරමින් ලිබියා රජය කියා සිටියේ ලිබියාවේ පවතින නීතියට අනුව සෙයිෆ් අල් ඉස්ලාම්ට ලිබියාවේදී දඬුවම් ලබා දීමට කටයුතු කරන බවය. කෙසේ නමුත් ලිබියා නව රජය තවමත් අල් ඉස්ලාම්ට එරෙහිව නඩු විභාගයක් පවත්වා නැත. බන්ධනාගාරයේදී අල් ඉස්ලාම් නිරන්තරයෙන් වධ බන්ධනයන්ට ලක් වන බව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පැමිණිලි ලැබී ඇතැයිද වාර්තා වෙයි.



අදහස් (0)

අන්තර්ජාතික අපරාධ අධිකරණයේ නීතීඥවරියක ලිබියාවේදී අත්අඩංගුවට

සුභාශිනී Tuesday, 12 June 2012 01:08 PM

ගඩාෆි වගේ‍ම පුතාවත් අමාරැවෙ දාන්න ගහපු ප්ලෑන් එකක් අතේ පත්තුවෙලා වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site