X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


අන්තර්ජාලයත් නරකට

කාර්යක්ෂමව සිය සේවය ඉටුකරන සාර්ථක පුද්ගලයන් පවා සිය රාජකාරීවලින් පසු අන්තර්ජාලයට පිවිසීම අත්හළ නොහැක පුරුද්දක් කැර ගැනීමෙන් මානසික සෞඛ්‍ය පිරිහෙන බව පර්යේෂණයකින් තහවුරු වී ඇත.

කාර්යාලයෙන් පසු අන්තර්ජාලයට පිවිසීම ඔවුන්ගේ සුබ සිද්ධියට බාධාවක් බව ද එම පර්යේෂණයෙන් පැහැදිලි වෙයි. එක්සත් රාජධානියේ කරන ලද මේ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ සමාගම් සිය කාර්ය මණ්ඩලයේ පුද්ගලයන්ට ඇති ප්‍රශ්න ගැන නොතකන බැවින් රාත්‍රී කාලයේ පවා ඔවුන්ට අන්තර්ජාලයට පිවිසි විද්‍යුත් තැපැල් පරීක්ෂා කිරීම් ආදියේ යෙදෙන්නට වන බවයි.

මෙවැනි ක්‍රියා වල යෙදෙන්නේ කාර්ය මණ්ඩලවල අති දක්ෂත ම හා කාර්යක්ෂ ම සාමාජිකයන් බව සොයාගෙන තිබේ.නොර්ත්ඇම්ප්ටන් ව්‍යාපාරකරණය පිළිබඳ පාසැලේ ආචාර්ය ක්‍රිස්ටිනා කුයිනොනෙස් ගාර්සියා ඩේලි ටෙලිග්‍රාප් පුවත්පතට පවසා ඇත්තේ  මහන්සි වි හොඳින්  වැඩ කරණ සේවකයන් මෙසේ වෙබි අඩවිවල සැරිසැරීමට ඇබිබැහිවීම හේතුවෙන් ඔවුන්ගේ කාර්යක්ෂමතාවය අඩුවන බවයි. මෙම අධ්‍යනයේ සමකර්තෘ වන හෙන්ලේ ව්‍යාපාර පාසැලේ  ප්‍රතිපත්ති සහ ආචාර්ය ධර්ම විද්‍යාව පිලිබඳ මහාචාර්ය නඩා කකබඩිසෙ පවසන්නේ අන්තර්ජාලයට යොමුවීම හේතුවෙන්  තම හොදම සේවකයන්ගේ සෞඛ්‍ය තත්වය පිරිහි ඇති බව එම හාම්පුතුන් නොදන්නා බවයි.

අන්තර්ජාලය භාවිතයෙන් මොවුන්ගේ ආහාර ගැනීම සහ නින්ද පිලිබඳ රටාවට බාධා සිදුවෙයි. බොහෝ දෙනා තමන් අන්තර් ජාලයේ සැරිසැරීමේ කාලය වැඩි කරගෙන ඇත. ඔවුන් අවම වශයෙන් තෙවරක් පමණ විද්‍යුත් තැපැල් පණිවිඩ පරික්ෂාකිරිමට නින්දෙන් අවදිවෙයි. මේ හේතුවෙන් ඔවුන්ගේ තීරණ ගැනීමේ හැකියාව ද අඩුවන බවත් අත්වැරදීම් වැඩිවූ බවත් තහවුරු කරගෙන ඇත. මේ අධ්‍යනය සඳහා වයස අවුරැදු 18 -65 දක්වා යොදාගත් සංඛ්‍යාව 516 කි.

 



අදහස් (0)

අන්තර්ජාලයත් නරකට

ප්‍රෑන්ක් රොෂාන්ත Friday, 10 January 2014 01:46 AM

අන්තර්ජාලය තියෙන්නේ අලුත් දෙයක් ඉගෙනගැනීටයි.(නදී)

:       0       0

පෙරේරා Friday, 10 January 2014 02:20 AM

ඇත්ත තමයි. කිඹුහුමක් ගියාමත් ඒක කියල ෆේස් බූක් එකේ දාන කාලයක් නේ මේ. (දිල්)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Friday, 10 January 2014 05:46 AM

මේ පර්යේෂණ ප්‍රතිපල ගැන අපට දෙවරක් සිතන්න වෙනවා. නිතිපතා අන්තර්ජාලයට ප්‍රවිෂ්ට වීම කාර්යක්ෂමතාවය අඩු කිරීමට හේතුවක් බව එක හෙළාම කියන්න බැහැ. මන්ද අප දන්නා ඇතැමුන් වසර 10 ක් තිස්සේ දිනකට පැය 10 කට වඩා අන්තර්ජාලය පරිශීලනය කලත් කාර්යක්ෂම තාවය වැඩිවීමක් මිස අඩු වීමක් පෙන්නුම් කරලා නැහැ. මෙහිදී අප විසින් පැහැදිලි කරගත යුතුව ඇත්තේ මේකියන පුද්ගලයින් අක්‍රීය ලිංගික තෘප්තියක් අන්තර්ජාලයෙන් ලබන්න උත්සාහ කළාද නැත්නම් තම අධ්‍යාපන කටයුතුවලට හෝ රැකියාවට අවශ්‍ය දැනුම ලබා ගැනීම සඳහා අන්තර්ජාලයේ රැඳී සිටියාද කියන එකයි. (දී)

:       0       0

සමීර අභයවර්දන , දිවුලපිටිය Friday, 10 January 2014 09:09 AM

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා මහතා සමග 100% එකගය. දෙවන කාරණය සදහා අන්තර්ජාලය පරිශීලනය මැනවින් කළහොත් නිසැකවම කාර්යක්ෂම තාවය වැඩිවීමක් කරා ගමන් කල හැකිය. මම ඒ අංශයෙන් විපුල පල නෙලා ගත්තෙක් වශයෙන් මේ පර්යේෂණ ප්‍රතිපල ගැන අපට දෙවරක් සිතන්න වෙනවා. (නදී)

:       0       0

සල් Friday, 10 January 2014 11:45 AM

ඒක නම් ඇතත් තමයි මමත් නොකඩවාම ඉන්ටෙර්නෙට් යනවා. නොබලා ඉන්නම බැරි තරමටම මම පත්වෙලා ඉන්නේ. වැඩ ඇරිලා එන්නේ මේක බලාගෙන. මොකද හේතුව මේකෙන් හැමදේම දැනගන්න පුලුවන් නිසා. මේක ළඟ තියනකම් කව්රුත් ඕනෙම නැහැ. මුලු ලෝකයම අත ලඟට ගන්න පුළුවන්. දැනුම අතින් මම ඉස්සරහට ආවා මේකෙන්.(නදී)

:       0       0

සත්‍යයා Friday, 10 January 2014 12:41 PM

සමීර හා සල් තමන්ගේ අත්දැකීම් ආශ්‍රයෙන් ධනාත්මක අදහස් පළ කර තිබීම "කාලාම සුත්‍රය" සිහි ගන්නනවා. (අ)

:       0       0

චාමික Saturday, 11 January 2014 05:17 PM

අපේ පර්යේෂණ කටයුතු වලදී හැමවිටම වගේ මුලාශ්‍ර සොයන්නේ අන්තරජාලයෙන්. මුද්‍රිත ජර්නලයන් බලන්නෙම නැති තරම්. දැනට මම වැඩ කරන විශ්ව විද්‍යාලයට සම්බන්ද වුනෙත් අන්තරජාලයේ තිබුන ඔවුන්ගේ දැන්වීම් බලලා. එඩ්වර්ඩ්, සමීර, සල් කියල තියනවා අන්තර්ජාලය යනු වටිනා අධ්‍යාපනික මාධ්‍යක් කියා.(නදී)

:       0       0

දිල් Saturday, 11 January 2014 08:46 PM

තමන් අන්තර්ජාලය බාවිතා කරන්නේ කුමක් අරබයාද කියල හැමෝටම අවබෝදයක් තිබිය යුතුයි.(නදී)

:       0       0

හසිත සමරකෝන් Sunday, 12 January 2014 02:58 PM

ලංකාවේ අපිටනම් කොච්චරවෙලා අන්තර්ජාලයේ ඉන්න දෙනවද ලංකාවේ මිනිස්සු ඇබ්බැහි වෙලා නෑ (දිල්)

:       0       0

චන්දන Sunday, 12 January 2014 07:21 PM

දැන් මම මේක කියෙව්වෙත් අන්තර් ජලයෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site