X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


අන්තර්ජාලෙන් දරුවෝ දාහක් බෙරා ගැනෙති

අන්තර්ජාලය ඔස්සේ කුඩා ළමයින් මුදලට විකිණීමේ යෙදී සිටි සංවිධාන කිහිපයක් වටලා   1094 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටත් ඔවුන් විකිණීමට සූදානම් කර සිටි කුඩා දරුවන් 382කු තමන් භාරයට ගැනීමටත් චීන පොලිස් නිලධාරීහු සමත්වූහ.

මෙම සංවිධානය දරුකමට දරුවන් ලබා දෙන්නේයැයි මුවාවෙන් අන්තර්ජාලයේ ප්‍රකට වෙබ් අඩිවි ඔස්සේ දරුවන් මුදලට විකුණා ඇතැයි හෙළිව තිබේ.

චීනයේ කි්‍රයාත්මක එක් පවුලකට එක් දරුවෙක් යන නීතිය නිසා බොහෝ දෙමව්පියන් තමන්ට උපදින තවත් දරුවෙකු වේ නම් එම දරුවා දරුකමට හදා වඩා ගැනීමට වෙනත් පවුලකට දෙන තත්ත්වයක් චීනයේ වේ.මෙසේ කරනුයේ බළධාරීන්ට හසුවුවහොත් දරුවන් එක් අයෙකුට වඩා සිටීමේ වරදට විශාල දඩමුදලක් ගෙවීමට ඔවුනට සිදුවන බැවිනි.

නමුත් දුප්පත්කම නිසා ඇතැම් දෙමව්පියන් නිකන්ම දරුවන් දරුකමට හදාවඩා ගැනීමට දෙනවාට වඩා මුදලට විකිණීමට පෙළඹිී සිටන බව චීන බළධාරීන් කියයි.මෙවැනි අවස්ථා වලින් ප්‍රයෝජන ගැනීමට සැරසී සිටින්නේ මෙවන් ජාවාරම්කරුවන් යැයි ඔවුන් පවසයි.

දෙමව්පියන්ට සුලූ මුදල් ප්‍රමාණයක් දී දරුවන් ලබා ගන්නා ඔවුන් පසුව විශාල මුදලකට එම දරුවන් වෙනත් පුද්ගලයින්ට විකිණීමේ යෙදේ.මෙවන් කටයුතු වල යෙදෙන්නන්ට දැඩි දඩුවම් පැමිණවිය හැකි ලෙසට නීති සකස් වී තිඛෙතත් එකවර විශාල මුදල් ප්‍රමාණයක් ලබාගත හැකි හෙයින් ජාවාරම්කරුවන් ඒවා නොසළක තත්ත්වයක් උද්ගතවී ඇතැයිි බළධාරීන් කියයි.

ඇතැම් අවස්ථා වල මෙම සංවිධාන වල සාමාජිකයින් හෙදියන්, ආවතේවකරුවන්, රියැදුරන් ලෙස පෙනී සිටිමින් කුඩා දරුවන් පැහැරගන්නා බවද සදහන්ය.වාර්තා වලට අනුව එසේ පැහැරගැනීමට ලක්ව ඇති දරුවන් අතුරින් බහුතරය පිරිමි දරුවන් වේ.මේ තත්ත්වය විග්‍රහ කරනා විශේෂඥයින් පෙන්වා දෙන්නේ චීන සමාජයේ බහුතරය පිරිමි දරුවන් යනු පවුලකට වාසනාව ගෙන දෙන්නන් යැයි විශ්වාස කිරීම මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතුව වී තිඛෙන බවයි.

මෙවන් සංවිධාන හා පුද්ගලයින්ට වැඩබැදීමට තවත් නීති හදුන්වාදීමට චීන බළධරයින් කටයුතු කරමින් සිටී.තවද එක් පවුලකට එක් දරුවෙක් යන නීතිය ලිහිල් කිරීමටද චීන රජය සැරසෙමින් සිටින බව සදහන්ය.



අදහස් (0)

අන්තර්ජාලෙන් දරුවෝ දාහක් බෙරා ගැනෙති

කුමාරි Monday, 03 March 2014 12:29 PM

ඒක නම් හොදයි. පුංචි පවුල රත්තරන් කියල අපෙත් ඔය ටිකම කරලා තමා සිංහලයා සුළු ජාතියක් බවට පත් වෙමින් යන්නේ. සිංහලයෝ දැන් වත් මේක තේරුම් ගත යුතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site