X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


අඳ දෑසට හොඳ පිහිටක්

අන්ධ හා අර්ධ අන්ධ පුද්ගලයන් වෙනුවෙන් ඇඟිලි තුඩින් පොත් කියවිය හැකි උපකරණයක් නිපදවා ඇත. එම විශ්මිත උපකරණය සාදා ඇත්තේ ඇමෙරිකාවේ මැසචුසෙට් තාක්ෂණ විද්‍යා ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් විසිනි.

මුද්දක් මෙන් ඇඟිල්ලේ පැළඳිය හැකි මේ උපකරණය පොතක ඡේදයකට කෙලින් තැබූ විට පහසුවෙන් එය කියවයි. එහි ඇති කුඩා කැමරාවක් මගින් පොත්වල අඩංගු දේ ඇති වචන හඳුනා ගනියි. මේ උපකරණයේ ඇති විශේෂ මෘදුකාංග මගින් ඇගිල්ලේ සිදුකරන චලනය තේරුම් ගන්නා අතර කැමරාවෙන් හඳුනාගන්නා වචනය ශබ්දයට නැගීම සිදුකරයි.

නව උපාංගයට කම්පන මෝටරයක් ද සවිකැර තිබේ. එමගින් කියවන්නාට සිදුවන වැරදි ගැන ද අනතුරු හැඟවීමේ හැකියාව ඇත.

මේ උපාංගය නිපදවූ කණ්ඩායමේ නායකද මහාචාර්ය පැටී මයිස් කියා සිටින්නේ මේ උපකරණය භාවිතයෙන් කරන කියවීම ඇඟිලිතුඩින් කියවීමට සමාන බවයි.

‘‘ දැනට බ්‍රේල් ක්‍රමයට පරිවර්තනය කැර නොමැති පොත් විශාල ප්‍රමාණයක් අන්ධ හා අර්ධ අන්ධ පුද්ගලයන්ට මේ උපකරණය භාවිතයෙන් කියවීමට හැකියාව ලැබෙනවා. එය ඔවුන්ගේ අධ්‍යාපනයට ඉතා විශාල රුකුලක් වේවි. අපි උපකරණය වසර තුනක කාලයක් අත්හදා බැලුවා. දැන් එය ඉතා සාර්ථකයි. “ යැයි මහාචර්ය මයිස් කියා සිටියේය.

මහාචර්යවරයා වැඩිදුරටත් පවසන්නේ මේ ක්‍රමය යොදා ගනිමින් ස්මාර්ට් දුරකථන තිරයේ ඇති දේ කියවීමට හැකි ආකාරයෙන් තවමත් යන්ත්‍රය වැඩිදියුණු කිරීමට නොහැකි වීම නම් පාඩුවක් බවයි. ඉදිරියේ දී ස්මාර්ට් දුරකථන ඇතුළු ස්පර්ශක තිරයන්හි ඇති දේ කියවීමට හැකි පරිදි මෙය වැඩිදියුණු කරන බව ද ඔහු පවසයි.

 



අදහස් (0)

අඳ දෑසට හොඳ පිහිටක්

ගුණදාස Thursday, 10 July 2014 09:19 AM

අතිවිශිෂ්ට නිර්මාණයක් (දී)

:       0       0

ගාමිණී - සිරි Thursday, 10 July 2014 09:19 AM

මහාචාර්ය මයිස් තුමාගේ නිර්මාණය ඉතාමත් උසස්.ඇඟිලි තුඩට දමන මෙම උපකරණය වැඩි දියුණු කොට දෑස ටම පළඳවා පෙනුම ලබා දීමට උපකරණයක් නිපදවන්නේ නම් අති විශාල දක්ෂ කමක් ! ලොවටම සේවයක් ! (දී)

:       0       0

රාදා Friday, 11 July 2014 02:41 AM

මේ වෙනුවට අන්ධ අය‍ට ඇස් දෙකෙන්ම පෙනුම ගන්න උපකරණයක් හැදුවොත් අන්ධ බව සදහටම මේ ලෝකෙන් තුරන් වී යයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site