ආහාර සහ සැපයුම් ද්‍රව්‍ය පටවාගත් රුසියානු භාණ්ඩ ප්‍රවාහන යානය නත්තලට පෙර නියමිත දිනයේ දී ම ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගොස් ඇතැයි බීබීසි පුවත් සේවය වාර්තා කරයි.
මෙම භාණ්ඩ පටවාගත් යානය කසකිස්ථානයෙන් අභ්‍යාවකාශ ගත කරන ලද්දේ පසුගිය සඳුදාය.
ප්‍රෝග්රස් 62 පී ලෙස නම්කර ඇති මෙම යානය දින දෙකක ගමනකින් පසු ජාත්‍යන්තර අභාකාශ මධ්‍යස්ථානයේ පියර්ස් නැමැති කුටිය වෙත බදාදා ග්‍රිනිච් වේලාවෙන් 10.27 ට ස්වයංක්‍රීයව ගොඩ බැස ඇත.
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටින ගගනගාමීන් පිරිස එහි ඇති ද්‍රව්‍ය පරික්ෂා කිරීමෙන් අනතුරුව යානයෙන් පිටතට ගැනීමට හා විවෘත කිරීමට නියමිතය.
බ්‍රිතාන්‍ය අජඨාකාශගාමි ටිම් පීක් ප්‍රොග්රස් යානය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට බැස්සවීම පහසුකිරීමට නිර්මාණය කර තිබු උපකරණය යානයේ සවිකිරීම සඳහා අභ්‍යාවකාශයේ ගමන් කළේය.
දැනට අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටින ඇමරිකානු ගගනගාමි දෙපලක් වන ස්කොට් කෙලී සහ ටිම් කොප්රා විසින් යානයේ ගෙන ආ බඩු ගබඩා කිරීමට අවශ්‍ය රේල් රථය යානය එහි ළඟාවීමට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත ස්ථාන ගත කරන ලදී
පීක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත පසුගිය දෙසැම්බර් 15 වෙනිදා ළඟාවුයේ එහි පරික්ෂණ කටයුතුවල මාස හයක පමණ කාලයක් නියැලිමේ අපේක්ෂාවෙනි.
රුසියානු අභ්‍යවකාශ ඒජන්සියට අනුව මිනිසුන් රහිත ප්‍රෝග්‍රස් නැමැති භාණ්ඩ ප්‍රවාහන යානය ගුවන් යානා ඉන්ධන, ඔක්සිජන්,ජලය, සහ ආහාර සමගින් කිලෝ ග්රෑම් 2436 ක් බරැති ද්‍රව්‍ය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් ඇත.
මීට ඉහත අවස්ථාවන්හි දී ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ආහාර ජලය සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහණය කිරීමේ යෙදුණු යානා අනතුරට පත්වීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නොමැතිව අජඨාකාශගාමින් දැඩි අසීරුතා වලට ලක්ව සිටියහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට නත්තල් තෑග්ගක්
සමන්ත Thursday, 24 December 2015 03:02 PM
රුසියානුවෝ රුසියෝ. (ස)
උපුල් Friday, 25 December 2015 11:19 AM
ලංකාවෙන් යවපු එක දැන් කොහෙද දන්නේ නැහැ ? (අ)