X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


අම්මයි පුතයි අස්වන බව කියයි

භාරත මැතිවරණ පරාජයත් සමග කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි පක්ෂ නායකත්වයෙන් ද පුතු රාහුල් ගාන්ධි පක්ෂ මහ ලේකම් ධුරයෙන් ද ඉල්ලා අස්වීමට සැරැසෙන බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂයේ කි්‍රයාකාරී කමිටුව අද (18) රැස්වී සාකච්ඡා කිරීමට ද නියමිතව ඇත. කෙසේ නමුත් කොංග්‍රස් පක්ෂ අභ්‍යන්තරයෙන් වාර්තා වන්නේ, සෝනියාගේ සහ රාහුල්ගේ ඉල්ලා අස්වීම් පක්ෂයේ ක්‍රියාකාරී කමිටුව බාර නොගනු ඇති බවයි.

කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ගතවුණු වසර 10 පුරා පාලන කටයුතු මෙහෙයවීය. ඔවුන් බලයට පැමි‚යේ 2004 වසරේදීය. අවසන් මැතිවරණයේ දී කොංග්‍රසය ප්‍රමුඛ සන්ධානයට ආසන 260 කට වඩා හිමි කර ගැනීමට ද හැකිවිය. දූෂණ චංචා නිසා ජනතාව අතරේ දැඩි ලෙස අපකීර්තියට පත් වුණු කොංග්‍රසය මෙවර මැතිවරණයෙන් දරුණු පරාජයක් හිමි කර ගත්තේ එහි නායකත්වය දුර්වල වුණු නිසාය.

මෙවර මැතිවරණය මෙහෙයවූයේ සෝනියාගේ පුත් කොංග්‍රස් පක්ෂයේ මහ ලේකම් 43 හැවිරිදි රාහුල් ගාන්ධි ය. 

රාහුල්ට මැතිවරණයේ මෙහෙයවීම් කටයුතු පැවැරුව ද ජනතා අප්‍රසාදයට පත් වී සිටි නිසා රාහුල්ට එම කටයුතු සාර්ථකව කිරීමට නොහැකි බව කොංග්‍රසය කල් තියා දැන සිටියේය.

ඔවුන් අගමැති අපේක්ෂයා ලෙස රාහුල් නම් නොකළේ එහෙයිනි. රාහුල් ගාන්ධි අගමැති ධුර අපේක්ෂකයා ලෙස නම් කර තිබියදී, කොංග්‍රසය මෙලෙස දරුණු පරාජයකට ලක් වූයේ නම් එය රාහුල්ගේ ප්‍රතිරූපයට බරපතල හානියක් වීමට ඉඩ තිබු‚.

මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු සෝනියා සහ රාහුල් ගාන්ධි මාධ්‍ය හමුවක් කැඳවමින් නිහතමානීව පරාජය බාර ගන්නා බව පැවැසීය. මැතිවරණ පරාජයට තම පුතු පමණක් වගකිව යුතු නැතැයි ද සෝනියා එහිදී අවධාරණය කළාය. එපමණක් නොව ඇය මෝඩි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ සන්ධානයට සුබ පැතීමට ද අමතක නොකළාය.

මේ අතර, මැතිවරණයෙන් ලැබූ පරාජයෙන් පසු, බිහාර් මහ ඇමැති ධුරයේ කටයුතු කළ නිතිෂ් කුමාර්   සිය ධුරයෙන් ඉල්ලා අස්විය. නිතිෂ් කුමාර් කොංග්‍රස් පක්ෂ සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ‘ජනතා දාල්‘ හි නායකයාය.

ජනතා දාල් පක්ෂයට මෙවර මැතිවරණයේ දී හිමිකර ගැනීමට හැකිවුණේ ආදල දෙකක් පම‚. 2009 මැතිවරණයේ දී බිහාර් ප්‍රාන්තයේ ආසන 20 ක් දිනා ගැනීමට ඔවුහු සමත් වී සිටියහ.

කොංග්‍රස් සන්ධාන රජය යටතේ වසර 10 ක් අගමැති ධුරය හෙබවූ මන්මෝහන් සිං ඊයේ (17) සිය ධුරයට සමු දුන්නේය. ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා එම අවස්ථාවේදී කියා සිටියේ මන්මෝහන් සිං නිහ~ සේවයක් කළ ගෞරවŒය දේශපාලනඥයකු කියාය. ඔහුගේ සමුගැනීම ගැන තමන් දුක් වන බව ද ඔබාමා වැඩි දුරටත් කියා සිටියේය.

 



අදහස් (0)

අම්මයි පුතයි අස්වන බව කියයි

මහේෂ් Sunday, 18 May 2014 08:16 PM

අපේ අයටත් මේවා හොඳ පාඩම් (අ)

:       0       0

සන්ජය Sunday, 18 May 2014 08:22 PM

අපේ අය නම් පිල් මාරු කරයි (අ)

:       0       0

අනුර Sunday, 18 May 2014 10:05 PM

අපරදේ අස්වෙන්න කලින් හමුදාවද දාලා මේ මෝඩි අත්අඩංගුවට අරන් බොරු නඩු දෙක තනකට පටලවලා හිරේ දාන්න තිබුන නේ. (අ)

:       0       0

දමිත් Monday, 19 May 2014 05:24 AM

මේ දේ එච්චර හොද දෙයක් නෙමෙයි. මේවා ආදර්ශයට අරගෙන අපේ වටිනා තාත්තල ,පුතාල, බාප්පල, මහප්පල, ලොකු තාත්තගේ පුතාල මේ සේරම අයින් වෙන්න පුළුවන්. (අ)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Monday, 19 May 2014 09:09 AM

දමිත් කියන දේ ගැන හිතන්න හිතන්න හිනා යනවා. මහේෂ් මේවා අපේ දේශපාලුවන්ට හොඳ ආදර්ශයක්. එ්ත් මේක ලංකාවනේ . කවදාවත් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

දයා අලහාකෝන් Monday, 19 May 2014 11:52 AM

පයින් ගහලා ගෙයින් එළියට එළිව්වත් අපේ අය වැටෙන්නෙත් ගේ පැත්ත බලාගෙන.(නදී)

:       0       0

මහී Monday, 19 May 2014 01:11 PM

මෝඩිට එහෙම උනාට අපේ රටේ එහෙම වෙන්නේ නැහැ.(නදී)

:       0       0

මහානාම Monday, 19 May 2014 02:28 PM

දමිත් , ඔයාගේ කතාව නම් නියමයි (නි)

:       0       0

රාණා Monday, 19 May 2014 02:31 PM

ඉන්දියාවේ එහෙම උනත්, ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. අපේ මැතිවරු පැරදුනාට දාල යන්නේ නැහැ.(නදී)

:       0       0

සම්‍යා Monday, 19 May 2014 04:35 PM

එක අතකින් බලනකොට ඉන්දියානුවෝ ටිකක් බුද්දිමත් කියල කියන්නත් පුළුවන්.වංචා හා දුෂණ පිළිබඳව හෙළි දරව්වත් සමගම ඡන්දය දීම ප්‍රතික්ෂේප කලා.(අ)

:       0       0

පිටිගල Monday, 19 May 2014 04:44 PM

මොඩිගේ දෑත් ශක්තිමත් කරන්න තිබුනානේ. අපරාදේ අස්වෙන්නේ... (නි)

:       0       0

කීර්ති Tuesday, 20 May 2014 09:31 AM

ඉන්දීය නව අගමැති ගේ නම 'මෝඩි' නොවේ 'මෝදී'. නරේන්ද්‍ර මෝදී. (ස)

:       0       0

කමල් Tuesday, 20 May 2014 10:51 AM

මේක මිනිස්සුන්ගේ හිත දිනා ගන්න කරපු වැඩක්නේ.තව ටිකකින් කියය ජනතාවගේ ඉල්ලීම් නිසා අස්වෙන්නේ නැ කියල.(දිල්)

:       0       0

සුරේන්ද්‍ර Tuesday, 20 May 2014 01:32 PM

බලමුකෝ ඉල්ලා අස්වෙයිද කියලා (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 20 May 2014 01:32 PM

කලබලවෙන්න එපා. මේ අයත් ඉල්ලා අස්වෙන්නේ යන්න නොදෙන බව දන්නා නිසයි. (නි)

:       0       0

දලාස් Wednesday, 21 May 2014 05:23 PM

අනේ රනිල් මේක වත් දැකලා ආදර්ශයට අරන් යන්නකෝ දැන්වත් පින් සිද්ධ වෙයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site