අයර්ලන්තයේ ජිවත්වන බෞද්ධ සැදැහැවතුන්ගේ උත්සාහයක් මත මහමෙව්නාව භාවනා අසපු ශාඛාවක් අයර්ලන්ත අගනුවර වන ඩබ්ලින් නඟරයට ආසන්න නිසසල පෙදෙසක ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
අසපුව සඟ සතුකොට පුජා කිරීමේ උත්සවය මෙම මස 10 වැනි ඉරුදින පැවැත්වේ. නව අසපුව පිහිටියේ කිල්ඩෙයාර් ප්‍රාන්තයේ ප්‍රොස්පරස් නඟරයේ මේපල් ටෝෆ්ට්ස් ක්ලෝස් මාවතේ අංක 57 දරන ස්ථානයේය. පින්කමෙහි කටයුතු සඳහා මහා බ්‍රිතාන්‍යයේ මහමෙව්නාව භාවනා අසපුවේ කටුනේරියේ ධම්මදේව හිමි ඇතුළු මහා සංඝ රත්නය වැඩමකරවීමට නියමිතය.
එදින සංඝගත දක්ෂිනාවක්ද පිරිනැමේ. දහවල් 12 සිට ධර්ම දේශනාව සහ සෙත් පිරිත් සජ්ජායනාව පැවැත්වේ.
අයර්ලන්තයේ බෞද්ධ විහාරස්ථානයක් හෝ අසපුවක් ආරම්භ කිරීමේ අදහසින් ශ්‍රී ලාංකිකන් 11 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පිහිටුවා ගෙන එමඟින් ඔවුනගේ පෞද්ගලික මුල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් පසුගිය මැදින් මාසයේදී ඩබ්ලින්,කොර්ක් සහ වෙක්ස්ඵර්ඩ් යන නඟර වල ලන්ඩන් නුවර මහමෙව්නාව භාවනා අසපු වාසි ස්වාමින් වහන්සේ නමක් වැඩම කරවා ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කළ බව කමිටු සාමාජිකයකු පැවසීය.
නව අසපුවේ පැවැත්ම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන උපයාගැනීම සඳහා උපකාරිවිමට www.mahamevnawa.ag හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයන්ගෙන් විස්තර ලබාගත හැකිය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අයර්ලන්තයෙත් මහමෙව්නාව අසපුවක්
චතුර Wednesday, 06 April 2016 09:32 AM
ලාභයකි සැබවින්ම පින්වත ඔබට (හේ)
කෙනත් Wednesday, 06 April 2016 02:13 PM
සාදු සාදු ...පින් කැමති සියල්ලෝම අනුමෝදන් වෙත්වා..! සසුන බැබලේවා !! (බ)
ප්‍රදීප් Wednesday, 06 April 2016 10:16 PM
රට රටවල අලුත් පන්සල් වීවෘත වන බව අසන්නට ලැබීමත් පිනකි. දහම් අසන්නට අවස්ථාවක් ලැබීමෙන් කුසල් සිත් ඇතිවේ. පස්පවින් වැළකීමට උපකාර වේ. (නි)
හරිශ්චන්ද්‍ර Wednesday, 06 April 2016 11:02 PM
ඉතා වටිනා පුණ්‍යකර්මයක්. (නි)
නදුන් Thursday, 07 April 2016 08:38 AM
සාදූ.. සාදූ.. සාදූ..සතුටු සිතින් අනුමෝදන් වෙමි. (හේ)
චාන්දනී කලුගම්පිටිය Monday, 11 April 2016 07:24 AM
සදහම් පණිවිඩය ලොව පුරා පැතිරේවා! බුදු සසුන බැබලේවා!! ලොකු ස්වාමින්වහන්සේ ඇතුලු අප සැමට අමා නිවන් සුව දුර නොවේවා මෙත් සිතින් (අ)
සුධර්මා Saturday, 16 April 2016 09:49 PM
අපගේ ගුරු දෙවිඳුන් විසින් අසරණ අප කෙරෙහි අනුකම්පාවෙන් නිමවන ලද එ් අමාපැන් පොකුණ පිරී ඉතිරී, ලොව පුරා සිටින සුපින්වත් මිනිසුන්ගේ දහම් පිපාසය සංසිඳවන අයුරු අප හද පිරි සොම්නසින් අසා, දැන දැක සතුටු සිතින් අනුමෝදන් වෙන්නෙමු. අප සියලු දෙනාට උතුම් ගුණධර්ම වැඩිදියුණු කරගැනීමට වීර්ය ලැබේවා! සාදු සාදු සාදු! මහමෙව්නා අසපු සංචිත චිරාත් කාලයක් දෙවි මිනිසුන්ගේ යහපත පිණිස පැවතේවා!!! (නි)