X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අයි.එස් පුතා මව මරා දමයි

අයි එස් ත්‍රස්තවාදියෙකු විසින් තම මව හිස ගසා දමා මැරූ බව කියන පුවතකින් ලෝකයේ බොහෝ දෙනෙක් කම්පාවට පත්වූහ.

විසි හැවිරිදි පුත්‍රයා තම මව මරා දමනු ලැබුවේ ඔහු රාජකාරි කරන තැපැල් කාර්යාලයය ඉදිරිපිට දී ය.

බොහෝ දෙනෙක් එය බලා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මව මරා දැමීමට හේතුවී ඇත්තේ තම පුතු අයිඑස් කණ්ඩායමට බැඳීම පිළිබඳ මව මැසිවිලි නැගීම  බව ද විදෙස් මාධ්‍යය කියයි.



අදහස් (0)

අයි.එස් පුතා මව මරා දමයි

රුවන් Saturday, 09 January 2016 05:45 AM

මිත්‍යාදෘෂ්ටියේ ආදීනව තමා (නි)

:       0       0

කෝසල Monday, 11 January 2016 04:41 PM

මෙහෙම දරුවන් කුමටද මේ ලොවට? (නි)

:       0       0

සහන් Monday, 11 January 2016 10:26 AM

ඉස්ලාම් දහමට අනුව ස්වර්ගය තියෙන්නේ තම මවගේ පාමුල කියලයි. ඉතින් අම්ම මරල මෙය කරගෙන තියෙන්නේ නිරයට යන එක අනේ පව්. . (කෞ)

:       0       0

එරංග Monday, 11 January 2016 07:37 AM

සැබවින්ම මවක් නැත , පියෙක් නැත, කියල උගන්වද්දී ඉතින් කොහෙන්ද මවුගුණයක් දන්නේ, තමන්ගේ උප්පත්තිය නොදකින නොදන්නා කෙනෙකුට බාර කරලා ඇත්තටම තමන්ව මේ ලෝකෙට ජාතක කරපු දෙමවුපියන් දෙමවුපියන් විදියට නොදකින්න උපතේදී ඉදන් පුරුදු කරවපුවම ඉතින් මේ දේවල් තමයි සිද්ද වෙන්නේ, කලකිරෙන්න ඕනේ මේ කරපු දේට නෙවෙයි . සංසාරේ අපි අතිනුත් මේ වගේ දේවල් නොවෙන තැනටයි පත්වෙන්න ඕනේ, (බ)

:       0       0

යසරත්න Sunday, 10 January 2016 06:35 PM

මොනතරම් කුරිරු හිතක්ද? (නි)

:       0       0

උපාලි Sunday, 10 January 2016 01:22 PM

මොවුන්ට යන්න වෙනම අපායක් මැවෙනු ඇත (නි)

:       0       0

ගුණසිරි Sunday, 10 January 2016 11:51 AM

නිශාර්ඩ් ප්‍රීනාගේ ප්‍රශ්නය අපට පැහැදිලි නැහැ. සසර යනුවෙන් හඳුන්වන දේ එකයි. පිළිගත්තත් නොපිළිගත්තත් එහි ඉපිද මැරෙන වාර ගණන ගිනිය නොහැකියි. ජාතිය, ආගම, කුලය, උස්පහත් බව එයට අදාළ නැහැ. ලෝක ධර්මතාවය කාහටත් පොදුයි ප්‍රීනා (නි)

:       0       0

ශ්‍රීනා මාග්‍රට් Saturday, 09 January 2016 11:23 PM

අහෝ! මෙවන් ලොවක ජීවත්වීමට ලැබීම කළකිරීමට හේතුවකි (නි)

:       0       0

රුවන් Saturday, 09 January 2016 05:48 PM

විප්ලවයක් වෙනුවෙන් ඔය වගේ දේවල් වුණ කාලයක් අපේ රටෙත් තිබුණා (නි)

:       0       0

සමන් Saturday, 09 January 2016 04:43 PM

නාලාගිරි ඇතාට රා පෙවූ කෙනාටද පවු? ඇතාටද පවු? මේ ළමයින්ට විස පොවන අයට තමයි පවු (නි)

:       0       0

ටානියා Saturday, 09 January 2016 03:20 PM

මේවට හොඳ නරක ලියන්න ගියොත් අපි ජාතින් අතර බේද ඇතිකරනවා කියලා කියයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 09 January 2016 11:14 AM

මේ පුතාට කවුරුවත් දඬුවම් කරන්න ඕනෑ නැහැ. බලන්න ටික දවසකින් කියයි පුතාම වෙඩි තියාගෙන මැරුනා කියලා (නි)

:       0       0

චාමර Saturday, 09 January 2016 07:38 AM

මේ වගේ මතවාදයක් නිසා මිනිසුන්ට ලැබෙන දේ පැහැදිලියි. මවුවරුන් පියවරුන් මරා දැමෙනු ඇත. කියන දේ නොඅසන දරුවන්ද, අසල්වාසින්ද මරාදැමෙනු ඇත. අන් මත ගරුනොකරනු ඇත. ජිවිතයේ විවිධත්වය හා වින්දනාත්මකබාවය සිඳීගොස්, රොබෝවන් මෙන් එකම මතයක් අසාගෙන යාන්ත්‍රික වහල්බාවයකට පත්වී මියැදෙනු ඇත. අපේ රටෙත් මෙවන් මතවාද වලට කැමති මෝඩ පුද්ගලයන් සිටින බව අසන්නට ලැබීම අභාග්‍යයට කරුණකි. (නි)

:       0       0

විජිත් Saturday, 09 January 2016 06:59 AM

සමහරවිට මේ පුතා කාලයකට ඉහතදී තම මවට ආදරයෙන් සිටි කෙනෙක් වෙන්නත් පුළුවනි..ත්‍රස්තවාදීන්ට මුණගැසුනාම ඔවුන් ඔහුගේ " බුද්ධිය ශෝධනයට " ලක්කලා වෙන්නත් පුළුවනි.." බ්‍රේන් වොෂ් " හෙවත් බුද්ධිය ශෝධනයට ලක්කළ කෙනෙක් ගේ මතකයේ තියෙන්නේ එකම අරමුනයි ..ඒ තම ඉලක්කයයි..එයට විරුද්ධවන සියලුදෙනාවම ඔහුට පෙනෙන්නේ තම සතුරන් ලෙසයි. ඒ සියලුදෙනාවම විනාශකරන්න ඔහුගේ මනසට විධානයක් කරලයි තිබෙන්නේ.අපේ රටේ හිටිය මරාගෙනමැරෙන " කොටි"න් පවා බුද්ධි ශෝධනයට ලක්කළ අයයි.ඒ සටනේදී අවසන් අදියරට යනකොට හමුදාවේ පවා බුද්ධි ශෝදනයට ලක්කළ අය සිටියා කියා හමුදාවේම සිටිය නිලධාරියෙක් පැවසුවා ඔබට මතකද.., තම කාර්ය සාර්ථවක අවසන් කල පසු ..අවශ්‍යයනම් මනොවිද්යනුකුලව නැවත ප්‍රකුර්ති තත්වයට ඒ පුද්ගලයාව ගෙන ආ හැකියි..එසේ නැතිව ඔහුව සමාජයට අතහැර දැම්මොතින් වෙන්නේ මහා විනාශයක්.මතකයි නේද අපේ රටේ යුද්ධය අවසන්වුන පසු, හමුදාවෙන් ආ සමහරු හොරකමට , ඒ වගේම දුෂණයන්ට යොමුවන්නට මේ කරුණත් බලපෑවා..කෙසේවෙතත් මව මැරූ පාපය නිසා මොහු කල්ප ගණනක් විඳවාවි. (අ)

:       0       0

දයානන්ද Saturday, 09 January 2016 06:04 AM

මෘග පුතෙක් (නි)

:       0       0

රුවන් Friday, 08 January 2016 04:29 PM

මේ පුතා මව මරා සොයන විමුක්තිය මොකක්ද?කව්රු වෙනුවෙන්ද?ආගම වෙනුවෙන්ද ? (අ)

:       0       0

මැණික් Saturday, 09 January 2016 05:42 AM

මේවා අහනකොට අපිට දරුවන් නැති එකම හොඳයි කියලා හිතෙනවා. (අ)

:       0       0

සුරන් Saturday, 09 January 2016 05:29 AM

ඔය ටිකම අපේ රටට එන්න වැඩි කාලයක් නැහැ කියලයි මේ වෙන දේවල් දැක්කහම හිතෙන්නේ (නි)

:       0       0

වින්දන Saturday, 09 January 2016 04:43 AM

මේ ලොවට දායාද කළ තම මව මරාදාලා මේ පුත්‍රයා හොයන විමුක්තිය කුමක්ද? මෙවන් මිනිසුන් තවත් මේ මිහිපිට නොඉපදේවා! (නි)

:       0       0

අනුර Saturday, 09 January 2016 04:08 AM

මිනිසුන් බොහෝ විට දෙවියන් යදිනවා නොයෙක් ආකාරයේ විශ්වසයන්ම් තියෙනවා ඔක්කොටොම හැදෙන්න්නේ එකම ලෙඩ කොලස්ටරෝල් රුධිර පීඩන , පිලිකා අධිය ඔක්කෝටම පොදුයි එසේ නම් මිනිසා සත්‍යට වඩා තම විශ්වාස තහවුරු කරමින් සිතේ මවාගත් ලෝකයක ජීවත් වෙනවා නොවේද ? දෙවියනි ඔබ කොහිද මිනිසා සොයමින් සිටී (අ)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 09 January 2016 03:27 AM

සසර ගණනාවකට බේරෙන්නට බැරි මහා පාප කර්මයක් කරලා තියෙන්නේ. කොයි රටේද කියල සඳහන් කර නෑ(අ)

:       0       0

මහේෂ් Saturday, 09 January 2016 02:24 AM

මනුෂ්‍ය හිත ප්‍රාණ ඇපයට අරගෙන කරන වැඩ! (නි)

:       0       0

කිත්සිරි Saturday, 09 January 2016 12:32 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

සාමා Friday, 08 January 2016 11:12 PM

වැඩි දවසක් නොගිහින්ම මොවුන්ට නියම දඬුවම් දෙවියන් විසින්ම ලබාදේවි. (නි)

:       0       0

එරංග Friday, 08 January 2016 10:44 PM

ආනන්තරීය පාපකර්මයක් කරගත් පාපතරයෙක්... (නි)

:       0       0

ගුණසිරි Friday, 08 January 2016 07:48 PM

රුපියල් 1500ක් නොදුන්නාට කොටකෙතන මව මැරූ පුතෙක් සිටින රටකි මෙය. ඉතින් මේ ක්‍රියාවට කුමට පුදුමවෙන්නද? අසත්පුරුෂයෝ ලෝකයේ හැමතැනම ඉන්නවා (නි)

:       0       0

ඩයස් Friday, 08 January 2016 06:17 PM

මොවුන්ට අණක් ගුණක් නැත (නි)

:       0       0

සනත් Friday, 08 January 2016 05:50 PM

මොහුට මේ ආනන්තරීය පාපකර්මයෙන් මිදෙන්න අවුරුදු කල්ප කෝටි ගණනක් අවීචි මහා නර්කාදියේදී විනාඩියකට එක වාරයක් ගානෙ බෙල්ල කපලා මැරුම් කන්න වෙනවා අනිවාර්යයෙන්ම. (නි)

:       0       0

චමින්ද Friday, 08 January 2016 05:55 PM

අල්කයිඩා , හමාස්, බෝකෝහරාම්, තලේබාන්, අයිඑස් වගේ ලෝකයේ හැම ත්‍රස්ත සංවිධානයක්ම පදනම්වෙලා තිබෙන්නේ එකම දෙයක් මූලික කරගෙන (නි)

:       0       0

ලංකාසිරි Friday, 08 January 2016 05:13 PM

ආනන්තරීය පාපකර්මයක් කරගත් මොහු චිරාත් කාලයක් නිරයේ පැසෙනු ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site