X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


අයිඑස් ත්‍රස්තයෝ කාන්තාර නගරයක් අල්ලති

ඇමරිකාවේද සහය ලබන ඉරාක ආරක්ෂක අංශ වලින් එල්ල වන  ප‍්‍රහාර සාර්ථකව මැඩ අයිඑස් ත්‍රස්තවාදීහු ඉරාකයේ කාන්තාර කලාපයේ පිහිටි ප‍්‍රධාන නගරයක් වන රමාඩි අත්පත් කරගැනීමට සමත්වූහ.

ඉරාක හමුදා හා සුන්නි ගෝත්‍රික සටන්කරුවන් සමග මාස කිහිපයක සටනින් පසු ත්‍රස්තයෝ දැන් ඉරාකයට හා සිරියාවට පිවිසෙන  අධිවේගී මහා මාර්ගයක් අල්ලාගෙන සිටිති.

පසුගිය දින කිහිපය මුලූල්ලේම රමාඩි අවට දරුණු ගැටුම් පවතින බව වාර්තා වුණු අතර නවතම මාධ්‍ය වාර්තා වල සදහන් වන පරිදි අයිඑස් ප‍්‍රහාර හමුවේ අවසානයේ ඉරාක ආරක්ෂක අංශ වලට පසුබැස යෑමට සිදුව තිබේ.

අයිඑස් අන්තවාදීහු රමාඩිහි නිවෙස් වල සැඟව සිටින පුද්ගලයින් සොයායමින්,ඔවුන්ව එළියට ඇද දමමින්,වෙඩි තබා නැතිනම් හිස සිද ඔවුන් ඝාතනය කරමින් සිටින අයුරු දැක්වෙන ඡායාරූප හා වීඩියෝ දර්ශන රාශියක්ද මේ වන විට අන්තර්ජාලයට එක්ව තිබේ.ඇතැම් ඡායාරූපයන් වල ස්වයංකී‍්‍රය ගිනි අවි අතින් රැගෙන සිටින කුඩා දරුවන්ද සටහන්ව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලූ සහන සේවා කණ්ඩායම් වාර්තා කරන ආකාරයට මේ වන ටි පුද්ගලයින් 800 දෙනෙක් පමණ අයිඑස් අන්තවාදීන් අතින් ඝාතනයට ලක්ව තිබේ.25000 ක් පමණ දෙනා නගරය අතහැර පළාගොස් ඇත.

රමාඩි සිට සැතපුම් 20 ක් පමණ දුරින් තිබෙන ප‍්‍රධාන පෙලේ හමුදා කදවුරක් බලා මේ වන විට අයිඑස් අන්තවාදීන් ගමන්කරමින් සිටින අතර මෙම කදවුරේ ඉරාක ආරක්ෂක අංශ හා ෂියා හිතවාදී සටන්කාමිී කණ්ඩායම් සාමාජිකයින් 3000 ක් පමණ දෙනා සිටින බව සඳහන්ය.

රමාඩි අත්පත් කරගැනීමට අයිඑස් සංවිධානය ලද මහත් ජයග‍්‍රහණයක් ලෙස යුද විශ්ලේෂකයින් හදුන්වාදී තිබේ.අන්තවාදීන්ගේ ප‍්‍රධාන ඉලක්කය වන ඉරාකයේ බැග්ඩෑඞ් නගරය පිහිටා තිබෙන්නේ රමාඩි සිට සැතපුම් 60 ක් පමණ දුරින්ය.

මේ නිසා ඉදිරි මාස කිහිපය ඇතුළත බැග්ඩෑඞ් නගරයට එල්ල විය හැකි මහා ප‍්‍රහාරයක් ගැන ඉරාක ආරක්ෂක අංශ දැන් තියාම දැනුම්වත් වී සිටිය යුතුයැයි ඔවුන් අනතුරු අගවයි.විශේෂයෙන් තම සගයින් දැන් ඉතාම ආසන්නයේ සිටින බැවින් බැග්ඩෑඩයේ රහසිගතව කි‍්‍රයාත්මක වන අයිඑස් හිතවාදී කණ්ඩායම් කඩාකප්පල්කාරී කි‍්‍රයාවල නියැලිය හැකි බැවින් ඒ පිළිඹදවද අවධානය යොමුකළ යුතුව ඇතැයි ඔවුන් පවසයි.

ඉරාකයේ ෂීයා මුස්ලිම්වරුන්ගේ බලකොටුව වන බැග්ඩෑඞ් නුවරට සුන්නි මුස්ලිම්වරුන් නියෝජනය කරන අයිඑස් සංවිධානය පහරදීම යනු මුලූ ඉරාකයම ලේ විලක නැහැවීමට සමත් දෙයකි.එපමණක් නොව ඉරාකයේ සුන්නි - ෂියා ගැටුම එහි උච්ඡතම ස්ථානයට පැමිණීම යනු මුළු අරාබිකරය පුරාම සුන්නි - ෂියා ගැටුම් ව්‍යාප්ත වීමටත් හේතුවක් වනු ඇත.අයිඑස් සංවිධානයට අවශ්‍ය වන්නේද මෙයයි.

උපරිම බලය යොදා අන්තවාදීන් මර්දනය කිරීමට මේ වන විට ඉරාක රජය එරට ආරක්ෂක අංශ වලට උපදෙස් දී ඇත.ඇමරිකාවද ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමෙන් ඔවුන්ට සහයවේ.

නමුත් මේ එකතුවෙන්ද අයිඑස් ඉදිරි ගමන මැඩපැවැත්වීමට තවමත් හැකිව නොමැත.

28CF6DE100000578-3085486-Insurgency_The_city_where_ISIS_militants_fired_rocket_propelled_-m-20_1431970621942 28D3FD7A00000578-3085486-image-a-31_1431966045917 28D3FD7300000578-3085486-image-a-29_1431965922265 28D3FDA600000578-3085486-image-m-26_1431965687924

28D3FD8000000578-3085486-image-m-22_1431965539009



අදහස් (0)

අයිඑස් ත්‍රස්තයෝ කාන්තාර නගරයක් අල්ලති

පහන් Tuesday, 19 May 2015 02:14 PM

එක්තරා අන්තවාදී සංවිධානයක් යූ ටියුබ් එකේ පවසා ඇති දෙයක් නිසා තමයි මම ජාතිවාදී වුණේ.ප්‍රභාකරන් හමුවේවත් අපිට මෙච්චර ජාතිවාදී හැඟීමක් දැනිලා නැහැ .(නි)

:       0       0

මොහොමඩ් Thursday, 21 May 2015 06:32 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ? (නදී)

:       0       0

නුවන් Wednesday, 20 May 2015 01:25 PM

මොහමඩ්,ඒගොල්ලෝ ඇවිත් තියෙන්නේ ඔයගොල්ලන්ගේ කට්ටිය අහිංසක ගැණු,ළමා ළපටින්ට කරන අමානුෂික වැඩ නතර කරන්න! (බ)

:       0       0

මොහොමඩ් Wednesday, 20 May 2015 12:19 PM

හැතැප්ම 6000 ඈත ඉඳන් ඇවිත් ඉරකයෙ අමෙරිකාවට තියෙන වැඩේ මොකක්ද? (අ)

:       0       0

සංජු Wednesday, 20 May 2015 09:58 AM

කැමති ආගමක් කැමති කෙනෙක්ට අදහන්න පුළුවන් නමුත් එකෙන් අන්යගමිකයන්ට හානියක් වෙන්න බැහැ කෙටි කාලීනව හෝ දීර්ග කාලීනව. (ර)

:       0       0

වල්ලා Wednesday, 20 May 2015 09:49 AM

ආගම බලෙන් විශ්වාස ගැන්විය නොහැක..මේක නිදහස් රටක් කැමති කෙනෙක්ට කැමති ආගමක් අදහන්න පුලුවන්...(ම)

:       0       0

වලල්ලාවිට Wednesday, 20 May 2015 09:48 AM

ස්වාධින රටේ අපි කැමති සේ නිදහසේ අපේ ආගම දහම ඇදහැයිය හැකිය (ම)

:       0       0

පුබුදු Wednesday, 20 May 2015 09:20 AM

අපේ රටේ අය මේකට අැනකොටාගන්න ඕන නැහැ. අවිගත්තෝ අවියෙන්ම නසි. එ්කයි ලෝ දහම. මේක මොන ආගමටත් ඔට්ටුයි (බ)

:       0       0

සොපී Wednesday, 20 May 2015 08:21 AM

ආගම ,ජාතිය ඉස්සරහට දාගෙන ලියලන්නේ ත්‍රස්තවාදයයි .විසෙන් විස නැසිය යුතුයි (බ)

:       0       0

අකිල Wednesday, 20 May 2015 06:05 AM

යන්න අහමඩ් නිකන් බබා වෙන්නේ නැතුව!! (බ)

:       0       0

සුපුල් Wednesday, 20 May 2015 05:57 AM

අහමඩ්,එහෙනම් මොකද ඔයගොල්ලෝ මේගොල්ලන්ට විරුද්දව පෙළ පාලියක්වත් යන්නේ නැත්තේ??? (බ)

:       0       0

අතුල Wednesday, 20 May 2015 05:55 AM

ඉජාස් ,කරුණාකරලා ආපු රටකට යන්න මේක බෙලි කපන රටක්වත් නොපෙනෙන ලේ පිපාසිත දෙවියෝන්ගේ රටක්වත් නෙමේ! (බ)

:       0       0

නාලක Wednesday, 20 May 2015 05:30 AM

මුන්ට මේවා උගන්වන එවුන්ගේ බෙල්ලි කපන්න ඕන (බ)

:       0       0

අහමඩ් Tuesday, 19 May 2015 02:40 PM

අයිඑස් යනු මුස්ලිම් යන නමට මුවාවී ආගමට අපහාස කරන සංවිධානයකි.මේ අය ත්‍රස්තවාදීන්ය. (නි)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 19 May 2015 02:25 PM

කොච්චර සුක්ෂම විදියට යුද ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වෙනවද යන්නට අයිඑස් ත්‍රස්තවාදීහු හොඳ උදාහරණයකි. (නි)

:       0       0

නදීකා Tuesday, 19 May 2015 06:23 AM

කවදාද මේ ගැටුම් අවසන් වෙන්නේ? (නි)

:       0       0

පහන් Tuesday, 19 May 2015 02:10 PM

ගමගේ, විශ්වාස නොකරන්නන් මරාදමන්න කියලා තියෙන්නේ වෙන කොහෙද? (නි)

:       0       0

ඉජාස් Tuesday, 19 May 2015 01:44 PM

දෙවියන් විශ්වාස නොකරන්නන් විනාශ කිරීමේ වරදක් නැහැ.(හේ)

:       0       0

අතුල Tuesday, 19 May 2015 01:04 PM

ගමගේ, ලිදේ ඉන්න ගෙම්බෙක් වගේ කතා නොකර අනිත් ආගමික පත පොත පොඩ්ඩක් බලන්න. (ර)

:       0       0

හේමන්ත Tuesday, 19 May 2015 11:53 AM

එන්න එන්න මේ අය තවත් බලවත් වෙනවා වගේ පේන්නේ.(හේ)

:       0       0

ආලෝක Tuesday, 19 May 2015 09:31 AM

අයි එස් නැති කරන්න ඕනේ.(හේ)

:       0       0

ගමගේ Tuesday, 19 May 2015 09:15 AM

චමල් කිසිම ආගමක කියලා නැ අහිංසක මිනිස්සු මරන්න කියලා... (ර)

:       0       0

සමන් Tuesday, 19 May 2015 08:47 AM

අලි,අනේ ඔයත් යන්නකෝ ඉරාකෙට මෙහෙ බින්න බැහැල ඉන්නේ නැතුව!! (බ)

:       0       0

නුවන් Tuesday, 19 May 2015 08:45 AM

අලි,එතකොට අර විල්පත්තු බලන්න ගිය හාමුදුරුවන්ට චණ්ඩි පාට් දාපු කෙනත් ඇමරිකාවේ නිර්මාණයක්ද?? (බ)

:       0       0

නීල් Tuesday, 19 May 2015 08:34 AM

එළකිරි... අපෙත් නැගෙනහිර පැත්තෙන් ගිය ටිකකට පුරවැසි භාවේ නොමිලේම දෙන්න. ඔය ජනගහනේ ඉබේම පාලනය වෙනවා. අපට කිසි වියදමකුත් නැහැ. කොහොමද සිඅයිඑ් එකේ ගැට.. ගැහුවොත් ගැහුවා....(බ)

:       0       0

අලි Tuesday, 19 May 2015 08:01 AM

අනේ අතුල දන්නා දේවල්, ඩිංගක් කියන්ඩකෝ අපිටත් (බ)

:       0       0

සුරංග Tuesday, 19 May 2015 08:02 AM

ලෝකයේ සියලු ජාතීන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්නනම් මේ ජාතිය මුලිනුපුටා දමන්න වෙනවා (බ)

:       0       0

අතුල Tuesday, 19 May 2015 07:55 AM

දුමින්ද, බටහිර බිහි කරපු සතුරෙක් නෙමේ මේගොල්ලෝ. (ර)

:       0       0

දුමින්ද Tuesday, 19 May 2015 07:35 AM

බටහිර බිහි කළ රකුසෙක්.(හේ)

:       0       0

චමල් Tuesday, 19 May 2015 06:29 AM

අයි.එස්. යනු අන් ආගමිකයන්ට ත්‍රස්තයන් වුවත් ඔවුන් පිළිපදින්නේ ඔවුන්ගේ ආගමේ ලියා තිබෙන දේවල් නිසා ඔවුන් ත්‍රස්තයන් ලෙස සැළකිය නොහැක. විශ්වාස නොකරන්නන් හා අපහාස කරන්නන් ඝාතනය කිරීම එම ධර්මයයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site