මැදපෙරදිග කලාපයේ ත‍්‍රස්තවාදී මෙහෙයුම් බාරව කි‍්‍රයා කළ අල්කයිඩා ත‍්‍රස්ත සංවිධානයේ දෙවැනි නායකයා ලෙස සැලකෙන සයීඞ් අල් ෂේරි පෙරේදා(10) යේමන හමුදා ප‍්‍රහාරයකින් මියගිය බව යේමන බුද්ධි අංශ පවසයි. සයීඞ් අල් ෂේරි මියගොස් ඇත්තේ යේමන හමුදා හද්‍රමාට් ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක කළ මෙහෙයුමකදී එල්ල කළ ප‍්‍රහාරයකදී බව යේමන බුද්ධි අංශ වැඩිදුරටත් කියා සිටී. එම ප‍්‍රහාරයෙන් ඔහු සමඟ සිටි සටන්කාමීන් හය දෙනෙක් ද ජීවිතක්ෂයට පත්ව ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වීඩියෝ පටයක් නිකුත් කළ වත්මන් අල් කයිඩා සංවිධානයේ නායක අයමාන් අල් - සවහාරි තම සංවිධානයේ දෙවැනි නායකයා මියගොස් ඇති බව තහවුරු කළේය. ඉකුත් වසරේදී අල් ෂේරි ඝාතනය කිරීම පිණිස ඇමෙරිකා හමුදා දකුණු යේමනයේ අබ්යන් පළාතේ මෙහෙයුමක් දියත් කළේය. නමුත් ඉන් බේරි පළායාමට අල් ෂේරි සමත් විය. මිය යන විට ලොව ප‍්‍රබල ගණයේ ත‍්‍රස්තවාදියකු ලෙස හැඳින් වූ අල් ෂේරි සවුදි අරාබි ජාතිකයෙකි. එක් අවස්ථාවකදී ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ සිදු කළ මෙහෙයුමකදී අල් ෂේරි අත්අඩංගුවට පත් විය. අනතුරුව ඇමෙරිකාවේ සුප‍්‍රකට ග්වන්තනාමෝබේ සිරකඳවුරේ 2007 වසර දක්වා මොහු රඳවා තැබිණි. ඉන් පසුව නිදහස් කෙරුණු අල් ෂේරි මැදපෙරදිග කලාපයේ පිහිටි යේමනය, ඉරාක වැනි රටවල ත‍්‍රස්ත මෙහෙයුම් බාර ප‍්‍රධානියා බවට පත් විය. අල් ෂේරි ත‍්‍රස්ත මෙහෙයුම් කි‍්‍රයාත්මක කළේ යේමනය කේන්ද්‍ර කර ගනිමිනි. අල් කයිඩා සංවිධානයේ දෙවැනියා මේ අයුරින් ජීවිතක්ෂයට පත්වීම එම සංවිධානයට එල්ල වූ බලවත් පහරක් බවත් ඒ අනුව ඔවුන්ගේ කි‍්‍රයාවල වෙනසක් සිදුවනු ඇති බවත් ඇමෙරිකා ආරක්ෂක අංශ පවසයි. ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ප‍්‍රහාරය එල්ල වී වසර 11 සමරන මේ මොහොතේදී අල් කයිඩා නායකයාගේ මියයෑම දෛවෝපගත සිදුවීමක් බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අල් කයිඩා දෙවැනි නායකයා යේමන හමුදා ප‍්‍රහාරයෙන් මියයයි
චන්ද්‍රපාල Wednesday, 12 September 2012 12:14 PM
ලෝක ත්‍රස්තවාදය මොන ක්‍රමයකට හරි අවසන් විය යුතුයි. (නි)
මධූ Wednesday, 12 September 2012 01:11 PM
හොඳ පුවතක්..(ස)
නසාර් Wednesday, 12 September 2012 06:20 PM
සියල්ලන්ම නායකයින්. ඒකයි නියම සටන්කාමීන් කියන්නේ. (නි)
චන්ද්‍රසිරි Wednesday, 12 September 2012 06:25 PM
තවත් ඉන්නවද මරන්න, අල්කයිඩා නායකයන්? (නි)
දම්මි Thursday, 13 September 2012 07:31 AM
දැන්වත් මේ අයට 'ත්‍රස්තවාදියෝ', 'මිනීමරුවෝ' කියලා ආමන්ත්‍රණය කරන්න බැරිද? (නි)