ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ සැඟවී සිටින අල් කයිඩා සංවිධානයේ නායකයන් ඉලක්ක කර ගනිමින් දිගටම ඩ්‍රෝන ප‍්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකා රජය තීරණය කර ඇතැයි එරට ආරක්ෂක ලේකම් ලියෝන් පැනේටා පවසයි. ආරක්ෂක ලේකම්වරයා මෙසේ කීවේ ඉන්දියාවේ සංචාරය අවසන් කර ඇෆ්ගනිස්තානය බලා යෑමට නියමිතව සිටිද්දීය. ඇමෙරිකා හමුදා, ඩ්‍රෝන යානා යොදා ගෙන ඉකුත් ඉරිදා (3) එල්ල කළ ප‍්‍රහාරයකින් අල් කයිඩා සංවිධානයේ දෙවැනියා ලෙස සැලැකෙන අබූ යාහා අල් ලිබී ඝාතනය විය. පාකිස්තානයේ පමණක් නොව, යේමනයේ සහ උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා ජාලයේ මෙහෙයුම් සැලැසුම් කළේ අබූ යාහා අල් ලිබීය. ඇෆ්ගනිස්තානයේ සහ යේමනයේ ඇමෙරිකා හමුදා ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර සැලැසුම් කළ තැනැත්තා ලෙස ද සී.අයි.ඒ. බුද්ධි අංශය අල් ලිබී හඳුනා ගෙන ඇත. ප‍්‍රධාන පෙළේ අල් කයිඩා නායකයකු ඝාතනය කිරීමට ඇමෙරිකා හමුදා සමත් වීම, ‘ත‍්‍රස්තවාදයට එරෙහි සටනනේදී’ ලැබූ තවත් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් යැයි ඇමෙරිකා රජය පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අල් කයිඩා නායකයන් ඉලක්ක කර දිගටම ඩ්‍රෝන ප‍්‍රහාර එල්ල කරනවා
දිලාන් Sunday, 10 June 2012 07:21 PM
මුන්ට හොදයි අපිට තමයි නරක.. අපේ රටේ ගොන් පාලකයෝ මේවා ගැන ප්‍රසිද්ධියක් දෙන්නේ නෑනේ!!!!