අල් කයිඩා සංවිධානයේ ප‍්‍රමුඛ පෙළ නායකයකු අල්ලා ගැනීමට පාකිස්තාන ආරක්ෂක අංශ ඊයේ (20) සමත් විය. ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වූයේ නාමෙන් මිසිචේ නමැති අල් කයිඩා නායකයාය. ඔහු ඇල්ජීරියානු සම්භවයක් සහිත ප‍්‍රංශ ජාතිකයෙකි. යුරෝපයේ කි‍්‍රයාත්මක ඉස්ලාමීය සටන්කාමී කල්ලිවලට සම්බන්ධ අයකු වන මිසිචේ, 2009 වසරේදී තවත් ජර්මන් ජාතික ඉස්ලාමීය සටන්කාමීන් 11 දෙනකු ද සමඟ ඇෆ්ගනිස්තානයට පැමිණ ඇත්තේ ඇමෙරිකන් හමුදා සමඟ සටන් කිරීමට අල් කයිඩාවට සහාය දීමටය. 2001 වසරේදී ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට එල්ල කළ ප‍්‍රහාරයට ද නාමෙන් මිසීචේ සම්බන්ධ යැයි සැක කෙරේ. මිසිචේ අල්ලා ගැනීමට හැකි වී ඇත්තේ පාකිස්තාන හමුදාව සහ බුද්ධි අංශය එක් වී පාකිස්තාන/ඉරාන දේශසීමාව අසල දී සිදු කළ රහස් මෙහෙයුමකදීය. මිසිචේ අල්ලා ගැනීමට තමන්ට පහසු වූයේ, ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ අල්ලා ගත් තවත් අල් කයිඩා නායකයකු වන යූනිස් අල් මුරුටානීගෙන් ලැබුණු තොරතුරු අනුව යැයි පාකිස්තාන බුද්ධි අංශ පවසයි. මිසිචේ අල්ලා ගැනීමට හැකිවීම අල් කයිඩාවට අත් වූ තවත් පරාජයක් යැයි ඇමෙරිකාව පවසයි. ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා මීට සති කීපයකට පෙර පාකිස්තාන රජයට දොස් පවරමින් චෝදනා කළේ පාකිස්තාන රජය ඉස්ලාමීය සටන්කාමීන්ට රැකවල් දෙන බවටය. ඉස්ලාමීය සටන්කාමීන් මර්දනය කිරීමට පාකිස්තාන රජය ප‍්‍රමාණවත් කි‍්‍රයාමාර්ග නොගන්නා බවට ද එම අවස්ථාවේදී ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයා චෝදනා කළේය. එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කළ පාකිස්තාන රජය කීවේ ඉස්ලාමීය සටන්කාමීන් තමන්ට ද විශාල තර්ජනයක් වී ඇති බවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අල් කයිඩා ප‍්‍රබල නායකයෙක් පාකිස්තානයේදී කොටු වෙයි