X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 02 වන බදාදා


අල් කයිඩා සටන්කාමීහු ඇමෙරිකාවට පහරදීමේ ක‍්‍රමෝපායන් වෙනස් කරති

ඇමෙරිකා ජාතික ආරක්ෂක ආයතනය හෙවත් එන්.එස්.ඒ. ඒජන්සියයේ හිටපු කොන්ත‍්‍රාත්කරු එඞ්වඞ් ස්නෝව්ඩන් එරට ආරක්ෂක අංශ රහස් හෙළි කිරීමත් සමඟ, අල් කයිඩා ත‍්‍රස්ත සංවිධානය ඔහුන්ගේ ක‍්‍රමෝපායන් වෙනස් කර ඇතැයි ඇමෙරිකානු බුද්ධි අංශ ඊයේ (27) අනාවරණය කළේය.


ඇමෙරිකාවේත්, විදෙස්වලත් සිටින ඇමෙරිකන් වැසියන්  ඉලක්ක කර ගනිමින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කිරීමට මානබලමින් සිටින අල් කයිඩා ඉස්ලාමීය සටන්කාමී සංවිධානය මේ වන තෙක් අන්තර් ජාලය ඔස්සේ ස්කයිප් වැනි සන්නිවේදන මෘදුකාංග භාවිත කරමින් රහසේ පණිවුඩ හුවමාරු කර ගෙන ඇත.


ස්නෝව්ඩන්ගේ හෙළිදරව්වෙන් පසු, ඔවුන් පමණක් නොව, ඇමෙරිකාවේ සතුරන් වන සෙසු ත‍්‍රස්ත සංවිධාන පවා, ඇමෙරිකානු ආරක්ෂක සහ බුද්ධි අංශ මඟ හැර පණිවුඩ හුවමාරුවට නව ක‍්‍රමවේදයන් සොයාගෙන ඇති බවත්, ඒවා කුමක්දැයි කඩිනමින් සොයා ගැනීමට නොහැකි බවත් ඇමෙරිකානු බුද්ධි අංශ හෙවත් සී.අයි.ඒ. සංවිධානය වැඩිදුරටත් කියා සිටී.
2001 වසරේ ඇමෙරිකාවට එල්ල වූ අල් කයිඩා ප‍්‍රහාරයෙන් පසු, ඇමෙරිකාව ‘ත‍්‍රස්තවාදයට එරෙහි සටන’ නමින් නව පනත් සහ නීති සකස් කර ගත්තේය. ඒ අනුව, සැකකටයුතු අයකු අත්අඩංගුවට ගැනීම, රඳවාගෙන ප‍්‍රශ්න කිරීම ආදී කි‍්‍රයාකාරකම් රැුසකට විශේෂ අවසර හිමිවෙයි.


අත්අඩංගුවට ගැනෙන එවැනි පුද්ගලයන් කියුබාවේ කෙළවරක ඇමෙරිකා රජයට අයත්ව පිහිටා ඇතිග්වන්තනාමෝ සිරකඳවුරට යැවේ. මිහිපිට අපායක් ඇති නම්, වධකාගාරයක් ඇති නම්, ඒ ග්වන්තනාමෝ බේ සිර කඳවුර යැයි එහි රැුඳෙවියෝ පවසති.
ඔවුන්ට අපා දුක් විඳීමට සිදුවෙයි. අත්අඩංගුවට ගත් ඇතැමුන් සම්බන්ධයෙන් තවමත් චෝදනා ඉදිරිපත් කිරීමක් හෝ නඩු පැවැරීමක් හෝ සිදු කර නැත. රැුඳෙවියන් නිරන්තරයෙන් වධ බන්ධනයන්ට ලක් කෙරේ. බන්ධනාගාරය පාලනය කෙරෙන්නේ ඇමෙරිකා හමුදාව යටතේය.



අදහස් (0)

අල් කයිඩා සටන්කාමීහු ඇමෙරිකාවට පහරදීමේ ක‍්‍රමෝපායන් වෙනස් කරති

කුමාරි Friday, 28 June 2013 12:37 PM

දැන් මේවට මානව හිමිකම් බලපාන්නෙ නැද්ද? (නි)

:       0       0

සුදේශ් Friday, 28 June 2013 01:33 PM

අල් කයිඩි නම් ඉවර කරලා දාන්න ඕනේ. නැතන්ම අපේ රටේ වත් ඉන්න බැරි වෙයි.(නදී)

:       0       0

සේකර Friday, 28 June 2013 02:06 PM

ත්‍රස්තවාදයට එරෙහි සටනට නම් හැම රටක්ම සහාය දෙන්න ඕනි. (අ)

:       0       0

ෂලිනි Friday, 28 June 2013 03:38 PM

වෙන්න බෑනෙ.කවුද ඔය සිරකඳවුරට ගිහින් ආවේ?අනික ලෝකේ කොහෙත් සිර කඳවුරුවල සැප පහසුකම් දෙන්නේ නෑ.මොකද ඒක හිර ගෙයක්නේ. (අ)

:       0       0

රිෂාර්ඩ් Friday, 28 June 2013 05:44 PM

ලුණු කෑවොත් වතුර බොන්න කිව්වලු (අ)

:       0       0

මර්ටිනස් Friday, 28 June 2013 08:30 PM

ඇෆ්ගනිස්තානේ පස් ගොඩක් වුනා. ලක්ෂ ගානක් මැරුනා. අදටත් මැරෙනවා ඉවරයක් නැහැ. ඉරාකේ,පාකිස්ථාන් මිනිස්සුත් මැරෙනවා. ඉස්සරහටත් එහෙම වෙයි. ලුණු කෑවොත් වතුර බොන්න වෙනවනේ (නි)

:       0       0

රිෂාර්ඩ් Saturday, 29 June 2013 12:32 AM

මර්ටිනස්, දන්නවනේ රුසියවටයි, බ්‍රිතාන්‍යටයි මොකද වුනේ කියලා.ඕක වවා ගැනීමක් (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 29 June 2013 03:47 AM

ඇමරිකාව තේරුම් ගන්න ඕනෑ කොයි ත්‍රස්තවාදියත් ජිවිත සහ දේපල විනාශ කරනකොට උන්ව මර්දනය කරන්න මොන රටටත් සිද්ධ වෙනවා කියලා (නි)

:       0       0

විමල් Saturday, 29 June 2013 08:37 AM

මම ඇමරිකාවට සහයෝගය දෙනවා.(නදී)

:       0       0

ශිරෝමි පිළියන්දල Saturday, 29 June 2013 12:00 PM

ඇයි ඇමරිකාවට විතර ද ඔය නීති (අ)

:       0       0

ලකී Saturday, 29 June 2013 10:28 PM

සේරම ඉවරකරලා දන්නා හොඳේ (අ)

:       0       0

අනිල් Sunday, 30 June 2013 12:09 AM

කෝ අර මානව හිමිකම් ගැන කතාකරන ඇමරිකාව? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site