යේමනයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන අල් කයිඩා සටන්කාමීන් මර්දනය කිරීමට ඇමෙරිකා රජය ඊයේ (14) විශේෂ හමුදා බළඇණියක් එරටට පිටත් කර හැරියේය.
යේමනයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නෝ ‘උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීහුය. ඔවුහු ප‍්‍රධාන අල් කයිඩා සංවිධානයේ අනු ශාඛාව සාමාජිකයෝය.
යේමන අල් කයිඩාවට එරෙහි යේමන රජය සටන් ආරම්භ කළේ ජනපති අලී අබ්දුල්ලා සාලේ ජනපති ධුරයේ සිටිද්දීය. එහෙත් ජනතා විරෝධය හමුවේ සාලේට ධුරයෙන් ඉවත් වීමට සිදුවිය.
වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ, සාලේ ජනපතිව සිටිද්දී ඔහු අල් කයිඩාව සමඟ සටන් කිරීමට ඇමෙරිකාවේ සහාය පැතුවේය. ඊට යහපත් ප‍්‍රතිචාර දක්වමින් ඇමෙරිකා හමුදා සෙබළුන් පිරිසක් සහ සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් යේමනයට යැවීමට පෙන්ටගනය (ඇමෙරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුව* පියවර ගත්තේය.
එදා සිට අද තෙක්ම ඇමෙරිකන් හමුදා යේමන හමුදා සමඟ එක් වී නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් පහර දෙයි. ගොඩබිම සටන් සඳහා ඇමෙරිකන් සෙබළුන් යේමනයට පැමිණි පළමු අවස්ථාව වන්නේ මෙයයි.
ඇමෙරිකන් හමුදා ගෙන්වා ගැනීමට යේමන නව රජය ද කැමැත්ත පළ කර තිබේ. ඊට හේතු වී ඇත්තේ මේ වනවිට දකුණුදිග යේමනයේ නගර කීපයක් අල් කයිඩා සටන්කාමීන්ගේ ග‍්‍රහණයට නතු වී තිබීමයි.
යේමන රජයට පමණක් නොව අල් කයිඩා සටන්කාමීන් ඇමෙරිකා රජයට ද තර්ජනයක් වී ඇත. ඇමෙරිකාව බලා පියාසර කරන මගී ගුවන් යානා තුනක් පුපුරුවා හැරීමට ද සටන්කාමීන් මේ වනවිට උත්සාහ කර ඇත.
අවසන් වරට ඇමෙරිකන් මගී යානයක් පුපුරුවා හැරීමට යේමන අල් කයිඩාව උත්සාහ කළේ පසුගිය සතියේය.
එම සිද්ධියට සම්බන්ධ අල් කයිඩා සාමාජිකයා ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශ පරීක්ෂකයකු ලෙස ද වෙස් වළාගෙන වසර කීපයක් තිස්සේ කටයුතු කළ අයකු බව අනාවරණය විය.
ඊට පෙර 2010 වසරේදීත් 2011 වසරේදී ඇමෙරිකාව බලා යමින් තිබූ ඇමෙරිකන් මගී ගුවන් යානයක් සහ භාණ්ඩ ප‍්‍රවාහන යානයක් පුපුරුවා හැරීමට ගත් උත්සාහය ද අසාර්ථක විය.
යේමන අල් කයිඩාවේ ප‍්‍රබලත්වය දිනෙන් දින වර්ධනය වන බව ඇමෙරිකා ආරක්ෂක අංශවල අදහස වී ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අල් කයිඩාව මට්ටු කරන්න ඇමෙරිකන් හමුදා යේමනයට
මොහොමඩ් Tuesday, 15 May 2012 06:10 PM
ඉරාකය,ඇෆ්ගනිස්තානය,පාකිස්තනය වලට කරන අපරාද දැන් යේමනයටත් දෙන්නද හදන්නෙ...
සුභාෂිණි Tuesday, 15 May 2012 07:06 PM
අපේ ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ වීර ක්‍රියා වලින් පාඩමක් ඉගෙන ගන්න බැරිද?
අලිබබා Tuesday, 15 May 2012 07:13 PM
අනෙක් රටවල ත්‍රස්ත ක්‍රියා මැඩලීමට මෙම පුද්ගලයාට තියෙන්නේ පුදුම උවමනාවක්. එහෙත් ඉන්නවනේ රැකියා විරහිත තරුණයන්. ඒ අයටත් මොනවාහරි රස්සාවලුත් දෙන්න එපායැ.
ප්‍රසන්ත ධම්මික Tuesday, 15 May 2012 10:47 PM
ඇමරිකාවට කාල මදිවෙලා වගේ තව කන්න යන්නේ. පවු ඇමරිකන් හමුදාභටයන්.