තම සංවිධානය බාරයේ සිටිනා ප්‍රංශ ප්‍රාණ ඇපකරුවන් බලහත්කාරයෙන් නිදහස් කරගැනීමට තැත් කරන්නේ නම් ඔවුන් මරා දමන බවට අල් කයිඩා සංවිධානය කියයි. ප්‍රංශ ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙක් මේ වන විට උතුරු අප්‍රිකාව පාදක කරගනිමින් ක්‍රියාත්මක වන අල් කයිඩා සංවිධානයේ සිර අඩස්සියට පත්ව සිටිති. මාලි ජනරජයේ සිට ක්‍රියාත්මක වන අල් කයිඩා සංවිධාන උතුරු අප්‍රිකා ජාලය බිද හෙළීමට දැඩි පියවර ගත යුතු බව ප්‍රංශ ජනපතිි ෆ්‍රාන්කොයිස් හොලන්ඩේ පැවැසූවේ පසුගිය සතියේය. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අල් කයිඩා සංවිධාන උතුරු අප්‍රිකා මෙහෙයුම් ප්‍රධානි යාහ්යා අබු හම්මම් තම සංවිධානය හා සාකච්ඡා කිරීමකින් තොරව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට ප්‍රංශය බලාපොරොත්තු වන්නේ නම් ඔවුන් නිසැකවම මරා දමන බවට අනතුරු අගවයි. උතුරු අප්‍රිකා අල් කයිඩා සංවිධාන ජාලය බිද හෙලීමට දායක වී ඇති රටවල් අතුරින් ප්‍රංශය ඉදිරියෙන්ම සිටී. ප්‍රංශයේ අදහස වන්නේ ජාලය බිද දැමිමට යුධමය ක්‍රියාමාර්ගයට එළැඹිීමට දැන් කාලය පැමිණ ඇති බවයි. (කෝ වි ගු)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අල්කයිඩාව ප්‍රංශයට අනතුරු අඟවයි
නසාර් Sunday, 21 October 2012 11:39 AM
වහෙන් හොරෝ.... (නි)