X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


අවංක ඉන්දියානුවා ගිනි සිසිල් කරයි

පසුගිය පස් වැනි දා  මුම්බායි නුවර සිට ඩුබායි වෙත පැමිණි මම වැනීසිය වෙත පිටත්වන ඊළඟ ගුවන් යානයේ වෙලාව එන තෙක් ඩුබායි ගුවන් තොටුපළේ රැදී සිටියෙමි. අලුයම හතරේ සිට ගුවන් ගමනේ යෙදීමෙන් ඇති වූ නිදිමතත් තෙහෙට්ටුවත් මඟ හැරිම සඳහා ළඟම තිබු වැසිකිළිය වෙත ගියේ මුහුණකට සෝදා ගැනීමටය. ඒත් සමග ජංගම දුරකථනය නාද වන්නට විය. මුදල් පසුම්බිය ඇතුළු වටිනා ලියකියවිලි තිබු කුඩා බෑගයෙන් ජංගම දුරකථනය එළියට ගත් මා ඇමතුමට පිළිතුරු දී අවශ්‍ය කාරණය ඉටුකර ගත්තෙමි.

නැවතත් වැනීසිය බලා පිටත්වන ගුවන් යානයට මගින් ඇතුළු කරගන්නා කවුළුව ආසන්නයට පැමිණි මා එහි තිබු පුටුවක හාන්සි වුයේ ගුවන් ගමනට තවත් පැය දෙකකට ආසන්න කාලයක් තිබු බැවිනි. නොදැනුවත්ම නිනද ගියේය. විනාඩි හතළිහකට පසු අවදි වූ මා අන්ද මන්ද වුයේ මුදල් පසුම්බියත් ජංගම දුරකථනයත් ගමන් බලපත්‍රයත් ඉතාලියේ ස්ථිර රැදී සිටීමේ බලපත්‍රයත් ඇතුළු ලියකියවිලි  නොමැති කුඩා බැගය මා අසල නොමැති නිසා වෙනි. සිදු වූ අතපසුවිම මතක් වුවත් බෑගයේ ආසාව මා අත්හැර ගත්තෙමි. නැවතත් වැසිකිළිය වෙත ගිය මා බෑගය සෙව්වත් එය එහි නොතිබුණි. වැසිකිළිය හා ඒ අවට පිරිසුදු කරමින් සිටි තරුණයකුගෙන් මා නැති වූ කුඩා බැගය ගැන විමසුවෙමි.

එන්න මා සමඟ ගතවුයේ විනාඩි දෙකකි. ගිනි කන්දක් ලෙසින් ගිනියම් වූ මා ගත ඔහු සිසිල් කළේය. අසු දහසක් වටිනා ජංගම දුරකථනයත් ඉතාලියේ ස්ථිර රැදී සිටීමේ බලපත්‍රයත් ගුවන් ගමන් බලපත්‍රයත් මුදලින් යුරෝ 300ක් ඇතුළු බැංකු කාඩ් පතද එලෙසින්ම කුඩා බෑගයේ විය. මුහුණ සෝදා ගැනීමට වැසිකිළිය වෙත ගිය මා එය අවසන් වනවාත් සමග විදේශිකයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමත් සමග මා එම ස්ථානයෙන් විගස පිට වුයේ මා සතු වටිනා සියලු දේ එහි තිබියදී ලාකෙෂ් කුට්ටි නම් අවංක ඉන්දියානුවා සදා කල් මා මතකයේ රැදෙනු ඇත.



අදහස් (0)

අවංක ඉන්දියානුවා ගිනි සිසිල් කරයි

ඉසුරන්දි Wednesday, 16 September 2015 04:37 AM

මේ සමාජයේ මේ වගේ මිනිස්සු හොයාගන්න හරිම අමාරුයි.ලොකු උදව්වක් මේ මනුස්සයට කළගුණ සළකනවා නම්. (නි)

:       0       0

දිනේෂ් Sunday, 20 September 2015 12:18 PM

ඔබගේ සද්ක්‍රියාව අගයමු. ඔබට ජය. (නි)

:       0       0

දුමින්ද Friday, 18 September 2015 02:11 AM

මිනිස්කමට ජාතියක් නොමැත (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 17 September 2015 10:57 PM

හැම ශ්‍රී ලාංකිකයෙක්ම නරක නැත, හැම ඉන්දියානුවෙක්ම හොඳත් නැත (නි)

:       0       0

කොස්වත්ත Thursday, 17 September 2015 08:01 PM

ඔව් බොහොම සන්තෝෂයි. ඔහුට තෑග්ගක් දුන්නේ නැද්ද? (නි)

:       0       0

සමාධි Wednesday, 16 September 2015 01:44 PM

ඇත්තටම මේ වගේ මිනිස්සුන්ව අනිවාර්යෙන් අගය කළ යුතුයි.අද සමාජයේ මේ වගේ අය ගොඩක් අඩුයි. ඒ වගේම සුපුන්ගේ අදහසට මමත් එකඟයි. (අ)

:       0       0

චන්දි Wednesday, 16 September 2015 12:21 PM

ඇත්තට හොද මනුස්සයෙක්, මමත් පෙර දිනක ඔය වගේ දෙයක් කළා මතකයි මම එදා ඒ පර්ස් එක නුදුන්නානම් ඔහුගේ විවාහයත් කල් දමන්න වෙනවා මොකද ඔහුගේ හැදුනුම් පතත් බැංකු කාඩ් සියල්ලක්ම තිබුනේ එම පර්ස් එකෙයි ඔහුගේ නමින් කඩවල් වලින් අහගෙන තමයි එය ඔහුට භාර දුන්නේ (බ)

:       0       0

කෝදාගොඩ Wednesday, 16 September 2015 10:03 AM

සුපුන්ගේ අදහස මමත් අනුමත කරනවා. පැසසියයුත්තන් පැසසීම වැදගත් (නි)

:       0       0

ඉනෝකා Wednesday, 16 September 2015 09:16 AM

අවංක සේවකයෙක්.ඔහුට කිසියම් කළගුණ සැලකීමක් කරන්නට වෙනවා.ඩුබායි වල නීතිරීතිත් තද නිසා කිසිකෙනෙක් අන්සතු වස්තුන් ගැනීමට බිය වෙනවා.ඩුබායි වලට ගියාම එන්න හිතෙන්නේ නැති තරම්.සුන්දර මිනිසුන් වසන සුන්දර රටක්.(බ)

:       0       0

ධනුසේන සමරසිංහ Wednesday, 16 September 2015 09:05 AM

ඉංදියානු සේවකයාගේ එම ක්‍රියාව අගයකොට ගුවන්තොටුපල බලදාරීන් දැනුවත් කර ඔහුට ප්‍රතිඋපකාරයක් ලෙස ඔහුගේ සේවා තත්ත්වය උසස් කිරීමේ හැකිනම් ?...!(ම)

:       0       0

අසේල Wednesday, 16 September 2015 07:18 AM

ඇත්තටම ඔහු හොඳ කෙනෙක්. ඊටත් වඩා මේක මේ රටේ හැටි. මොකද මේ රටේ නීතිය තදයි. හැමතැනම කැමරා තියෙනවා. ඉතින් කව්රුත් වැරැද්දක් කරන්න බයයි. ඒ වගේම මේ රටේ මිනිස්සුන්ගේ ආකල්පත් වෙනස් වෙලා. ඉතින් අනුන්ගේ දෙයක් ගන්න හිතෙන්නේ නේ.. ලෝකේ තියෙන හොදම රටක් ඩුබායි (බ)

:       0       0

ඉමේෂ් Wednesday, 16 September 2015 06:12 AM

කට්ටිය මොකද කියන්නේ? එහෙනම් සීපා ගිවිසුම ගහමුද? (නි)

:       0       0

මනෝ Wednesday, 16 September 2015 05:59 AM

අගය කලයුතු පුද්ගලයෙක්. ඉන්දියාවෙදි දුම්රියකින් බහිනකොට මුදල් පසුම්බිය වැටුණා. තත්පර කීපයයි ගියේ ඒක අතුරුදහන් වෙන්න. මේ ඉන්දියානුුවා අගය කළ යුතුයි. (ම)

:       0       0

දර්ශා Wednesday, 16 September 2015 05:55 AM

අපිත් පුරුදු වෙමු !!! (බ)

:       0       0

පාල Wednesday, 16 September 2015 05:33 AM

සුපුන් ගේ යෝජනාවට මමත් කැමති.ඔබ කියන ඊමේල් බටහිර ජාතින් විසින් නිතර එවනවා පාලනාධිකාරියට.ලංකාවේ හෝටල් වල වැඩ කරන අය දන්නවා ඇති. ඇතැම් හෝටල් සේවකයෝ සුද්දෝ විදියට පාලනාධිකාරියට තමන් ගැන හොඳ කියල ඉ මේල් අරිනවා.දැන් පාලනාධිකාරිය සුද්දන්ගේ ඊමේල් ගනන්ගන්නෙත් නෑ ඒ නිසා. (බ)

:       0       0

තිළිණ Tuesday, 15 September 2015 12:51 PM

මෙහෙම අය දැන් හරි අඩුයි (නි)

:       0       0

විජේතුංග Wednesday, 16 September 2015 04:06 AM

හරිම අවංක කෙනෙක් (නි)

:       0       0

ගනේෂ් Wednesday, 16 September 2015 03:59 AM

රමාදී නම් විදේශ රටක නගරයකදී, එහි සාප්පුවක සේවය කළ ලංකාවේ කෙනෙකුගේ මුදල් පසුම්බියක් මට හමු වූ අතර අදාළ පුද්ගලයාට එය නැවත බාර දුන්නෙමි. එහි ඔහුගේ වැදගත් ලියකියවිලි සහ ඇමෙරිකන් ඩොලර් 5000 කට අධික මුදලක් තිබිණි. ඔහු කළුතර ප්‍රදේශයේ වාසය කරන බව දැනගත්තෙමි. එම සිදුවීම මතකයට නැ‍ඟෙන සෑම වරකදීම මගේ හිතට සතුටක් ඇතිවෙනවා... (නි)

:       0       0

රජීව් Wednesday, 16 September 2015 03:31 AM

සුපුන්ගේ අදහස හොඳයි. අවංක පුද්ගලයෙක් (නි)

:       0       0

නාලක Wednesday, 16 September 2015 03:28 AM

මෙවැනි දේවල් පුවත්පත් වල පළකිරීම ඉතා වටිනවා. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 16 September 2015 03:12 AM

ඇත්ටටම කතාව අදහාගන්නටත් අමාරුයි.මොන ජාතිකයෙක් වුණත් ඔහු නියම මනුස්සයෙක්. අපි ඔහුට සුබ පතමු! (නි)

:       0       0

රෂින්ත Wednesday, 16 September 2015 03:01 AM

හෙඳ මනුස්සයෙක්. (ම)

:       0       0

තිලකසිරි Wednesday, 16 September 2015 02:14 AM

ඔහු වෙනුවෙන් සුපුන් කළ යෝජනාව අගය කරමි. මෙම ලිපිය ඉන්දියානු පුවත්පතක පළකළ හැකි නම් තවත් වටී. (නි)

:       0       0

රංග Wednesday, 16 September 2015 01:48 AM

මනුස්සකම අද දුර්ලභය (නි)

:       0       0

සන්තුෂ් Tuesday, 15 September 2015 09:00 PM

හොඳ මහත්මයෙක් (නි)

:       0       0

සුපුන් Tuesday, 15 September 2015 07:59 PM

ඔහුගේ නමත් සිදුවුණ සිද්ධියත් විස්තර කර පාලනාධිකාරියට ඊ- මේල් එකක් යවන්න. එවැනි දෙයක් කළොත් පාලනාධිකාරිය එම අවංක සේවකයා ගැන පැහැදීමක් ඇතිකර ගනීවි.ඔහුගේ ඉදිරි උසස්වීම් වලදී මෙන්ම රැකියා කප්පාදුවකදී ඉන් ගැළවීමටත් ඔබේ ඊ-මේල් එක අවංක ඉන්දියානුවට වැදගත් වෙයි. (නි)

:       0       0

චරිත Tuesday, 15 September 2015 05:17 PM

මේ වගේ හොඳ දේවල් වලට අදහස් දාන්න කට්ටිය හරිම අඩුයි (නි)

:       0       0

කුමාර Tuesday, 15 September 2015 02:50 PM

අවංක කමට ආයුෂ වැඩිවේ.(හේ)

:       0       0

දසුන් Tuesday, 15 September 2015 02:46 PM

අරාබි රටකදි කවුරු හරි සතයක් හරි හොරෙන් අරගත්තොත් ජාතිය වර්ගය නොබලා දෙන්නේ අත කපනවා වගේ උපරිම දඬුවම්. ඒ හින්දා හොරකම් කොහොමත් අඩුයි. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site