ස්වයංක්‍රීය ගිනි අවියකින් නව හැවිරිදි දැරියකට වෙඩි තැබීමේ පුහුණුව ලබාදෙමින් සිටි ගිනි අවි පුහුණුකරුවෙකු එම දැරියගේ අතින් අවියේ පාලනය ගිලිහීම නිසා වෙඩිකා මියගොස් ඇති පුවතක් ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයෙන් වාර්තා වේ.
සිදුවීම සටහන්ව ඇති වීඩියෝ පටයකුත් ඇරිසෝනා පොලිසිය අන්තර්ජාලයට එක්කර තිබේ. එහි දැක්වෙන ආකාරයට පුහුණුකරු අවිය දැරියට ලබාදී එක් වරක් වෙඩි තබා පෙන්වන්නැයි කියයි.
ඇය එසේ කළ පසු ඔහු ‘‘හරි දැන් අපි එක පිට එක උණ්ඩ පිටවෙන විදියට අවිය සකස් කරමු.දැන් පුළුවන්ද බලන්න‘‘ යැයි පවසා අවිය දැරිය අතට දේ.
අනතුරුව වීඩියෝ ඇත්තේ වෙඩි පිට වෙඩි පිටවෙද්දී අවිය කෙලින් අල්ලාගෙන සිටිනු නොහැකිව දැරිය වම් පසට නොදැනුවත්වම හැරුණු ආකාරයත් වම් පස සිටිනා පුහුණුකරු ඇයගේ අතේම ඇති අවියෙන් වෙඩි කා බිම ඇද වැටෙන ආකාරයත් දැකගත හැකි විය.
ඔහුව වහාම රෝහල වෙත ගෙනයාමට පියවර ගෙන ඇත්තද ඒ වට විටත් හිසට වැදුණු උණ්ඩයක් නිසා ඔහු සිට ඇත්තේ මියගොස්ය.
මෙම පුහුණුකරු හිටපු හමුදා සෙබළෙකුද බව සදහන් අතර මෙවන් වැරදීමක් කෙසේ සිදුවූවේ දැයි සිතාගත නොහැකි බව ඔහුගේ මිතුරෝ කියති.
ඔහු සේවය කළ ආයතනයේ නම ‘‘බුලට්ස් ඇන්ඩ් බර්ගර්ස්‘‘ වේ. එහි වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙවැන්නකි.
‘‘අපගේ ආයතනයට පැමිණෙන්නන්ට ඕනෑම ආකාරයක අවියක් භාවිතා කරන්නට හැක. විශේෂයෙන් ඔබට ස්වයංක්‍රීය මැෂින් තුවක්කුවකින් වෙඩි තබා බැලීමට වුවමනා නම් ඒවාද අප සතුව ඇත.ඉතින් එන්න.ඇති පදම් වෙඩි තබන්න‘‘
ඇමරිකාවේ ගිනි අවියක් භාවිතා කරන්නට වයස අවුරුදු 18 ට වැඩිව තිබීම අනිවාර්ය වන මුත් කුඩා දරුවෙකුට වැඩිහිටියෙකු හෝ පුහුණුකරුවෙකු යටතේ හෝ අවි පුහුණුව ලැබීමට බාධාවක් නැත.
වසය අවුරුදු 9 ක දැරියකට අවි පුහුණුව ලබා දෙන්නේ කවර ආකාරයේ දෙමව්පියෝ දැයි කියා නම් සිතා බැලිය යුතු බව මෙම පුවත සම්බන්ධයෙන් අදහස් පළ කර තිබූ බොහෝ දෙනා සඳහන් කර තිබුණි.
කාගේදැයි පෙන්වා දිය නොහැකි වැරැද්දක් නිසා නිකරුණේ ජීවිතයක් අහිමිව ගොස් ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති
දිනුෂා කරුණාරත්න Thursday, 28 August 2014 11:08 AM
අනවබෝදයෙන් පුහුණු කිරීමක් .අවි පුහුණුව මනා සංයමයකින් කල යුත්තකි .එහෙත් බාලවයස්කරුවන්ට ...(අ)
සම්පත් පතිරණ Thursday, 28 August 2014 04:21 PM
අවි ගත්තෝ අවියෙන්ම නැසේ කිවුවාටට එක එහෙමම කියන්න බැහැ (අ)